|

තාත්තට බැරි වුණාට මම ජනාධිපති වෙනවා – නවීන් දිසානායක

මේතාක් කලක් උඩරටින් ජනාධිපතිවරයෙක් බිහිවෙලා නැහැ. උඩරටින් බිහිවෙන්න සිටි ජනාධිපති මගේ තාත්තා ගාමිණි දිසානායක මහතායි. ඒ සිහිනය සැබෑ කරගන්න මම උත්සාහ ගන්නවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ කොත්මලේ නියම්ගම්දොර විහාරස්ථානයේ පැවැති උත්සවයක් අමතමිනි. තවදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේ ද පැවසීය.

උඩරටින් ඡන්දය අරගෙන පහත රට ජනාධිපතිවරුන් තමයි මෙතෙක් බිහි වුණේ. ඇතැම් ජනාධිපතිවරු උඩරට දිහා බැලුවෙ නැහැ. මගේ තාත්තාට උඩරටින් ජනාධිපති වෙන්න තිබුණා. ඒක බැරිවුණා. ඒ සිහිනය සැබෑ කරගන්න මම උත්සාහ කරනවා. හැබැයි ඉතින් ඒකට තව අවුරුදු දහයක්වත් ගතවේවි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *