පොදුජන පෙරමුණේ සංවිධායක ධුරයෙන් විදුර වික්‍රමනායක ඉවත්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොරණ ආසන  සංවිධායක දුරයෙන් විදුර වික්‍රමනායක මහතා  ඉවත් වී ඇති බව වාර්තා වෙයි . හොරණ නව සංවිධායක වරයා ලෙස හොරණ ප්‍රාදේශීය සභා සභාපති අසෝක රණතුංග මහතා පත් කරගනු ලබා ඇත . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොරණ ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ පැවති අවස්ථාවේදී විදුර වික්‍රමනායක මහතා තම ඉවත්වීම දැනුම් දී ඇත . නව සංවිධායකවරයා පත් කරගෙන ඇත්තේ වික්‍රමනායක මහතා කළ යෝජනාවකට අනුවය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *