ජනතාවගෙන් මම ඉල්ලන්නෙ මිනිසුන්ගෙ ප‍්‍රශ්න ගැන මීට වැඩිය සංවේදි වෙන්න – සන්ධ්‍යා එක්නැලිගොඩ –

ඔබගේ ආදරණීය imagesසැමියා ප‍්‍රගීත් එක්නැලිගොඩ ව මෙතෙක් හැඳින්වූයේ අතුරුදහන් වූ පුද්ගලයෙක් ලෙසයි. දැනට කෙරන පරීක්‍ෂණ අනුව පෙනෙන කරුණක් තමයි ඔහු ජීවතුන් අතර සිටීමට ඉඩක් නෑ කියන එක. එය දැනගත් පසු ඔබට දැනුණ හැ`ගීම කොයි වගේද?

මුලූ ලෝකයම කියන්නේ ප‍්‍රගීන් නෑ කියල. පරීක්‍ෂණ කණ්ඩායම් කියනව. මාධ්‍යවල ඒ ගැන පළවෙනව. විවිධ තැන්වල ප‍්‍රකාශ වෙනව. ඒත් ප‍්‍රගීත්ට මොකක්ද වුනේ කියන එක නීත්‍යානුකූලව එළියට ඇවිත් නෑ. ප‍්‍රගීත් මැරුණනම් ප‍්‍රගීත්ගෙ මළ සිරුර දකින්නෙ නැතුව මම කොහොමද විශ්වාස කරන්නෙ ප‍්‍රගීත් ජීවතුන් අතර නෑ කියල. මගෙ විශ්වාසය තියෙන්නෙ, මගේ ඇදහිල්ල තියෙන්නෙ, මම හැමදාම උදේට ප‍්‍රාර්ථනා කරන්නෙ ප‍්‍රගීත් කොහෙ හරි ජීවත්වෙනව, ඔහුට කරදරයක් නැතිව එන්න ලැබෙන්න කියලයි. මම ප‍්‍රගීත් එක්ක මගෙ හදවතින් කතා කරනව. ඒක තමයි මගේ ජීවිතය. මට කොහොමත් බෑ ප‍්‍රගීන් නෑ කියන එක හිතන්න, ප‍්‍රගීත්ගෙ මිනිය නොදැක.

ඔබගේ තිබෙන බැඳීම් තුළ, ආදරය තුළ, අවශ්‍ය රැුකවරණය තුළ ඔබට එහෙම සිතුවිල්ලක් ඇතිවීම සාධාරණයි. එහෙත් දැනට කෙරීගෙන යන පරීක්‍ෂණ ප‍්‍රතිඵල අනුව අපිට හැ`ගීමක් ඇති වෙනව නේද මේ වන විට ප‍්‍රගීත් ජීවතුන් අතර ඉන්න විදිහක් නෑ කියල. මේ පරීක්‍ෂණ ඉදිරියට ගෙනියන්නත් ප‍්‍රගීත් ජීවතුන් අතර නැති බව පිළිගන්න වෙනව නේද?

මම කිව්වේ මම ප‍්‍රගිත්ගෙ බිරිඳ වශයෙන් දරු දෙදෙනකුගේ මවක් වශයෙන් මට දැනෙන දේ. එහෙත් පරීක්‍ෂණවලදී, මොනවද කළයුතු දේ, මොනවද ඒ සඳහා මගෙන් වියයුත්තෙ ඒව මම කරනව. ඒ වගේම පරීක්‍ෂණ කිරීම සඳහා කරන ඉල්ලීම, බලපෑම මම දිගටම කරගෙන යනව. ප‍්‍රගීත්ට යුක්තිය ඉෂ්ට කිරීමේ ක‍්‍රමවේදයක තමයි නිරන්තරයෙන්ම මම ඉන්නෙ.

ඔබට විශ්වාසයක් තියනවද දැනට කෙරෙන පරීක්‍ෂණ අවසාන තීන්දුවක් දක්වා බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකෙරයි කියල.

පැහැදිලිවම බාධා තියනව. ප‍්‍රගීත්ව පැහැරගෙන යන්නෙ. වද හිංසා කරන්නෙ, ඝාතනය කෙරුවනම් ඝාතනය කරන්නෙ, මහින්ද රාජපක්‍ෂ රෙජීමය යටතෙ, ගෝඨාභයගෙ අනදීම යටතේ, ලංකාවේ යුද හමුදාව. යුද හමුදාවේ ඉහළ නිලධාරීන් මෙම සිද්ධියට සම්බන්ධයි කියල අත්අඩංගුවට අරගෙන, පරීක්‍ෂණ පවත්වන අතර ඔවුන් රිමාන්ඞ් බන්ධනාගාර ගත කර තියනව. මේ පිරිස බේරා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂ ක‍්‍රියාත්ම වෙනව.

මේ රටේ දේශපාලඥයන්ට ගෝඨාභය රාජපක්‍ෂ ළ`ගයි,  අපිට වැඩිය. ඒ අය අතර සමාජයට පෙන්න මොනතරම් විරසක තිබුණත්, අපිට පාළකයන්ට ළ`ගාවෙනවට වැඩිය ඔවුන්ට පාළකයන්ට ළ`ගාවෙන්න හැකියාව තියෙනව. ඔවුන් පාළකයන්ට සමීපයි. ඒ අනුව බලපෑම් කිරීමේ හැකියාවක් තියනව. අපේ කැපවීම, ජනතාව අවධියෙන් සිටීම නිසා තමයි මේ පරීක්‍ෂණවල අවසානයක් දකින්න පුළුවන් වෙන්නෙ. අහවල් දවසෙ මෙම පරීක්‍ෂණ ඉවරවෙයි කියල සියයට සීයක් විශ්වාස කරන්න බෑ.

මේ සිදුවීම් වෙන්නෙ මහින්ද රාජපක්‍ෂ යුගයේදී. ඉන්පසු පැවති මැතිවරණ වලින් පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වශයෙන් බලයට පත්වෙනව. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් නිර්මාණය වෙනව. එහෙම නොවී මහින්ද රාජපක්‍ෂ මහතා ම නැවතත් බලයට ආවනම් ඇති වන තත්ත්වය කුමක්ද?

සමහරවිට මෙහෙම කතා කරන්න මම ජීවතුන් අතර නැතිවෙන්න පුළුවන්. ඒ වෙනකොටත් මට ජීවත් වෙන්න පුළුවන්කම තිබුණෙ මේ ප‍්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙනිහිල්ල තිබුණ නිසා. මහින්ද රාජපක්‍ෂ එළවීම සඳහා අපිත්, පොදු ජනතාවත් ක‍්‍රියාත්මක වුනේ නැත්නම්. මහින්ද යළිත් බලට ආවනම්,  සිදුවෙන දේ වත්මන් ජනාධිපතිවරයා කිව්වා. එමෙ වුණානම්, ඔහුත් ඉන්නේ අඩි 6 ක් පොළොව යටනම් අපි ගැන කියන්න දෙයක් නෑ නේද?

විදේශ තානාපති කාර්යාලයකින් ඔබතුමියට දරු දෙදෙනාටත් විදේශ ගතවෙන්න විසා හා අනෙකුත් පහසුකම් සැලසුවහොත්, එය පිළිගෙන මේ රට දාලා යනවද? නැත්නම් දිගටම මේ රටේ ඉන්නවද? දැනට එහෙම ආරාධනා කරන තියනවද?

දැනට කවුරුවත් මට එහෙම ආරාධනා කරල නැහැ. පැහැදිලිවම මම මේ රට දාල යන්නෙ නෑ. මම බලාපොරොත්තුවන යුක්තිය ඉෂ්ඨ වෙනතුරු මම මේ රට දාලා යන්නෙ නෑ.

වරක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා කියනව, ඔබේ සැමියා විදේශ රටක ජීවත් වෙනවා ඔහු දැක්ක කියල. ඔබ ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස පවරන ලද නඩුවේ තත්ත්වය කුමක්ද?

මම අරුන්දික ප‍්‍රනාන්දු මහත්තයට විරුද්ධව නෙමේ නඩුවක් පැවරුවෙ. ඒ වෙනකොට තිබුණ හෙබයාස්කෝප් නඩුවක සාක්‍ෂිකරුවෙක් විදිහට තමයි ඒ මහතාව කැඳෙව්වෙ. ඒ මහතා උසාවියෙදි, එතුමාගේ සාක්‍ෂියෙදි කියා සිටියේ, ‘මගෙ හොඳම යාලූවෙක් මංජුල වෙඩිවර්ධන, මම ප‍්‍රංශයට ගිය වෙලාවකදි එයා හම්බවුණා. ඒ වෙලාවෙදි එතන හිටිය මනුස්සයෙක්ව පෙන්නල මංජුල කිව්වා, අර ඉන්නෙ ප‍්‍රගීත් එක්නැලිගොඩ’ කියලයි කිව්වෙ.

ඔබ මංජුලගෙන් මේ ගැන ඇහුවෙ නැද්ද?

මම ඇහුවා. ඒ විතරක් නෙමෙයි අරුන්දික ප‍්‍රනාන්දු මහතා සහභාගීවූ සජීව වැඩසටහනකදී මංජුල දුරකථනය ඔස්සේ සහභාගිවෙලා කිව්වා,  ‘අරුන්දික කියනනෙ බොරුවක්. මට කවදාවත් ප‍්‍රංශෙදි අරුන්දික හම්බවෙලා නෑ. එයාලා කටින් නෙමෙයි කතාකරන්නෙ. එයාලට කතාකරන්න වෙන තැන් තියනව’ කියල.

අරුන්දික ප‍්‍රනාන්දු පරීක්‍ෂණ නොමග යැවීමට උත්සහ කෙරුව කියල නීතිය හමුවට යන්න ප‍්‍රතිපාදන නැද්ද?
මම තවම ඒ ගැන ක‍්‍රියාමාර්ගයකට යොමු වුනේ නැහැ. අපිට යම් දෙයක් කරන්න පුළුවන් වෙන්නෙ, ඔහු මාධ්‍යයට කළ ප‍්‍රකාශය වෙනුවෙන් විතරයි. පාර්ලිමේන්තුවෙදි කරන ප‍්‍රකාශවලට විරුද්ධව අපේ රටේ නීතිය අනුව ක‍්‍රියාමාර්ග ගන්න බෑ. ඔවුන් එහෙම කතා කරන්නෙ පාර්ලිමේන්තු වරප‍්‍රාසාදවලට මුවාවෙලයි.

මෙම සිද්ධි මාලාවෙදි හිත් වේදනා, දුක, කණගාටුව පමණක් නෙමයි, ආර්ථික අපහසුකනුත් තමන් සම`ග ඉන්නව. ඔබ සැමියාගෙන් වියෝවෙන් පසුව ඒවාට මුහුණ දුන්නෙ කොහොමද?

පහු ගිය කාලෙ මම ජීවත් වුණේ බත් පැකට් හදල. මේ අතර මට නීතිඥ උපුල් ජයසූරිය මහතා ලොකු උදව්වක් කෙරුව. ඒක මට පහුගිය කාලය පුරාම හයියක් වුණා. පහු ගිය කාලෙ දේශපාලන වැඩ නිසා මට මගේ බත් පැකට් ව්‍යාපාර කරගන්න බැරි වුණා. මම නැවතත් බත් පැකට් හදලා තමයි දරුවන් දෙන්න හා මම ජීවත් වෙන්නෙ. ඒක තමයි මට තියන ආදායම.

මේ රටේ මාධ්‍යවේදීන් රැුසක් මහින්ද රාජපක්‍ෂ රජය විවේචනය කෙරුව. ඒ අතරින් ඔබේ සැමියා අතුරුදහන් කිරීමට සිදුවූ ආසන්නම සිද්ධිය කුමක්ද?

මම හිතන විදිහට ඔවුන් ප‍්‍රගීත්ව ගෙනිහිල්ල ප‍්‍රශ්න කළේ, මහින්ද රාජපක්‍ෂ පවුල් ගහ කියන පොත සඳහා සම්පාදනය කරපු ලියවිලි කියලයි. ඒ වන විට ජෙනරල් සරත් ෆොන්සේකා වෙනුවෙනුත් යම් වැඩකොටසක් කරමින් හිටියා. ඒකත් ප‍්‍රගීත්ට මේ ඉරණමට මුහුණ දෙන්න හේතු වුණා කියලයි දැනගන්න තියෙන්නෙ.

ඔබගේ දරුවන් දෙන්නාගේ අධ්‍යාපන කටයුතු ඇතළු අනෙකුත් වියපැහැදම් කරන්නෙ කොහොමද? ඔවුන් දැන් මොකද කරනනෙ?

දැන් මම ගොඩක් මානසිකව වැටිල තියනව. ලොකු පුතා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ පාඨමාලාවක් කරනව. ඒකට අවශ්‍ය ගාස්තු ගෙවන්න කියල ලිපියක් එවල තියනව. ඒක කරන්න බැරි වුණොත් ඒයාට නවතින්න සිද්ධවෙන්න ඉඩ තියනව. අනිත් පුතා උසස් පෙළ කරනව. ඒකට අවස්ථාව උදාකරල දුන්නෙ මෝහාන් ලාල් ගේ‍්‍රරෝ මහතා. පුතාල දෙන්නටම ඒ ලෙවෙල් කරන්න එතුමා අවස්ථාව හදල දුන්නා. ඒක මට හම්බවෙච්ච ලොකු සහනයක්.

ඔබට මේ වන විට නිහසේ ජීවත්වීමට වාතාවරණයක් තියවද? නැත්නම් බලපෑම් තියනවද?

ළ`ගකදි ඉඳල මට යම් යම් බලපෑම් තියනව. රාජගිරියෙ ගෑනු කෙනෙක් කෝල් එකක් දීල මම ඉන්න තැන ගැන දිගින් දිගටම ඇහුව. එයා ආමි ඒකේ නිලධාරියෙක්ගෙ වයිෆ් කියලයි හඳුන්වල දුන්නෙ. ඒ කෝල් එක ආවදාට පහුවදා මගේ ගෙවල් අවට සිවිල් ඇඳගත්, හමුදාවෙ කියල හිතන්න පුළුවන් කට්ටියක් විපරම් කරල ගිහින් තියනව. ඒ ඇයි කියන එක ගැරළුවක්. මේ අනුව මමත් දරුවො දෙන්නත් ඉන්නෙ අනතුරක.

මේ සිදුවීම් සම`ග කාන්තාවක් වශයෙන් ඔබ ගොඩක් ප‍්‍රශ්න වලට මුහුණ දීලා තියනව. ඔබට මේ සමාජයට කියන්න තියෙන්නෙ කුමක්ද? සමාජයෙන් ඔබ ඉල්ලන්නේ කුමක්ද?

නමුත් එය ලංකාවෙ තවමත් අපරාධයක් විදිහට ගණන් ගන්නෙ නෑ. අතුරුදහන් වූවෙකුගෙ පවුලට, සම්පතමයන්ට ඇරුණ විට අනෙක් අයට මේ ගැන දැනීමක්, හැ`ගීමක් නෑ. සමහරු කියනව ඇයි ඔබතුමිය විතරක් මේ තරම් මහන්සි වෙන්නෙ? ඔබ විතරක් නෙමේනෙ සැමිය අහිමිවෙලා ඉන්නෙ කියල. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම කියන්නෙ මානව හිමිකම් කඩකිරීමක්. ඒක කරන්න මැදිහත් වෙන්නෙ ආණ්ඩුවක්. ඒකට විරුද්ධව මේ රටේ සියලූම ජනතාව විරුද්ධ විය යුතුයි. අතුරුදහන් වූවන්ගේ පවුල්වලට යුක්තිය ඉෂ්ඨ කරන්න අවශ්‍යයි. ජනතාවගෙන් මම ඉල්ලන්නෙ මිනිසුන්ගෙ ප‍්‍රශ්න ගැන මීට වැඩිය සංවේදි වෙන්න කියලයි.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *