ආණ්ඩුකාරවරු තිදෙනෙක් , රාජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

කීර්ති තෙන්නකෝන්, මෛත්‍රි ගුණරත්න, හේමාල් ගුණසේකර නව ආණ්ඩුකාරවරුන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදු වූ බව ද එම නිවේදනයේ සඳහන්ව ඇත.

කීර්ති තෙන්නකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද, මෛත්‍රි ගුණරත්න ඌව පළාත් ආණ්ඩුකාර වරයා ලෙස ද හේමාල් ගුණසේකර දකුණු පළා ආණ්ඩුකාරවරයා ලෙස ද දිවුරුමි දී තිබේ.

අද (5) නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දී දිවුරුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනෝමා ගමගේ මහත්මිය හා ලකී ජයවර්ධන මහතායි

අනෝමා ගමගේ දිවුරුම් දී ඇත්තේ ඛණිජ තෙල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙසයි. නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා දිවුරුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *