පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අද (05) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 61 වන වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ යටතේ ඒ මහතා ඇමති කැබිනට් නොවන අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ලෙස තනතුරු රැසක් දරා තිබේ.

ඒ අනුව ඉඩම් සංවර්ධන හා සුළු අපනයන බෝග ඇමැති (2000 -2001) රජරට සහ ගංගානිම්න සංවර්ධන නියෝජ්‍ය ඇමැති (2004-2007) පොල් සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය (2007-2010) වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය(2010-2015)

වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වූ ඒ මහතා කුරුණෑගල මලියදේව සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙහි ආදී ශිෂ්‍යයකු වන අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *