බෝම්බ ප්‍රහාර එල්ල වූ දවසේ ටාජ් සමුද්‍රා හෝටලයේ වැදගත් කිසිවෙකු හිටියේ නැ.දයාසිරි කිව්වේ බොරු –

පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කල දින ටාජ් සමුද්‍රා හෝටලයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ත්‍රස්තවාදියා එම බෝම්බ ප්‍රහාරයෙන් වැලකි සිටියේ එහි සිටි දේශපාලනඥයෙකු නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කල ප්‍රකාශය අසත්‍ය තොරතුරක් බවට හෙළිව තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දුන් ජයෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ප්‍රකාශ කලේ පාස්කු ප්‍රහාරය එල්ල කල දිනයේදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සුවිශේෂී අමුත්තන් හෝ ප්‍රභූවරුන් සිට නොමැති බවයි.ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය විශේෂ විමර්ශනයක් සිදු කර ඇති බව ඔහු පවසයි.

ටාජ් සමුද්‍රා හෝටලයට ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි ත්‍රස්තවාදියා බෝම්බය පුපුරවා ගැනීමට කිහිප අවස්ථාවක් උත්සහ දරා ඇති නමුත් එය ව්‍යර්ථ වූ ආකාරය සි.සි.ටි.වී කැමරා සාක්ෂි මහින් හෙළිවන බව ශානි අබේසේකර මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *