”වෙල්ගම පිළිගන්න එජාපය සූදානම්” – මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

කොන්ද පණ තියෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රිවරයෙක් ලෙස කුමාර වෙල්ගම එක්සත් ජාතික පක්ෂයට පිළිගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.

අරලියගහ මන්දිරයේ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

තම පක්ෂය සමඟ එක්වන ලෙසට එතුමන්ට ආරාධනා කර සිටින බවයි මන්ත‍්‍රීවරයා මෙහිදී සදහන් කළේ.

දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම වැනි ජ්‍යෙෂ්ඨයන්ට පොහොට්ටුවෙන් අවස්ථාව නොලැබෙන්නේ ඔවුන් රාජපක්ෂවරුන් නොවීම නිසා බවත් සියවස් ගණනාවකට පෙර පැවති රජ පවුල් සංස්කෘතිය තවමත් පොහොට්ටුව තුළ තිබීම පිළිබඳ තරුණ දේශපාලඥයෙකු ලෙස තමන් කනගාටු වෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *