සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට බරපතළ වැඩ ඇතිව වසර පහක සිර දඬුවමක්

This image has an empty alt attribute; its file name is 2019.08.02-Eraj-Fernando.jpg

එජාප මන්ත්‍රී පිරිසකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කළ බවට වූ චෝදනාවකට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා වැරදි කරු බව තීරණය කළ හම්බන්තොට මහාධිකරණය ඔහුට බරපතළ වැඩ ඇතිව වසර පහක සිර දඬුවමක් අද නියම කළේය.

හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපළ සඳහා විශාල මුදලක් වියදම් කොට සිදුකොට තිබු ඉදිකිරීම් හා ඒවායේ වානිජ කටයුතු නිරීක්ෂණය සදහා එහි ගිය එජාප මන්ත්‍රි කණ්ඩායමකට නගරාධිපති වරයා පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම එකල ආන්දෝලනාත්මක සිදුවීමක් වීය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ වු මෙම සිදුවීමට විශාල ප්‍රචාරයක් ද ලැබුණේ එම තර්ජනය කිරීමේ සිදුවීම මාධ්‍ය මගින් සජීවි ලෙස වාර්තාකිරීම නිසාය. ජනතා නියෝජිතයන් පිරිසකට කළ මෙම තර්ජනය ප්‍රජාතන්ත්‍රවාදයට කළ අභියෝගයක් ලෙස විවේචනයට ලක් විය.

හම්බන්තොට නගරාධිපතිවරයා පසුව කීවේ තමා රැගෙන ආවේ සෙල්ලම් පිස්තෝලයක් බවයි. මෙම කතාව නිසා ඔහුට සෙල්ලම් පිස්තෝල නගරාධිපති ලෙස නමක් ද පට බැඳුනි.

කෙසේ වෙතත් මෙම මැර ක්‍රියාවට මෙන්ම මැර නගරාධිපතිටත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අනුග්‍රහය හා ආරක්ෂාව දිගටම හිමිව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *