තැටිය නිවුණාද ? – සී ජේ අමරතුංග .

‘‘අපිjghj තැටිය රත් කළේ රොටිය පුච්චාගන්න මිස ගිනි තපින්නට නොවේ. තැටිය රත්වුණ වෙලාවේ රොටිය පුච්චාගන්න  ඕනෑ’’යි අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් කී කතාව කලකට අමතක නොවන ප‍්‍රකාශයකි. එය තියුණු දේශපාලන විවේචනයකි. වචන සිය දහස් ගණනකින් විස්තර කළ යුතුව තිබූ දේශපාලන තත්ත්වයක් වචන කිහිපයකට හකුළුවා කාටත් තේරෙන ලෙස ඉදිරිපත් කිරීමට සෝභිත හිමියන්ට තිබුණේ විශිෂ්ට හැකියාවකි. එම වචන බොහෝ දෙනාගේ හදවත්වලට කාවැදුණු බවට සැකයක් නැත.

මාදුළුවාවේ සෝභිත හිමියන් ‘‘අපි තැටිය රත් කළා’’ යැයි කීවේ සාධාරණ සමාජයක් සඳහා  ජනමාධ්‍ය හා දේශපාලන බලවේග පෙළගස්වා සූදානම් කිරීමයි. එසේ කීමට උන්වහන්සේට සියලූ අයිතිවාසිකම් හා සුදුසුකම් තිබූ බව අවිවාදිතය. උන්වහන්සේගේ විවේචනයට ලක්වූයේ තැටිය රත්වූ මොහොතේ රොටිය පිච්චීම පසෙක තබා ගිනිතපිමින් සිටින උදවියයි. අලූතින් ඇතිකළ දේශපාලන පෙරැුළියෙන් තමන්ගේ සැපපහසුව සලසා ගැනීම මෙයින් අදහස් කළ බව පැහැදිලිය.

රොටිය පුච්චාගැනීම කියා සෝභිත හිමියන් කීවේ සාධාරණ සමාජයක් සඳහා අවශ්‍ය දේශපාලන ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවට නැඟීමය. ඒ සඳහා උන්වහන්සේ පෙනී සිටියේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වෙනුවෙනි. මැතිවරණ ක‍්‍රමය  වෙනස් කිරීම වෙනුවෙනි. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සඳහාය. ¥ෂණ හා ¥ෂිතයන් පිටුදැක අතීතයේ සිදුවූ ¥ෂණවලට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීම වෙනුවෙනි. මෙම අරමුණ අතරින් කිහිපයක් අඩවශයෙන් ඉටුවී ඇතත් එම ප‍්‍රතිසංස්කරණ සම්පූර්ණ කරගත නොහැකි විය.
සෝභිත ස්වාමීන්වහන්සේ දුටුවේ රොටිය පිච්චී ඇත්තේ බාගෙට බවයි. කන්නත් බැරිය. විසි කරන්නත් බැරිය. ‘‘අප කළ දෙයින් කිසිම වැඩක්වී නැතැ”යි උන්වහන්සේ ප‍්‍රකාශ කළේ දැඩි කලකිරීමෙනි. ”මින් පස්සේ නම්  කිසිම දේශපාලන වැඩකට මැදිහත්වන්නේ නැතැ”යි උන්වහන්සේ ප‍්‍රකාශ කළේ තමන්ගේ දැඩි  කලකිරීම හෙළිදරව් කරමිනි.

සෝභිත හිමියන්ගේ කලකිරීම

තමන්ගේ දැඩි කලකිරීම එසේ ප‍්‍රකාශ කළද මාදුළුවාවේ හිමිපාණන් අපවත් නොවී අප අතර සිටියා නම් රොටිය දැන්වත් හොඳින් පුච්චා ගැනීමට පෙරමුණ ගන්නා බවට සැක නැත. උන්වහන්සේගේ දේශපාලන මැදිහත්වීම් ගැන දන්නා බොහෝ දෙනා ඒ බව පිළිගන්නවා නිසැකය. එසේ වුවද දැන් සෝභිත ස්වාමීන්වහන්සේ අප අතර නැත. එය මෙරට සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින බලවේගවලට විශාල පාඩුවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

සෝභිත ස්වාමීන් වහන්සේ දේශපාලන පක්‍ෂයක හෝ පක්‍ෂග‍්‍රාහී ව්‍යාපාරයක හෝ සාමාජිකයකු හෝ කි‍්‍රයාකාරිකයකු හෝ ලෙස පෙනී නොසිටියහ. එසේ වුවද රටට අහිතකර යැයි පෙනී ගිය දේශපාලන තීන්දු, තීරණ, නීති රීති හා ව්‍යවස්ථාවලට එරෙහිව උන්වහන්සේ නිතරම පෙරමුණ ගත්හ. එම දේශපාලන තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ දැරූහ. උන්වහන්සේගේ එම ස්වාධීන දේශපාලන භූමිකාව බොහෝ දෙනාගේ ගෞරවයට පාත‍්‍ර වූ බව නොරහසකි.

අප රට තුළ සාධාරණ සමාජයක් බිහිවනු තම  ජීවිත කාලය තුළ දැකීම සෝභිත ස්වාමීන් වහන්සේගේ අභිලාෂය වූ බව පෙනෙන්නට තිබිණ. සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය  බිහිකිරීමට පුරෝගාමී වෙමින් උන්වහන්සේ උත්සාහ දැරුවේ එම අරමුණ වෙත ළඟාවන්නටය. අප කළ දෙයින් කිසිම වැඩක් වුණේ නැතැයි උන්වහන්සේ කලකිරීමෙන් ප‍්‍රකාශ කළේ උන්වහන්සේට එම ඉලක්කයට ළඟාවීමට නොහැකිවීම නිසා විය හැකිය. එසේ වුවද එම ව්‍යාපාරයේ බලපෑම එතරම්ම නොතකා හැරිය නොහැකි බව පැහැදිලි කාරණයකි. ඒකාධිපති රාජ්‍යයක් බවට පත්ව එහි උපරිමයට ගමන් කරමින් තිබූ මේ රටේ දේශපාලනය ආපසු හරවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම ආරම්භ කිරීමට හැකිවීම සුළුවෙන් තැකිය යුතු ජයග‍්‍රහණයක් නොවන බව බොහෝ දෙනා පිළිගනු ඇත.  එම ජයග‍්‍රහණ පිළිබඳ ගෞරවයේ ප‍්‍රධාන කොටසක් සෝභිත ස්වාමීන් වහන්සේට හිමිවිය යුතුමය. එමෙන්ම මෙම ගමන සම්පූර්ණ ජයග‍්‍රහණයක් කරා ගෙනයාම මගින් සෝභිත ස්වාමීන්වහන්සේ පැතූ දේශය ගොඩනැඟීමට තවමත් ඉඩකඩ විවෘතව ඇති බවද පැහැදිලිය.

මේ රටේ සාධාරණ සමාජයක් ගොඩනැඟීම සඳහා පෙරමුණගත් සෝභිත හිමියන්ට එම අරමුණට ළඟාවීම සඳහා රටේ කි‍්‍රයාත්මක ප‍්‍රධාන දේශපාලන ව්‍යාපාර සමඟද යම් ගනුදෙනුවකට යාමට සිදුවිය. එහිදී දේශපාලනයට පිටතින් සිටින පිරිසකට කළ හැකි දේ හා නොහැකි දේ සම්බන්ධයෙන් දේශපාලන බලවේග මගින් ඉටුකරගත යුතු දේ සම්බන්ධයෙන් ද සෝභිත හිමියන්ගේ අවධානය යොමුවී තිබිණ. උන්වහන්සේගේත්. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේත් සැලසුම් හා කි‍්‍රයාමාර්ග සැලසුම්කොට තිබුණේ ඒ අනුව බව පෙන

සටන් පාඨ තෝරා ගැනීම

සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ පළමු කාර්යය වූයේ අවශ්‍ය සටන් පාඨ තෝරා ගැනීමයි. කලක් තිස්සේ රටේ සිදුව තිබූ දේශපාලන සංවාදය ඒ සඳහා පිටිවහලක්වී තිබිණ. ඒ අනුව තෝරාගත් පළමු සටන් පාඨය නම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. එමගින් පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයකට මඟ පෑදීම  හොඳම විසඳුම  ලෙස තෝරාගෙන තිබිණි. මනාප ඡුන්ද ක‍්‍රමය සහිත සමානුපාත මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම දෙවැනි වැදගත් ප‍්‍රතිසංස්කරණ යෝජනාවයි. ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම හා ¥ෂණය පිටුදැකීම ආදිය සෙසු සටන්පාඨ ලෙස තෝරාගෙන තිබිණ.

මෙම ව්‍යාපාරයේ ඊළඟ කාර්යභාරය වූයේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවට නැඟීමේ උපක‍්‍රම තෝරා ගැනීමයි. පළමුව ඔවුන් කළේ තමාගේ වැඩ පිළිවෙළ රටේ සියලූ පක්‍ෂවලට ඉදිරිපත් කිරීමයි. එවකට බලයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයට ද ඔවුන් කීවේ මෙම වැඩ පිළිවෙළ කි‍්‍රයාවට නැඟිමට ඉදිරිපත් වන ලෙසයි. එසේ ඉල්ලීම් කළද සන්ධානය  තම වැඩපිළිවෙළ නොපිළිගන්නා බව සෝභිත හිමියන් මෙන්ම සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයද දැන සිටින්නට ඇත. එබැවින් කළ යුතුව තිබුණේ විකල්ප කි‍්‍රයාමාර්ග ඉදිරිපත් කිරීමයි.

සෝභිත හිමියන්ගේ සැලසුම

කවුරුන් පොදු අපේක්‍ෂකයා වුවද කි‍්‍රයාවට නැඟිය යුතු වැඩ පිළිවෙළක් ද සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයෙන් සකස් කොට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව පොදු අපේක්‍ෂකයා ජනාධිපති  විය යුත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නටය. එය පවතින පාර්ලිමේන්තුවෙන්ම  කළ යුතු බව  හා කළ හැකි බවද විශ්වාස කෙරිණ. විපක්‍ෂයේ අපේක්‍ෂකයකු ජනාධිපතිවූ විට එම තනතුරේ බලය අහෝසි කරන්නට පාර්ලිමේන්තුවේ බහුතරය වූ සන්ධානයේ සහය ලැබෙනු ඇතැයි යන උපකල්පනය මත මෙම සැලසුම් හැ¥ බව පෙනෙන්නට තිබේ.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමත් සමග මැතිවරණ ක‍්‍රමයද වෙනස්කොට මාස හයක් මත මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත්කරගැනීම ඒ මොහොතේ සකස් කළ උපක‍්‍රමික වැඩ සටහනයි. පසුව මාස හයක කාලය දින සියයකට අඩුකොට කි‍්‍රයාවට නැඟීමට උත්සාහ කළේ එම සැලසුමයි. ඒ සියල්ල ඒ ආකාරයෙන් සිදු නොවුණද වත්මන් දේශපාලන බල පෙරැුළිය සඳහා මග පෙන්වූ සැලසුමේ නියමුවා මාදුළුවේ සෝභිත හිිමිපාණන් කිවහොත් වරදක් නැත්තේ මේ සියල්ල සැලසුම් කළේ උන්වහන්සේගේ මඟපෙන්වීමෙන් නිසාය.
එසේ වුවද මෙම දේශපාලන සැලසුම සකස් කිරීමේදී මෙරට දේශපාලනඥයන් හා දේශපාලන බලවේග කි‍්‍රයාත්මක වන ආකාරය ගැන නිවැරැුදි අවබෝධයක් සෝභිත හිමියන් සහ ඔහු සමග සිටි කණ්ඩායමට තිබුණේ ද යන්න සැක සහිතය. එයින් මෙම වැඩසටහන පීළිපැන්නා විය හැකිය. එසේත් නැත්නම් පසුව වූ බලාපොරොත්තු නොවූ සිදුවීම් මගින් සැලසුමේ කි‍්‍රයාමාර්ග විකෘති කරනු ලැබීය. අවසන් කාලයේ සෝභිත හිමියන්ගේ කලකිරීමට හේතුවූ එම සිදුවීමද තේරුම් ගැනීම වැදගත්ය.

අවසන් මොහොතේ ආ මෛත්‍රී

ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් වූයේ අවසන් මොහොතේය. ඒ අවස්ථාවේදී එය බොහෝ දෙනාට ආශ්වාදජනක සිදුවීමක් විය. ඒ සමගම පෙනී ගියේ ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයාගේ ජයග‍්‍රහණය ස්ථිර වූ බවකි. ඒ අනුව පෙළගැසෙන්නට සියලූ බලවේග ඉදිරිපත් වීය.

තමන් ජනාධිපති වුවද එම තනතුරේ බලතල කි‍්‍රයාත්මක නොකරන බව මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. අගමැතිවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා පත්කරන බවද ඒ මහතා පොරොන්දු වූයේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මඟිනි. දින සියයක් තුළ පාර්ලිමේන්තුවට බලය පවරා මහ මැතිවරණයක් පැවැත්වීම ඒ මොහොතේ පිළිගත් උපාය මාර්ගය වී තිබිණ. ජනාධිපති ක‍්‍රමය අහෝසි කළද මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නිල කාලයට පමණක් ඇතැම් බලතල පවත්වාගෙන යාමට ද එකඟත්වයක් ඇතිවිය. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන  මහතා ජනාධිපතිවරයා ජයගන්නා   විට පැවති තත්ත්වය එයයි. ඒ වනවිට ජනාධිපතිවරයා සිටියේ ශි‍්‍රලනිපයෙන් හා සන්ධානයෙන් ඉවත් වූවකුගේ තත්ත්වයෙනි.

“අප්පච්චි මලා”

මෛතී‍්‍රපාල සිරිසේන මහතා  ජනාධිපතිවරයා ලෙස පත්වී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් හවුල් ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවද ඒවනවිටත් පාර්ලිමේන්තුවේ බහුතරය  වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා සමග සිටි සන්ධාන කණ්ඩායමයි. එයින් යම් පිරිසක් ”අප්පච්චි මළා” කියමින් නව රජය සමඟ අත්වැල් බැඳගැනීමට සූදානම් බවක් පෙන්නුම් කළේය. අනෙක් බහුතරය සිටියේ ආණ්ඩුවේ වැඩ කටයුතු අවුල් කිරීමට සූදානමින්ය. සෝභිත හිමියන් සිතූ ලෙස ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට සහාය දීමට බහුතරය එකඟවූ බවක් පෙනෙන්නට නොතිබිණි.

සියලූ දේ උඩුයටිකුරු කළ තීරණාත්මක සිදුවීම වූයේ ඒ මොහොතේදීය. එය නම් ශ්‍රී ලංකා නිදහස්පක්‍ෂයේ නායකත්වය ගැනීමට මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ආරාධනා ලැබීම හා ඒ මහතා එය පිළිගැනීමයි.

ඒ වනවිටත් වර්ධනයවී තිබූ තවත් දේශපාලන වර්ධනයක්ද අමතක කළ නොහැකිය. එනම් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වටා එකතුවී සිටි පිරිස නව බලකේන්ද්‍රයක් නිර්මාණය කිරීමය. ජනාධිපති බලය තම දේශපාලන බල ව්‍යාපෘතිය ගොඩනඟාගත්  එම පිරිසගේ පැවැත්මට ජනාධිපති බලය යම් පමණකට හෝ දිගටම තබාගැනීමට අවශ්‍ය වී තිබිණි. ඒ නිසාම ශි‍්‍රලනිපයේ නායකත්වය භාර ගැනීමේ ආරාධනය පිළිගැනීමට ජනාධිපතිවරයාට පෙළඹීමක්ද සිදුවූ බව පෙනෙන්නට තිබිණි.

ජනාධිපතිගේ වෙනස්වීම

කෙසේ වෙතත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශි‍්‍රලනිපයේ නායකත්වය භාර ගැනීමෙන් පසුව ඇතිවූයේ වෙනත් දේශපාලන තත්ත්වයකි.  එවිට ශි‍්‍රලනිපයේත් සන්ධානයේත් බහුතරයකට අවශ්‍ය බව පෙනී ගියේ ජනාධිපති බලය මුළුමනින්ම  නොවේ නම් යම් ප‍්‍රමාණයකට රැුකගැනීමටය. එම බලය දුර්වල කිරීමට දැරූ සෑම උත්සාහයකටම විරුද්ධවීමටය. දහනව වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වූ කඹඇදිලි පිටුපස දකින්නට ලැබුණේ එම අරගලයයි. තමන් දුන් පොරොන්දු ඉටුකරන බව පෙන්වීමට ජනාධිපතිවරයාට තිබූ උනන්දුව නිසාම නොවේ නම් එම සංශෝධනය පවා සම්මත නොවන්නට ඉඩ තිබිණ.

සෝභිත හිමියන් ප‍්‍රමුඛත්වය දුන් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම සිදුවූයේ අල්ප වශයෙනි. මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සිදුවූයේම නැත. ¥ෂණ පිටුදැකීමේ සටන තිබියදී දක්නට ලැබුණේ ¥ෂණ චෝදනා  ලැබූවන්ට, කුඩුකාරයන්ට හා එතනෝල් කාරයන්ට ද  තනතුරු ලැබුණු බවකි. ඒ සියල්ල සිදුවූයේ දේශපාලන බලය  වර්ධනය කරගැනීම සඳහාය.

¥ෂණ පිටුදැකීම වෙනුවට දැන් චෝදනා එල්ලවන්නේ ¥ෂිතයන් රකින බවටය. මහා පරිමාණ ¥ෂණ ගැන චෝදනා කිසිවක් ඔප්පුවී නැත. දැන් සිදුවන්නේ සිල්ලර මට්ටමේ ගනුදෙනු සම්බන්ධ පරීක්‍ෂණ බව පෙනෙන්නට ඇත.

රොටිය පුච්චන ක්‍රමය

දැන් මේ සියලූ දේ සම්පූර්ණ කර ගැනීම සඳහා ඇති එකම බලාපොරොත්තුව නම් වසර දෙකකට කි‍්‍රයාත්මක වන සමගි සන්ධාන ආණ්ඩුවයි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම එහි ප‍්‍රධාන කාර්යයකි. රොටිය හරියටම පුච්චා ගන්නට හැකි වන්නේ එම අරමුණ සපුරා ගතහොත් පමණකි. ඒ අතරවාරයේ තවත් ප‍්‍රතිසංස්කරණ බොහොමයක් සිදුකළ යුතුව ඇත.

මේ සියල්ල ඉටුකර ගැනීමට නම් ප‍්‍රධාන පක්‍ෂ දෙක අතර පවතින මෙම සන්ධානය දිගටම පැවතිය  යුතු අතර එය තම තමන්ගේ පක්‍ෂවල වුවමනාවන්ට ඉහළින් රටේ අවශ්‍යතාව වෙනුවෙන් කි‍්‍රයාත්මක විය යුතුව ඇත. ඒ සඳහා පක්‍ෂවල අවශ්‍යතා යටපත් කරන්නට දේශපාලන
නායකයන්ට හැකියාව  තිබිය යුතුය.

සෝභිත හිමියන් අපවත්වී ඇති මේ මොහොතේ රටේ පවතින්නේ ද්විත්ව බලයකි. රට පාලනය කරන්නේ නායකයන් දෙදෙනකු විසිනි. අගමැති ප‍්‍රමුඛ ආණ්ඩුව රට පාලනය කරන බව වරෙක පෙනී යන අතර තවත් වරෙක පෙනෙන්නේ ජනාධිපතිවරයා රට පාලනය කරන බවකි.

එක්ව යාමේ සීමාව

එක්සත් ජාතික පක්‍ෂය දේශපාලන බල අරගලයෙන් ඉදිරියට ගැනීම අගමැතිවරයාගේ වුවමනාව බවට සැක නැත. එමෙන්ම ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ තම නායකත්වය යටතේ ශ්‍රීලනිපය යළි බලයට ගෙනඑන්නටය. මෙම නායකයන් දෙදෙනාට එක්ව කි‍්‍රයාකරන්නට හැකි වන්නේ ඉහත කී වුවමනා සමඟ නොගැටෙන තාක් පමණකි.

මේ මොහොතේ අවශ්‍ය වන්නේ ප‍්‍රධාන පක්‍ෂවල දේශපාලන වුවමනා යටපත් කරමින් රටේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවට නඟාගැනීම සඳහා වූ ව්‍යාපාරයකි. එනම්  තැටිය දිගටම රත් කරමින් රොටිය පුච්චා ගැනීමට කි‍්‍රයා කරන ව්‍යාපාරයකි. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට කළ හැකි ලොකුම උපහාරය නම් මෙම අරමුණ ජයගැනීමය. අද අපට කි‍්‍රයාත්මකවීමට තිබෙන්නේත් ඒ සඳහාය.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *