ඇවන් ගාඩ් තීන්දුව ගැන රාජිත විජේදාස වලියක –

ඇවන් ගාඩ් සමාගමේ ව්‍යාපාරික කටයුතු පවරා ගැනීමට ජනාධිපතිවරයා සමග සාකච්චාවේදී තීරණය වූ බවට රජත සේනාරත්න ඇමතිවරයා කියන කතාව බොරු බව විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කියයි . රාජිත කියන්නේ විජයදාස ඇමතිවරයා සාකච්චාවේදී කිසිවක් නොකියා දැන් දොඩවන බවයි .

රාජපක්ෂ මහතා මද්යයට කියා ඇත්තේ ඇවන් ගාඩ් ගිවිසුම් අවලංගු කිරීමට නම් එහි නීතිමය තත්ත්වය විමසා බැලිය යුතු බවයි .එමෙන්ම මෙම ව්‍යාපාරයට ඇවන් ගාඩ් සම්බන්ද කර ගත්තේ නාවික හමුදාව මෙය කරන්නට ගොස් වැඩ වරද්දා ගත් පසුව බවද ඒ මහතා කියා ඇත .ආරක්ෂක හමුදාවකට මුදල් ඉපයීමේ ව්‍යාපාර කිරීමට නීතියෙන් අවසර නැති බවත් එසේ කරන්නේ නම් ඒ සදහා නාවික හමුදා පනතද වෙනස් කළ යුතු බවද විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත .

රජත සේනාරත්න ඇමතිවරයා කියන්නේ ඇවන් ගාඩ් සමාගම කළ නීති විරෝදී කටයුතු ගණනාවක් හෙළිවී අත්ප බව හා මාලා දිවයිනේ කුමන්ත්රනයටද ඔවුන් සම්බන්ද බවයි . යුද 59ක අංක වෙනස් කර ඇති බව හෙළිවූ බවද රාජිත ඇමතිවරයා කියයි . එසේ තිබියදී ඇවන් ගාඩ් අධිපතිවරයා අත් අඩංගුවට නොගැනීම ගැන තමන් ලජ්ජා වන බවද ඒ මහතා ප්‍රකාශ කොට තිබිණි .

ඇවන් ගාඩ් සමාගම ප්‍රකාශ කොට ඇත්තේ මෙම අවි කිසිවක් තමන් සතු හෝ තමන් භාරයේ නොවූ බවයි . ඒ සියල්ල රක්නා ලංකා සමාගම භාරයේ තිබූ හා ශ්‍රී ලංකා රජයට අයත් අවි බව ඔවුන් ප්‍රකාශ කොට තිබිණි .ඒ අනුව යම් වරදක් සිදුව ඇත්නම් අත් අඩංගුවට ගත යුත්තේ එම අවි භාරව සිටි රජයේ නිලධාරීන්ය යන්න සමාගමේ ස්ථාවරය බව දැනගන්නට ඇත .

මෙම අවි මේ කියන ව්‍යාපාරය සදහා ලබාදීමට පදනම කුමක්ද යන්න ගැන හෝ එයට වගකිව යුත්තේ කවුද යන්න ගැන පරීක්ෂණ සිදුවන බවක් තවමත් පෙනෙන්නට නැත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *