මසකට වාහන 5000ක් එකලස් කරන මහේන්ද්‍රා කම්හල ලබන මස විවෘත වෙයි.

ශ්‍රීලංකාවේ අයඩියල් මෝටර්ස් සමගම සහ ඉන්දියාවේ මහේන්ද්‍රා සමාගම එක්ව ඉදිකළ වාහන එකලස් කිරීමේ කම්හලේ නිෂ්පාදන කටයුතු ලබන අගෝස්තු 17 දා ආරම්භ කරන බව අයඩියල් මෝටර්ස් සමාගම කියයි.

කළුතර වැලිපැන්න ප්‍රදේශයේ මෙම කම්හල ඉරිකොට ඇත්තේ ඇමරිකානු දොළ මිලියන 500 ක ආයෝජනයකිනි.

කර්මාන්ත ශාලාවේ ඉදිකිරීමේ කටයුතු අවසන් කර ඇති බැවින් මේ වන විට අත්හදාබැලීමේ කටයුතු සිදු කරන බව ආයෝජකයන් කියති.

මසකට වාහන 5000ක් එකලස් කල හැකි මෙම කර්මාන්ත ශාලාවේදී මුලින්ම නිෂ්පාදනය කරන්නේ මේ වනවිට ඉන්දියාවේ නිෂ්පාදනය කොට සාර්ථකව අලෙවිකොට ඇති කේ.යු.වී 100 වර්ගයේ මෝටර් රථයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *