එජාප පසුපෙළ මන්ත්‍රීවරු රනිල් සජිත් සන්ධානයක් ඉල්ලති

අද (5) දින කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ තවත් පක්ෂ රැසක් එක්ව අත්සන් තැබීමට නියමිතව තිබූ අවබෝධතා ගිවිසුම දින නියමයක් නැතිව කල් තැබීමට තීරණය කර ඇති අතර එජාප පසුපෙළ මන්ත්‍රීන්ගේ ඉල්ලීම වී ඇත්තේ රනිල් සජිත් සන්ධානයෙන් යුතු අනාගත පාලනයකි .

1

නව සංධානයේ ව්‍යවස්ථාව හා සංයුතිය සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින් දා රැස් වු කෘත්‍යධිකාරි මණ්ඩලය මගින්එකඟතාවක් නොලැබුණි. ව්‍යවස්ථාව සංසෝධනය සඳහා තම අදහස් ඉදිරිපත් කිරීමට කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන්ට අවස්ථාව හිමිවුනි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිකණ්ඩායම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ රාත්‍රි අරලියගහ මන්දිරයේ දී සාකච්ඡාවක නිරත වී තිබේ.

එම රැස්වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතාගෙන් මාධ්‍ය අසන ලද ප්‍රශ්න හා ලැබුණු පිළිතුරු පහත දැක්වේ.

මාධ්‍ය – අද මොකද වුනේ?

තුෂාර ඉඳුනිල් – පසුපෙළ මන්ත්‍රිවරුන් හැටියටය අපට යම් යම් ගැටලු තිබුණා. අප අගමැතිතුමාට කිව්වා අපිත් එක්ක මේ වනවිට එකතුවෙලා ඉන්න කණ්ඩායම්, බලවේග සියල්ල එකතුකර ගෙන  සංධානයක් අත්සන් කරගෙනව මිසක් ඉහළගෙන ඉන්න කුඩේ නන කැඩී කැඩී යන සංධාන අත්සන් කරන්න එපා කියන එක. අපි කිව්වෙ ත්‍රිවීල් එකේ යන පක්ෂ නායකයින් එක්කෙනෙක් දෙන්නෙකුට යට වෙනවට වැඩිය හදිසි වෙන්නැතුව මේ කටයුත්ත කරමු කියලා.

මාධ්‍ය – ඔබ ඒ කියන්නෙ රාජිත සේනාරත්න, පාඨලී චම්පක රනවක මැතුමන්ලාද?

තුෂාර ඉඳුනිල් – සිංහල සමාජෙ කුඩා කුඩා පක්ෂවල නායකයින් එක්කාසු වෙලා සන්ධාන අත්සන් කරන්න බෑනෙ.

මාධ්‍ය – ඔබතුමාලා අපේක්ෂකයා විදිහට නම් කරන්නෙ එතකොට කවුද?

තුෂාර ඉඳුනිල් – මේ අවස්ථාවෙ තියෙන්නෙ අපේක්ෂකයා පිළිබඳ පක්ෂයක් නෙමෙයි. පක්ෂයේ ශක්තිය හා පෞර්ෂය ආරක්ෂා කරගැනීමේ ප්‍රශ්නයක්.

මාධ්‍ය – ඔබතුමාලගේ හිතේ තියෙන ජනාධිපති අපේක්ෂකයා, ඒ කියන්නේ සජිත් ව ජනාධිපති අපේක්ෂකයා විදිහට ගේන්න පුලුවන් වෙයි කියලා ඔබතුමන්ලා විශ්වාස කරනවද?

තුෂාර ඉඳුනිල් මහතා – අපිට අවශ්‍ය වෙන්නෙ සජිත් රනිල් සංකලයෙන් යුක්ත අනාගත පාලන ක්‍රමයක්.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *