CID ප්‍රධානියාගේ පිළිතුරෙන් විජේදාසගේ බොරුව හෙළිවෙයි

මාවනැල්ලේ බුදු පිළිමවලට පහර දුන් ත්‍රස්තවාදීන් තමා නිදහස් කර බවත්, අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර මාලාවට අදාලව කොළඹ ‘ෂැංග්‍රිලා’ සහා ‘සිනමන්ග්‍රෑන්ඩ්’ යන හෝටල් දෙකේ බෝම්බ පුපුරවාගත්තේ තමා නිදහස් කරපු ත්‍රස්තවාදීන් දෙදෙනෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා තමන්ට චෝදනා කළ නමුත් මාවනැල්ලේ සිද්ධියට අදාලව පැහැදිලි සාක්ෂි නොමැති කම නිසා තමා නිදහස් කර සැකකරුවන් දෙදෙනා 21 ප්‍රහාරයට පසුවත් පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්සන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ඊයේ (24) පැය දෙකකට ආසන්න කාලයක් සාක්ෂි ලබාදෙමිණි.

මෙවැනි අසත්‍ය චෝදනා එල්ලවෙද්දී තමන්ට ඊට උත්තර දීමේ හැකියාවක් නොමැති කම නිසා ගොළුවන්සේ සිටීමට සිදුව ඇති බවත් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හරහා ඊට උත්තර දීමට අවස්තාව ලැබුණු බවද හෙතෙම එම විශේෂ තේරීම් කාරක සභාව වෙත ප්‍රකාශ කර ඇත.

සහරාන් සමඟ සම්බන්දකම් පැවැත්වූ මිය ගියේ නැති පුද්ගලයන් අත්අඩංගුවේ පසුවන අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම පුද්ගලයන් මේවනවිට එක්කෝ මියගොසින් හෝ නැතිනම් තම අත්අඩංගුවේ පසුවන බවත් ඊට අදාළ විමර්ශන කටයුතුවලින් 80%ක් පමණ අවසන්කර ඇති බවද ඒ මහතා කීය.

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන්ද ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ බවට හෝ අන්තවාදී කටයුතුවලට සම්බන්ධ බවට හෝ විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා තේරීම් කාරක සභාව හමුවේ වැඩිදුරටත් අවධාරණය කළේ ඒ සම්බන්ධයෙන් හෝ පැලෝපීය නාල සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව සාක්ෂි තිබුනේ නම් අධිකරණයට කරුණු නිවැරදිව වාර්තා කරන බවත් හා අධිකරණයට සත්‍ය කරුණු මිස අසත්‍ය කරුණු ඉදිරිපත් කර අමාරුවේ වැටීමට අවශ්‍ය නොවන බවත්ය.

දිල්හාන් විමල්ක – colombotrust

Leave a Reply

Your email address will not be published. Required fields are marked *