ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව කිසිම කෙනෙකුට ආණ්ඩුවක් පිහිටුවන්න බෑ – කුමාර වෙල්ගම

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව ක්‍රියාකාරීව කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසයි. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළොන්නාවේ කාර්යාලය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව පක්ෂ කාර්යාලය විවෘත කිරීම පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේදී සිදු කෙරිණි. මේ අවස්ථාවට කුමාර වෙල්ගම, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර ඇතුළු පක්ෂ ප්‍රබලයින් රැසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා ජාතික ආණ්ඩුවකට යනකොට මම එළියට බැස්සා. එදා ජාතික ආණ්ඩුව දෙදරලා ගියාට පස්සෙ නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන බව මම කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැවතත් ක්‍රියාකාරීව වැඩ කරන්න ඕනැ කියලා හිතාගෙන තමයි මම අවේ.

මම පොහොට්ටුව හදන්න හුඟක් මහන්සිවෙච්ච කෙනෙක්. මම හිතන්නෙ බැසිල් රාජපක්ෂ මහත්තයයි මමයි තමයි ඉස්සර වෙලාම පටන්ගත්තෙ. එත් පොහොට්ටුවේ සාමාජිකත්වය මම ගත්තෙ නෑ. ඒ ගත්ත අය අද රැකිලා ඉන්නෙ අති ගරු ජනාධිපතිතුමා සහ මහින්ද අමරවීර මහත්තයට පින්සිද්ද වෙන්න කියන එක මම මේ අවස්ථාවෙදි කියන්න ඕනැ. එතුමා විරුද්ධව හිටිය නම් අද මන්ත්‍රිවරු නෑ. ඒක කාටවත් බොරුයි කියලා කියන්න බෑ.

දැන් ඔක්කොම කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගොඩ එන්න බෑ කියලා. ඒ වුණාට මම තමුන්නාසේලාට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව කිසිම කෙනෙකුට ආණ්ඩුවක් පිහිටුවන්න බෑ කියන එක. දැන් මම විතරක් නෙවෙයි තව ටික දවසක් යනකොට තව කීදෙනෙක් එනවද කියල බලන්න. තවත් ඉස්සරහට යනකොට තවත් හොඳ දැවැන්තයො ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා එක්කාසු වෙනවා කියන එක මම තමුන්නාසේලාට කියනවා. මම මීට වැඩිය හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙට කියලා මම කියන්නෙ නෑ. මොකද මගෙ කැරැට්ටුව එච්චර හොඳ නෑ.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *