දොස්තර සාෆිට වැඩේ වැරදිලා! වඳ කළ අම්මලා දෙදෙනෙක් ගැබ් අරන් !!
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සියාබ්දීන් සාෆි විසින් වඳභාවයට පත් කරන ලැදැයි පසුගිය දා පැමිණිලි කළ මව්වරුන්ගෙන් දෙදෙනකු මේ වන විට ගැබ්ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
අධිකරණ නියෝග මත මව්වරු වෛද්‍ය පරීක්ෂණයට යොමුකිරීම සදහා ඔවුන් අකමැතිවීමේ දී මෙම දැනුම් දීම සිදුකොට තිබේ. එම මව්වරුන් දෙදෙනාගෙන් නැවත කටඋත්තර ලබාගෙන නව තත්ත්වය අධිකරණයට වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකරමින් සිටින බව වාර්තා වෙයි.