ශ්‍රීලනිප බලපෑමෙන් මධ්‍යම දකුණ ආණ්ඩුකාරවරු ඉල්ලා අස්වෙයි

දකුණු පළාතේ ආණ්ඩුකාර ධුරය හෙබවූ රජිත් කිර්ති තෙන්නකෝන් මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය හෙබවූ මෛත්‍රී ගුණරත්න මහත්වරුන් සිය තනතරු වලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යවා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් නොසලකා හරිමින් තමන්ගේ ප්‍රතිරුප ගොඩනගා ගැනීමට මෙම ආණ්ඩුකාරවරුන් උත්සහ දරන බවට එම පාර්ශව වලින් චෝදනා එල්ල වීම නිසා මෙසේ තනතුරු වලින් ඉවත් වීමට ඔවුන්ට සිදුව ඇත.

රජිත් කිර්ති මහතා කැෆේ සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂ වරයා වන අතර මෛත්‍රී ගුණරත්න මහතා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායකයාය. පළාත් සභා වල නිල කාලය අවසන් වීමත් සමගම ආණ්ඩුකාරවරුනට පළාත් සභා වල බලය හිමිවීම නිසා ඔවුන් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන බවට පාර්ශව ගණනාවකින් මෙසේ චෝදනා එල්ලවී ඇත. මෛත්‍රී ගුණරත්න මහතා පවසා ඇත්තේ ජනාධිපති කාර්යාලයෙන් කල ඉල්ලීමකට අනුව තමන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *