ඇවන් ගාඩ් හොර ජාවාරම නාවික හමුදාවට භාරදුන් බව ඇමැති රාජිත කියයි

ඇවන් ගාඩ් සමගම සමග රජය ඇතිකරගෙන තිබූ ගිවිසුම් අවලංගු කර එම ව්‍යාපාරික කටයුතු නාවික හමුදාවට පැවරීමට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවති රැස්වීමේදී තීරණය කළ බව රාජිත සේනාරත්න ඇමතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේය . සමගම කළ නීති විරෝදී කටයුතු ගැන පරීක්ෂණ දිගටම සිදුවන බවද ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත .

මෙම ප්‍රකාශයේ විශේසත්වය නම් අවන් ගාඩ් සමගම මෙම ව්‍යාපාරය කළේ රජය සමග ඇතිකරගත් ගිවිසුම් යටතේ බව රජය පිළිගෙන තිබීමයි .එමෙන්ම මෙම ව්‍යාපාරය අවන් ගාඩ් කරනවිට නීති විරෝදී වුවද නාවික හමුදාව කරනවිට නීත්‍යානුකුල වනබවද මෙයින් පිළිගෙන ඇති තත්වයයි .

කෙසේ වෙතත් අපගේ ආරංචි මාර්ග කියන්නේ අපගේ මුහුදු සීමාවෙන් පිටතදී නාවික ආරක්ෂාව සැපයීමට නාවික හමුදාව යෙදවීම තවත් ජාත්‍යන්තර ලෙඩක් ගැනීමක් බවයි .මෙම තීන්දුවත් සමග ආණ්ඩුව ප්‍රශ්නය තවත් අවුල් කරගන්න බව අපගේ තතුදත් ආරංචි මාර්ග කියන කතාවයි .

එමෙන්ම අවන් ගාඩ් සමාගම කලයි කියන නීතිවිරෝධී කටයුතු ගැන පැහැදිලි කිරීමක්ද තවමත් සිදුවී නැත .

අනෙක් අතට මෙම සමගම අද සිටින තත්ත්වය යටතේ එයට වෙනත් රටක පදනම් වී මෙම ව්‍යාපාරය කිරීමට ද බැරි කමක් නැති බව කියති .එය සිංගප්පුරුවේ ස්ථානගත කිරීමේ උත්සාහයක් ගැනද පසුගියදා වාර්තා වීය . එසේ වුවහොත් සිදුවනු ඇත්තේ රජයට දැන් ලැබෙන අදායම අහිමි වීමයි .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *