| |

මහින්දට උගන්නන්න ගිය ගොටාගේ කට්ටියට , සජිත් උස්සන්න ගිය අයට සිදුවුණු දේ

ගෙවීගිය සතිය තුල රට පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියිට පත් කිරීම අගමැතිවරයා අතින් සිදු කෙරින. එහිදී හංවැල්ල ප්‍රදේශයේ කඩ කාමර 50 ක් හා පොදු වෙළඳ සංකීර්ණය, ක්‍රීඩා පිටිය මෙන්ම අලුතින් කාපට් කළ මාර්ග ජනතා අයිතියට පැවරිණ. සාලාව පිපුරුමට අදාල ඉතිරි වැඩකටයුතු නිම කිරිමේ පදනමද එහිදී දැමිණ. එම කටයුතු නිම කිරීමට ඇමති චම්පික රණවක විශාල වගකීම් ප්‍රමාණයක් ඉටු කොට තිබිණ. අනතුරුව බදාදා අනුරාධපුරයට ගිය අගමැතිවරයා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දෙවැනි ප්‍රදර්ශනය විවෘත කළ අතර ප්‍රදර්ශන කුටි 360 කට අධික ප්‍රමාණයක් ඊට අන්තර්ගත විය. අනතුරුව මෙරට නිපදවෙන එළවළු සහ පලතුරු ඇතුලු බෝග ආරක්ෂිත ගබඩා පහසුකම් නොමැතිකමින් විනාශ වී යාම වැළැක්වීම සඳහා නවීන තාක්ෂණයට අනුව සැකසූ බෝග සුරැකීමේ අපනයන මධ්‍යස්ථාන වල පලමුවැන්නද එහිදී විවෘත විය. ඇමති දයා ගමගේ යටතේ එය ඉදිවූ අතර ලක්ෂ 300 ක් ඒ සඳහා වැය කර තිබිණ. එම උත්සව සඳහා මංගල, කබීර්, මලික්, හැරිසන්, චන්ද්‍රානි, ඉරාන් ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්විණ. එදින රාත්‍රිය එකී සියළු මැති ඇමතිවරු අනුරාධපුරයේ රාත්‍රිය ගත කළ අතර අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදයේම ගුවනින් කොළඹට පැමිණියේ මාධ්‍යකරුවන් ඇතුළු මැති ඇමතිවරුන් හමුවීමට හා වජිර අබේවර්ධන රු. දස ලක්ෂ 5583 ක වියදමින් ඉදිකළ තට්ටු 20 කින් යුත් නව අමාත්‍යංශ හා කොළඹ දිසා පරිපාලන මධ්‍යස්ථානය විවෘත කිරීමට යාමටය.

“කෝ අපේ ලක්ෂ්මන් කිරිඇල්ල සභානායක තුමා තාම රටද?” අරලිය ගහ මැදුරට් ඇතුල් වෙන ගමන් අගමැතිවරයා විමසීය.

“ආ.. සභානායකතුමාගෙ පුතා බැරිස්ටර් විභාගයට පාස් වෙච්ච උපාධි ප්‍රධානෝත්සවයට මුළු පවුලම එංගලන්තෙ ගිහින්. පාර්ලිමේන්තු කටයුතුත් ඔක්කොම මට පවරලා ගියාට එහේ ඉදගෙනත් ඇමතුම් දිදී පාර්ලිමේන්තු කටයුතුත් කිරිඇල්ල මැතිතුමා අධීක්ෂණය කළා.” ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පිළිතුරු දුන්නේය.

“එදා එජාපෙ කණ්ඩායම් රැස්වීමෙදි මොකද වුණේ? මට එන්න බැරිවුණා කියලත් කිරිඇල්ල ඇමතිතුමා කිව්වා.” ගයන්ත වැඩිදුරටත් කීවේය.

“එදා පූර්ව සැලසුමක් මත යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු බව පැහැදිලියි. පාර්ශව වලට බෙදෙන්නේ නැතිව ගැටුම් ඇති කර නොගෙන තත්වය පාලනය කරගන්න අගමැතිතුමා වගේම සජිත් ඇමතිතුමාත් ක්‍රියා කිරීම ඉතා වටිනවා. එදා එක්කෙනෙක් කතා කරලා වාඩිවෙනකොට තව එක්කෙනෙක් නැගිටලා රැල්ලක් හැටියට යවන්න හැදුවත් ඒක දෙපැත්තටම සමබර විදියටයි ගියේ. අන්තිමට ජයවික්‍රම ඇමතිතුමා හොඳ දෙයක් කිව්වා. එජාප එකඟතාවෙන් පස්සෙ එජාපෙ නායකයින් එක්කත් කතා කරලා අවසන් තීන්දුව ගන්න යෝජනා වීම නායකතුමා වගේම අනිත් සජිත් පාර්ශවයත් පිළිගැනීම ඉතා වටිනවා. පක්ෂ සභාපති හැටියට ඇමති කබීර් පක්ෂ එකඟත්වයකින් තොරව පූර්ව නිගමනයකට ඇවිත් සියළු පාර්ශව එක්ක කතා කරන්නෙත් නැතුව නම් යෝජනා කිරීම නිසයි මේ සුළු ප්‍රශ්නය හරි ඇතිවුණේ. ඒක ගැටුමක් නොවී අවසන් වීම ජනපතිවරණ ජයග්‍රහණයේ මූලික පදනම වුණා.” එජාප උපදේශකයෙක් කළ විග්‍රහය එසේය.

“සංධානය ඕනද නැද්ද? එජාපෙට තනියම දිනන්න පුළුවන්ද? කියල මම ඇහුවම හැමදෙනාම පිළිගත්ත සංධානය අවශ්‍යයි කියලා.” අගමැතිවරයා කීය.

“සංධානය හැදුවම එජාප බලය හෑල්ලු වේවි කියලා සමහරුන්ට තියන බය සාධාරණයි.” චමින්ද විජේසිරි ප්‍රශ්න කළේ අගමැතිගෙනි.

“ඒ සංධානය හැදුනම 50% යි + 1 බලයක් එජාපයට ලැබෙනවා. අනික නායකත්වය තියෙන්නෙ අපිටනම් අනවශ්‍ය බියක් ඇතිකරගන්න ඕනෙ නෑ.” අගමැතිවරයා පැහැදිලි කලේය.

“දැන් ඔය සංධානෙ ලේකම්කම කාටද යන්නෙ? රාජිත ඇමතිතුමාද?” හේෂා විතානගේ ප්‍රශ්න කලේද අගමැතිගෙනි.

“සංධානෙ හදන්න මූලික වුණේ රාජිතයි. ලේකම්කම ගැන මට ප්‍රශ්නයක් නෑ. බහුතර පක්ෂ නායකයින් කැමති කෙනාට ලේකම් වෙන්න පුළුවන්. ඒක රාජිතද වෙන කෙනෙක්ද අපි ප්‍රශ්නයක් කරගන්න ඕන නෑ. මොකද මේ ඔක්කොම එජාපෙ අපේම අයයි.” අගමැතිවරයා තවදුරටත් පැහැදිලි කළේය.

“ඊයෙ අනුරාධපුරයෙදි අගමැතිතුමයි මංගල මලික් කබීර් ඉරාන් ඇතුළු කට්ටිය එකටයි හිටියෙ කියල ආරංචියි. එතන්දි මොනව කතාකර ගත්තත් දන්නෑ නේද?” ගයන්ත කරුණාතිලක විමසුවේ දැඩි සිනහවක්ද පාමිණි.

“නෑ අපි රෑ හම්බ වෙලා ඩිනර් ගත්ත. එච්චරයි. කෑම කනකොට කෑම වලට අවධානය යොමු කරනවා මිසක් කතාකරනවා හෝ වෙන දෙයක් නොකළ යුතුයි කියලා බෞද්ධ දර්ශනයේ තියන පිළිවෙත අපි හැමෝම ඊයෙ අනුගමනය කළා” අගමැතිතුමා එසේ කී විට සියළුදෙනාම කොක්හඩලන්නට විය.

“ලංකාවෙ නිපදවෙන එලවළු පලතුරු හා වෙනත් බෝග වලින් 35% ක් නිසි ගබඩා පහසුකම් නොමැතිකමින් විනාශ වෙනවා. ඒකට පිලියමක් හැටියට නවීන තාක්ෂණික පහසුකම් හා ශීතාගාර එක්ක බෝග සුරැකීමේ අපනයන මධ්‍යස්ථාන වල පලමුවැන්න අනුරාධපුරයේදී විවෘත කිරීම ඉතා වටිනවා. ඊළඟට දඹුල්ලෙයි වැලිමඩයි ඇතුළුව රජයේ වගේම පුද්ගලික අංශය හරහාත් තවත් එවැනි මධ්‍යස්ථාන 100 කට ආසන්න ප්‍රමාණයක් ඉදිකරනවා. මේක අපේ ගොවියාගේ අතමිට පමණක් නෙවෙයි, රටේ ආර්ථිකය වගේම ආහාර සුරක්ෂිතතාවය හා එලවළු පලතුරු අපනයනය කිරීමෙන් විශාල විදෙස් ආදායමකුත් රටට ලැබේවි. මේක මෙරට ආර්ථිකයේ දියුණුවට මේ ආණ්ඩුව ගත්ත දැවැන්ත පිම්මක්. මේවා හැම ආණ්ඩුම කතාකළාට ක්‍රියාත්මක කළේ නෑ.” එජාප ආර්ථික උපදේශයෙකු වන දිනේෂ් වීරක්කොඩි කළ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පලවිය.

“ගෝඨාභය ලංකාවට ආවා. වෙනද වගේ ලොකු ෂෝ තිබුණෙ නෑ. ගෝඨට කඩේ යන කට්ටිය ඒකෙන් හොඳටම අවුල් වෙලා. ගිය සතියේ ගොඨගෙ හමුදාකාරයො ටික මහින්ද මහත්තය හමුවෙලා ගෝඨා ලංකාවට එනකොටම අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කරලා ලොකු පිකප් එකක් ගනිමුයි යෝජනා කළාම මට දේශපාලනය උගන්නන්න එන්න එපා කියලා තදවෙලා නැගිටල ගියා කියලත් ආරංචියි” චමින්ද විජේසිරි කීවේය.

“ඇත්තටම ගෝඨාභයට වෛද්‍ය උපදෙස් නිසා තාම සාමාන්‍ය ජීවිතයට එන්න ටිකක් අමාරුයි කියලත් ආරංචියි. ඒ නිසා අපේක්ෂකත්වය පත්කිරීම ගැනත් ඇතුලෙ ලොකු දෙගිඩියාවක් තියනවලු. ඒ වගේම ඇමරිකන් පුරවැසිකමේ ගැටලුවත් තාම විසඳීලා නෑ. ඒ නිසයි ඔහු ලංකාවට ආපු වෙලාවෙ ලොකු ෂෝ නැත්තෙ” හේෂා විතානගේ කී දේ සියළුදෙනා අනුමත කළහ.

“කම්බ හොරු කියල පිටිපස්සෙන් බෝඩ් එකක් ගහගෙන ඊයෙ පොහොට්ටුවේ කම්බ හොරු දෙන්නෙක් අගමැතිතුමාටයි මල්ලිටයි ලොකු මඩක් ගැහුවා. මීට කළින් එජාපෙන් පන්නපු කාන්තාවකුත් මේ විදියෙම මඩක් ගහන්න ගිහින් ඉල්ලන් කෑවා.” මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.

“අපේ මල්ලිට මොකද්ද ඒජන්සියක් තියනවා. ඒකට බිස්නස් ලැබුණත් එකයි මට නැතත් එකයි. ඕවට මගේ සම්බන්ධයක් නෑ. අධ්‍යාපන අමාත්‍යංශයෙ වැඩක් නිසා අකිලලා ඕවට උත්තර බඳීවි.” අගමැතිවරයා කීවේ ඉතා සැහැල්ලුවෙනි.

“අර කුණු කන්ටේනර් ප්‍රශ්නෙ හරි ලෙඩක්. 2013 මහින්දලා ගහපු ගැසට් එකක් අනුවයි මේවා ගෙනත් තියෙන්නෙ. එතකොට සිංගප්පූරු ගිවිසුමක් ගහලත් නෑ. ඒත් සිංගප්පූරු ගිවිසුම අනුව ඒ රටෙන් කුණු ගෙනාව කියලා පොහොට්ටුවේ අය රට නොමග යවන්න හදනවා. මේ කුණු එංගලන්තෙ ඒවායි. වහාම මේවා යලිත් ඒ රටටම යවන්න ආණ්ඩුව තීන්දු කරපු එක ඉතා වටිනවා.” මහාචාර්ය ආශු මාරසිංහ කීය.

“මුස්ලිම් කොන්ග්‍රස් එක දෙමළ සංධානයට ඇටෑක් කරල ආණ්ඩුවත් එක්ක කේවල් කරන්න එන්න හදනව වගෙයි නේද? ” ගයන්ත කරුණාතිලක විමසීය.

“මේ ආණ්ඩුව සුළු ජාතීන්ට නිසි තැන, ගෞරවය හා රැකවරණය දෙනවා. ඒත් සුළු ජාතික පක්ෂ වලට හිතෙන හිතෙන විදියට ආණ්ඩුව බිත්තියට හේත්තු කරන්න ඉඩ නොදෙන්න ගත්ත තීන්දුව ඉතා වටිනවා බව බොහෝ දෙනාගේ මතයයි” එජාප උපදේශක දිනේෂ් වීරක්කොඩි පැවසීය.

“මේ රටේ පාසැල් දරුවන්ට කිරි වීදුරුවක් දීම ජනාධිපතිතුමාගෙ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීම ඉතා වටිනවා. ඒ වැඩේට එතුමාගෙත් මගෙත් මුළු ආණ්ඩුවෙත් දැඩි කැපවීමක් තිබුණා. ඒක අපි අයවැය යෝජනාවක් හැටියටත් පොරොන්දු වෙච්ච එකක්. මේකට මිලියන දහස් ගාණක් වැයවෙනවා. ඒකට ප්‍රශ්නයක් නෑ. දරු පරපුර රටේ අනාගතය නිසා ඔවුන් පෝෂණය කිරීම අපේ වගකීමයි.” අගමැතිවරයා කතාකළේ සතුටු සිතිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *