සජිත් – මෛත්‍රී එක්ව ගහන ගේමක් සජිත් පිලේ ඩල්ජිත් හෙළිකරයි

සජිත් ප්‍රේමදාස මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව ගේමක් ගසන බවත් එයින් එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂනායකත්වයත්, අගමැති ධුරයත් , අරලියගහ මන්දිරයත් ඉදිරි දින කීපය ඇතුළත අහිමි වන බව සජිත් පිලේ ප්‍රබල ආධාරකරුවකු වන  මාතලේ හිටපු නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ මහතා පවසයි.

 ඔහු සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තු කල්තැබීමක් සමග මෙම දේශපාලන පෙරළිය සිදුවීමට ඉඩකඩ ඇත .

සජිත් ප්‍රේමදාස මහතා හා මෛත්‍රිපාල සිරිසේන මහතා එක් වීමට බොහෝදුරට ඉඩ ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.. ඒ මහතා මෙසේ පැවසුවේ මාතලේ දී මාධ්‍යෙවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *