ජීවිතයේ ආරක්‍ෂාව තියෙන්නේ ජාතික සමගිය තුළයි – සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර


”අද දවස කියලා කියන්නේ විශේෂයෙන් අපි කවුරුත් අනුමත නොකරපු අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය සිදුවෙලා මාස 3ක් වෙනවා. ඒ නිසා ප‍්‍රථමයෙන්ම එම ප‍්‍රහාරයෙන් මිය ගිය, තුවාලයට පත් වුණු ඒවගේම පසුවත් වූ සිදුවීම්වලින් මිය ගිය හා තුවාලයට පත් වූ අයට අපගේ සංවේගය, කණගාටුව ප‍්‍රකාශ කරනවා.
අපි අද දවසේ මෙම මාධ්‍ය සාකච්ඡුාව පවත්වන්න තීරණය කළේ ජූලි 23 දින සමාජවාදී තරුණ සංගමය මගින් පවත්වන ”සහෝදරත්වයේ දිනය” පිළිබඳ දැනුවත් කරන්නත් රට තුළ මතුව ඇති අන්තවාදය හා ජාතිවාදය පිළිබඳවත් මාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණෙන්. විශේෂයෙන්ම ඔබ දන්නවා ජූලි මාසය කියලා කිවුවම අපට මතක් වෙන්නේ අඳුරු වුණු කළු ජූලියි. ඒවගේම කළු ජූලිය කියලා කියන්නේ අපේ රටට ජාතිකවත් ජාත්‍යන්තරවත් කලූ පැල්ලමක් ඇති කළ දිනයක්. අදට කලූ ජූලිය වෙලා අවුරුදු 36ක් වෙනවා. ඒ වගේම අපේ‍්‍රල් 21 සිදුවීම වෙලා මාස 03ක් බවට පත්වෙලා. ඒ නිසා අපි රටේ ජනතාවට තරුණ තරුණියන්ට පෙන්වන්න උත්සාහ කරමින් ඉන්නේ විශේෂයෙන් 83 කළු ජූලියත් අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයත් අතර සැලකිය යුතු සමානකම් ප‍්‍රමාණයක් තියනවා කියන එක. ඔබ දන්නවා 83 කළු ජූලිය කියලා කියන්නේ මීට අවුරුදු 36 කට පෙර ජූලි මාසේ 23 හමුදා සෙබලූන් 13ක් ඝාතනය වෙනවා. ඒ ඝාතනය පාවිච්චි කරමින් මිය ගිය සිරුරු ටික බොරැුල්ලේ කනත්තට 24 වෙනිදා ගේනවා. ඒ සිදුවීමත් එක්කම එවකට පැමිණි යූඑන්පී ආණ්ඩුවට පුළුවන් වුණා මුළු රටේම ජාතිවාදය අවුස්සලා විශාල ගිණි කන්දක් බවට පත් කරන්න. ඒ වගේම ඊට දවස් දෙකකට පස්සේ හරියටම 25 වැනිදා බන්ධනාගාරයේ සිටි රැුදවියන් 37 දෙනෙක් ඝාතනය කරනවා. ඒ වගේම ඒම මාසේම 28 වැනිදා සිරබාරයේ සිටි දෙමළ රැුදවියන් 15 දෙනෙක් ඝාතනය කරනවා. රජයේ ආරක්‍ෂාව සහිතව සිටිය දී තමයි මේ ඝාතන සිදුවන්නේ. ඒ වගේම අපි බැලූවොත් පසු ගිය 21 වන දා ප‍්‍රහාරය දෙසට. ඒ ප‍්‍රහාරයේදී ජීවිත 263කට වඩා වැඩි ප‍්‍රමාණයක් අපේ රටට අහිමි වුණා. ඒ වගේම 500කට වඩා වැඩි පිරිසකට තුවාලවීම් සිදු වුණා. ඒ වගේම 21 ප‍්‍රහාරයෙන් සති 3කට පස්සේ එක් මිනිස් ජීවිතයක් අහිමි වුණා. විශාල දේපල ප‍්‍රමාණයක් අපට අහිමි වුණා. ඒ වගේම විශාල පිරිසක් තුවාලකරුවන් වුණා. ඒ නිසා 83 කළු ජූලිය වෙලාවේ සිංහල ජාතිවාදය ඇති කිරීම යූඑන්පී එක කරා වගේම 21 ප‍්‍රහාරයේදී ආණ්ඩුව, පොහොට්ටුව ඇතුළු පොදුජන පෙරමුණේ අන්ත ජාතිවාදීන් මැදිහත්වෙලා සිංහල ජාතිවාදය පෝෂණය කරා. ඒ නිසා 83 වගේම 21 ප‍්‍රහාරයේත් එකම සිදුවීම සිදුවුණා. ඒ වගේම මෙම සිදුවීම් දෙකේ දී ඇත්ත වැරදි කරුවන්ට දඩුවම් දුන්නද? නෑ. අපි දන්නවා 83 සිදුවීමේදී එවක යුඑන්පී එකේ ඇමති සිරිල් මැතිවු මැදිහත් වෙලා සිංහල ජාතිවාදය අවුස්සලා ඉතා විශාල විනාශයක් කරා. හැබැයි සිරිල් මැතිවු ආදි ඒ ක‍්‍රියාදාමයට මැදිහත් වුණු අයට තාමත් දඩුවම් දීලා නෑ. 83 කලූ ජූලියේදී අවසානයේ වන්දි ගෙව්වේ කවුද? ඒ වෙලාවේ පොලිස් ප‍්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 15ක් ඝාතනය වෙනවා. අවසානයේ කලූ ජූලියෙන් වන්දි ගෙව්වේ සාමාන්‍ය වැසියන්. 21 ප‍්‍රහාරයෙත් එවැනි සමාන අත්දැකීමක් තමයි තියෙන්නේ. විශේෂයෙන් පොහොට්ටුවේ මධුමාධව ඇතුළු පිරිසක් සිදුවීමෙන් සති 3කට පස්සේ ජාතිවාදය අවුස්සලා විශාල විනාශයක් කරා. ඒ කිසිකෙනකුට ප‍්‍රශ්නයක් වුණේ නැහැ. ඒකෙන් 100කට වඩා වැඩි පිරිසක් අද තාමත් බන්ධනාගාර ගතවෙලා. හැබෑයි ඒ සිදුවීමෙත් මේ සිදුවීමේත් ඇත්ත වැරදි කරුවන් ඇත්තටම මේ ප‍්‍රශ්නය වවපු මිනිස්සුන්ට දඩුවම් හම්බවුණේ නැහැ. ඒ වගේම 21 ප‍්‍රහාරයේ සියලූ තොරතුරු ලැබිලත්, 21 උදේ 7ටත් ඒ පිළිබඳ තොරතුරු ලැබිලත් එවට වගකිවයුත්තන්, විශේෂයෙන් ජනාධිපතිත්, අගමැතිත් කිසිදු ප‍්‍රශ්නයක් නැතුව ඉන්නවා. ඒ නිසා මේ යන විදිහට මේක නිලධාරීන්ගේ පිටින් යනවා ඇරෙන්න ආය වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිත් අගමැතිත් කිසි ප‍්‍රශ්නයක් නැතිව ආණ්ඩු කරගෙන යනවා. අපේ රටේ ජනතාවත් බලාගෙන ඉන්නවා.
අපි දන්වා 83 කලූ ජූලියෙන් පසු අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. හැබැයි ඒ අවුරුදු 30 තුළ විශාල පිරිසක් මිය ගියා. නමුත් ඒ අතර අපේ රටේ මන්ත‍්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ කිසිදු ළමයෙක් මියගියේ නැහැ. අපි කියන්නේ නැතිවෙන්න කියලා නෙවෙයි. හැබැයි ඔවුන්ගේ ¥ලා පුතාලට කිසිදු ප‍්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි 21 ප‍්‍රහාරයේදීත් ඔවුන්ගේ ¥ලා පුතාලට කිිසිදු දෙයක් සිදුවුණේ නැහැ. ඔවුන් ඔක්කොම බේරුණා. අවසානයේ අහිංසක මිනිසුන් තමයි ජීවිතවලින් වන්දි ගෙවුවෙ.
එවගේම 83 කලූජූලියෙන් පස්සේ සිංහල මනුෂ්‍යයෙකුට දෙමළ මිනිහෙක් දැක්කම ත‍්‍රස්තවාදියෙක් තමයි මතක් වෙන්නේ. ඒවගේම දෙමළ මනුෂ්‍යයෙක්ට සිංහල මිනිහෙක් දැක්කම පට්ට මිනීමරුවෙක් තමයි මතක් වෙන්නෙ. අද මොකද වෙලා තියෙන්නේ. 21 ප‍්‍රහාරයෙන් පස්සේ සිංහල මනුෂ්‍යයෙක්ට මුස්ලිම් මිනිහෙක් දැක්කම ත‍්‍රස්තවාදියෙක් වගේ පේන්න පටන් අරන් තියනවා. ඒ වගේම මුස්ලිම් කෙනෙකුට සිංහල කෙනෙකු දැක්කම මහ යකෙක් වගේ පේන්න පටන් අරන් තියනවා. ඒ නිසා පාරේ යනකොට ඒ අය බලෙන් හිනාවෙන්නේ. ලොකු ආදරයක් පෙන්වන්න පටන්ගෙන තියෙන්නේ. ඒ ඇත්තද? නෑ බයවෙලා බිරාන්ත වෙලා තමයි මුස්ලිම් ජනතාව අද ඉන්නේ. ඒක කොතරම්ද කිවුවොත් අද සිංහල අම්මා කෙනෙක්ට මුස්ලිම් ඩොක්ටර් කෙනෙක් ලගට යන්න බයයි. මොකද පැලෝපීය නාලය අල්ලයිද කියලා බයේ ඉන්නේ. ඒවගේම මුස්ලිම් අම්මා කෙනෙක් සිංහල ඩොක්ටර් කෙනෙක් ලගට යන්න බයයි. එතනට මේ ප‍්‍රශ්නය ගෙනල්ලා තියෙනවා.
ඒවගේම විශේෂයෙන් ගත්තොත් මාධ්‍ය මැදිහත්වීම. අපි දන්නවා 83 ඒ සිදුවීමෙන් පස්සේ ගහණ එක තමයි නියම. දෙමළ මිනිහට ෂොට්එක දෙන්න ඕන කියන එක තමයි මාධ්‍ය මගින් අදස් කළේ. ඒවගේම 21 ප‍්‍රහාරයේදීත් ලංකාවේ සැලකිය යුතු මාධ්‍ය ප‍්‍රමාණයක්, 21 ප‍්‍රහාරය වෙලා දැන් සතියයි, සති දෙකයි, සති තුනයි ඇයි ගහන් නැත්තේ කියන තැනට තමයි මාධ්‍ය මැදිහත් වුණේ. ඒ නිසා මෙම සිදුවීම් දෙකේම මාධ්‍ය මැදිහත්වීම සමානකම් තියෙනවා.
ඒ නිසා 83 කලූ ජූලියෙන් පස්සේ අපට මොනාද ඉතිරි වුණේ. අවුරුදු 30ක යුද්ධයක් උරුම කරා. යුද්ධයෙන් පස්සේ වැන්දඹුවන් අසූනවදාහකට වඩා පිරිසක් අපට ඉතිරි වුණා. ඒවගේම දෙමව්පියන් අහිමි දරුවන් 28 දාහකට වඩා වැඞීයි. ඒවා තමයි අපිට යුද්ධයෙන් ඉතිරි වුණේ.
ඒ නිසා අපි තරුණයන්ට රටේ ජනතාවට අවධාරණය කරනවා 83ත් 21 ප‍්‍රහාරයත් ඉතාමත් මනසින් අධ්‍යනය කර බලන්න.
21 ප‍්‍රහාරයෙන් පසු දැන් තත්වය මොකක්ද?. අපි දන්නවා එක් පැත්තකින් සිංහල ජාතිවාදය වපුරමින් තමන්ට වාසිගන්න අන්ත දේශපාලන කණ්ඩායම් සමහර භික්ෂූන්වහන්සේලා කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම ඒ මතුවෙමින් එන සිංහල ජාතිවාදය පාවිච්චි කරමින් මුස්ලිම් අන්තවාදය මතුරන්න මුස්ලිම් දේශපාලඥයන් ඉතාමත් සූක්ෂම විදිහට මැදිහත් වෙනවා.
ඒ නිසා දැන් මතුවෙලා තියෙන සිංහල ජාතිවාදය ඇතුලේ තරගයේ වීරයා බවට පත්වෙන්නේ කවුද කියන එක. ඒක නිසා තමයි එක වෙලාවක ඥානසාර හාමුදුරුවෝ මේකේ වීරයා වෙන්නේ. එක වෙලාවකට රතන හාමුදුරුවෝ මේකේ වීරයා බවට පත්වෙන්නේ. තව වෙලාවක ගම්මන්පිල නැත්නම් වීරවංශ මේකේ වීරයා බවට පත්වෙන්නේ. අපි දන්නවා රතන හාමුදුරුවෝ ගත්තොත් පහුගිය කාලයේ ඇඞ්ඩ‍්‍රස් නැතිව තමයි හිටියේ. මෛත‍්‍රීපාල මහත්මයාවත්, රනිල් වික‍්‍රමසිංහ මහත්මයාවත්, මහින්ද මහත්මයාවත් ගණන්ගන්නේ නැතිව හිටියේ. වස විෂ නැති ආහාර වේලක් ගැන කතා කරලා අවසානයේ රතන හාමුදුරුවන්ට වස බොන තත්වයකට තමයි පත් වුණේ. හැබැයි දැන් මේ සිදුවීම පාවිචිචි කරලා ජාතිවාදය වපුරලා ඊලග පාර්ලිමේන්තුවට එන්නේ කොහොමද කියලා තමයි කල්පනා කරන්නේ. ඒ නිසා ඔය කියන අයට අභියෝග කරනවා පුළුවන්නම් සිංහල ජනතාව වෙනුවෙන් නම් පෙනී ඉන්නේ, ඥානසාර හාමුදුරුවන්ටයි රතන හාමුදුරුවන්ටයි ගම්මන්පිලටයි වීරවංශටයි එකට ඉදගෙන මාධ්‍ය හමුවක් තියලා පෙන්නන්න කියලා.
ඒ වගේම මේ බය පාවිච්චි කරලා සිංහල ජාතිවාදය පෙන්නමින් මුස්ලිම් අන්තවාදිනුත් මේක පාවිච්චි කරනවා. ඒකේ නියමුවන් හැටියට අසාද් සාලිය, හිස්බුල්ලා, රිෂාඞ්ලා ඉන්නවා. ඒ නිසා ඔවුන් මේ බිල්ලා පෙන්නමින් තමන් කොහොමද මුස්ලිම් ඡුන්දගොඩ වැඩිකරගන්නේ කියලා කල්පනා කරනවා. ඔහොම කි‍්‍රයාවලියක් තමයි අද රට තුළ මතුවෙලා තියෙන්නෙ.
ජනාධිපතිතුමා ගැන වැඩිය කතා කරන්න බලාපොරොත්තු නැ. මොකද තව මාස කිහිපයකින් එයාගේ දේශපාලන ක‍්‍රියාවලිය රටේ ජනතාව අවසන් කරලා දෙයි. එගේම තමයි මෙච්චර රටේ ප‍්‍රශ්න තියන වෙලාවක අගමැතිගේ ක‍්‍රියාවලිය මොකක්ද කියන එක. ඔහු මේවෙලාවේ මතුවෙලා තියෙන ජාතිවාදී ප‍්‍රශ්නයට ඇත්ත විසඳුම දෙනෙවා වෙනුවට හොරට නිදාගෙන, සිංහල ජාතිවාදයට පවතින්න ඉඩ දීලා ඒක පෙන්න පෙන්නා මුස්ලිම් ජනතාවගේ එහෙම නැත්නම් දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කාරයා මම කියන එක කියමින් ජනාධිපති මැතිවරණයට මට උදවු කරන්න කියන එක හදමින් යනවා. අපි දැක්කා පෙරෙදා රනිල් වික‍්‍රමසිංහ මාධ්‍යවල කියනවා ගමට ජිම් කට්ටලයක් දෙන්න. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ දේශපාලන ජීවිතේ තව මාස කිහියකින් අවසන් වෙයි කියලා හිතෙනවා. ඒ නිසා එතුමාට නිදාගනිද්දි ?ට ?ට අමුතු හීන පේනවා ඇති. දැන් එතුමා හිතනවා ඇති එයා දුන්න බ්ලෙස්ලට් අරගෙන ප‍්‍රී වයිෆයි දාගෙන සිංදු අහමින් රැුකියා දශලක්ෂය ඇතුලේ රැුකියාවකුත් අරගෙන තෙමෙන් නැතිව පුංචි කාර් එකකත් ගිහිල්ලා ගමට ගිහිල් කෙල්ලො කොල්ලෝ දැන් ජිම් එක හදාගන්න පුළුවන් තත්වයක ඉන්නේ කියලා. ඒ නිසා විහිලූ සපයන, දවල් හීන දකින අගමැතිවරයෙක් තමයි අපට ඉන්නේ.

ඒ නිසා සිංහල දෙමළ මුස්ලිම් ජනයා තුළ පසුගිය කාලයේ වුණු සිදුවීම් එක්ක විශාල බියක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසාම ප‍්‍රගතිශීලි මිනිස්සු පවා මේ ප‍්‍රශ්නත් එක්ක අවුල්වෙන්න පටන් අරන් තියනවා. ඔබ දන්නවා අද ලංකාවේ සිංහල ජනතාවගේ ප‍්‍රධානතම ගැටලූව තමයි සිංහල ජනතාව වඳ වෙයිද කියන එක. මම දැක්කා ගම්මන්පිල මහත්තයත් ඒකට කරුණු කියමින් යනවා. ඒ නිසා විශේෂයෙන්ම තරුණ තරුණයන්ට කියනවා. ඒවගේම මාධ්‍ය ආතනවලට කියනවා මේ තොරතුරු අන්තර්ජාලය තුළ තියනවා. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ තියෙනවා. මේවා මතුකරලා ඇත්ත මොකක්ද කියන එක පෙන්නන්න ඕනකම තියනවා. අපි මේ සාකච්ඡුාවේ පෙන්නන්න බලාපොරොත්තු වන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවෙන් ගත්ත 2011 වර්ෂයේ වාර්තාව. 2011 කළ සංගණනය තුළ සිංහල ජනතාව 75% ඉන්නවා. මුස්ලිම් ජනතාව 9.3%ක් ඉන්නවා. දෙමල ජනතාව 11.15%ක් ඉන්නවා. එතකොට අපි රටේ ජනතාවගෙන් අහන්නේ මේක ඇතුලේ සිංහල ජනතාව වඳකරන සිස්ටම් එක අපට කියලා දෙන්න. 2015 වෙනකම් ගත්ත ජන හා සංඛ්‍යා ලේඛණයෙන් ගත්ත දළ වාර්තාව අනුව සාමාන්‍යයෙන් සිංහල ජනතාව ලක්‍ෂ 160 ඉන්නවා. මුස්ලිම් ලක්‍ෂ 21 ඉන්නවා. එතකොට මේ දෙක අතර පරතරය ගත්තම ලක්‍ෂ 139යි. අපි මේකට අනුව උපකල්පනය කරොත් මුස්ලිම් ජනතාව ලක්‍ෂ 160 බවට පත්වෙන්න අවුරුදු කියක්ද කියලා බැලූවොත්. සිංහල ජනතාව ළමයි හදන එක සම්පූර්ණයෙන්ම නතර කලොත් මුස්ලිම් ජනතාවට දළ වශයෙන් අවුරුදු 347ක් යනවා. ඒක කොච්චර විහිලූවක්ද? ගම්මන්පිල මහත්මයා එක නාලිකාවකට ඇවිල්ලා කියනවා සිංහල ජනතාව අභිබවා මුස්ලිම් ජනතාව පත්වෙන මොහොත මාසයක් යන්න කලින් කියනවා කියලා. අපි අභියෝග කරනවා පුලූවන්නම් විද්‍යානූකූලව ඒක පෙන්වන්න කියලා.
දැන් තව ප‍්‍රශ්නයක් තියෙනවනේ මුස්ලිම් ජනතාව ළමයි හදනවා වැඩියි කියලා. ඔබ තරුණයෝ හැටිය බලන්න අපේ ආච්චිලා, සීයලා, මුතුන් මින්තනන්ට හිටපු දරුවෝ ගාන කීයද කියලා. ඒඅයට දරුවෝ 12, 08, 10යි. ඒකට සිංහල දෙමළ මුස්ලිම් ප‍්‍රශ්නයක් තිබුණෙ නැහැ. ලෝකය පුරාම ගත්තම එක අම්මා කෙනෙකුට හම්බවෙන දරුවන් ප‍්‍රමාණය ඉතාම සීඝ‍්‍රයෙන් පහළ බහිමින් තියෙන්නේ. ඇෆ්ගන්වල 1985 සිට 2015 දක්වා 7 සිට 5-4 දක්වා අඩුවෙලා. සෞදි අරාබිය 1950 වෙද්දි 7-8යි. දැන් එය 2-3 දක්වා පහළ බැහැලා තියෙන්නේ. ඒ නිසා ලංකාවේත් ලෝකයෙත් ගත්තම එහෙම අඩුවෙලා තියෙනවා. මොක අපි දන්වා විද්‍යාව දියුණු වෙද්දී, අධ්‍යාපනය දියුණු වෙද්දි ඒක වෙනස් වෙනවා. ඒ ආර්ථිකයත් එක්ක ගැහැනු කෙනෙකුට ළමයි හද හදා ඉන්න සමාජ වටපිටාවක් නෙවෙයි තියෙන්නෙ. ඒ නිසා මේ තත්වය පෙන්නමින් සිංහල ජාතිවාදය පැත්තෙන් වෙන බිල්ලෙක් මතු කරමින් ඉන්නවා.
ඒ වගේම මිට අවුරුද්දකට පෙර වෛද්‍යවරු 15ක් එකතු වෙලා වඳ පෙත්තක් ලෝකේ හොයාගෙන නෑ කියලා කිවුවා. අපි දන්නවා ඉගෙන ගත්තු තරුණයෝ ගොඩක් අය විශ්වාස කරනවා වඳ පෙත්තක් ලෝකේ තියනවා කියලා. හැබැයි වෛද්‍යවරු කියනවා වඳ පෙත්තක් ලෝකේ හොයාගෙන නෑ කියලා. පුළුවන්නම් හොයලා පෙන්නන්න කියලා. නමුත් ඒ බොරුව සමාජය තුළ පැලවෙලා තියනවා.
ඒ වගේම තව සංවාදයක් යනවා ළමා විවහා පිළිබඳව. අපි දන්නවා ලංකාව තුළ සිංහල, දෙමළ, මුස්ලිම් ළමා විවහා සිදුවෙනවා. හැබැයි සිංහල දෙමළ සමාජයේ ළමා විවහා සිදුවනවාට වඩා වැඩි ප‍්‍රමාණයක් මුස්ලිම් සමාජය තුළ සිදු වෙනවා. අපි ඒක පිළිගන්න ඕන. ඒක අවුලක් තියනවා. සිංහල හා දෙමළ අයගේ ළමා විවහා නිත්‍යානූකූල වශයෙන් පිළිගන්නේ නැහැ. හැබැයි මුස්ලිම් සමාජය තුළ අවුරුදු 12 ළමා විවහාය නිත්‍යානූකූල ලෙස පිළිගන්නවා. ඒ නිසා සමාජවාදී තරුණ සංගමය ලෙස අපි විශ්වාස කරනවා මේක වහාම වෙනස් විය යුතුයි කියලා. ඒ නිසා 21 ප‍්‍රහාරයෙන් පසු සමහර මුස්ලිම් නායකයෝ මේක අවුරුදු 18 දක්වා විය යුතු බවට ප‍්‍රකාශ කළා. සමහර ආගමික නායකයෝ සහ කණ්ඩායම් දැවැන්ත ලෙස මේකට විරුද්ධ ලෙස හිටියා. තාමත් තියනවා. ඒක නිසා පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් යම් සාකච්ඡුාවක් යනවා.
ඒක නිසා සමාජය තුළ ඇත්ත ප‍්‍රශ්නය මොකද්ද වෙන්න ඕන. ඇත්තට ගත්තොත් ප‍්‍රගතිශීලි යෝජනා තමයි දැන් ඉස්සරහට එන්න ඕන. ඒවා පැත්තකට ගිහිල්ලා, සිංහල ජනතාව වඳ වෙනවා ආදි ප‍්‍රශ්න තමයි සංවාද වෙන්නේ. දැන් ගත්තොත් හැම පාසලකම හැම ජාතිකත්වයකටම අයිති දරුවන් ඉගෙන ගන්න ඕන කියන යෝජනා අද සාකච්ඡුා වෙන්නෙ නැහැ. ඒවා ඔක්කොම පැත්තකට ගිහිල්ලා තියෙන්නේ.
ඒ නිසා අපි සමාජයට කියන්නේ 83ත් 21 ප‍්‍රහාරයෙත් තිබුණු දේ තමයි අපි පාලනය කරපු පාලකයෝ තව තවත් ලේ ඉල්ලමින් තමයි ඉන්නේ. ඒ නිසා මේ පාලකයන්ගේ ලේ පිපාසයට අපි කවුරුත් යටවෙන්න ඕන නැහැ. අපි තරුණයෝ විදිහට ඒකට එකතු වෙන්න ඕන නැහැ. ඒ නිසා මෙම සිදුවීම් නිසා අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සමස්ත ජනතාවම බියට පත්වෙලා ඉන්නේ. ඒ නිසා ඒකෙන් කියන්නේ අපේ අනාගතය, අපේ ජීවිත පවතින්නේ අපි අතර ජාතික සමගිය, සහෝදරත්වය ගොඩනැගීමෙන් පමණයි කියන එක. ඒ නිසා මහ ආරක්‍ෂක හමුදාවකට වඩා, මහා බුද්ධි අංශයකට වඩා අපේ ආරක්‍ෂාව තියෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් එකතුවීමෙන් පමණක් බව පැහැදිලි වෙනවා.
ඉතින් අපි ඒ වෙනුවෙන් ”සහෝදරත්වයේ දිනය” කියලා 2008 සිට මේ දක්වා පවත්වනවා. විශේෂයෙන් අපේ පාලකයෝ කළු පාට කළ ඒ දිනය සිංහල දෙමළ මුස්ලිම් අපි එකතු වෙලා වර්ණවත් දිනයක් කරමු කියන තේමාව එක්ක. ඉතිං අපි ඒ වෙනුවෙන් ජූලි 01 සිට 31 දක්වා විවිධ වැඩසටහන් සංවිධානය කළා. කරනවා. ඒ වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ගම්මානවලට ගොස් ඔවුන් සමග විවිධ වැඩසටහන් කළා. ඒ වගේම 23 වැනිදා කළු ජූලිය වූ දිනයේ ”තවත් කළු ජූලියක් එපා!” කියලා නිදහස් චතුරස‍්‍රයේදී වැඩසහනක් සංවිධානය කරලා තියනවා. එහි දී නිහ`ඩ විරෝධතාවයකුත් සංස්කෘතික ප‍්‍රසංගයකුත් සූදානම් කරලා තියනවා. ඒ සඳහා ලංකාවේ ප‍්‍රගතිශීලිත්වය, ජාතික සමගිය, සහෝදරත්වය නියෝජනය කරන සියලූ කණ්ඩායම්වලට ආරාධනා කරනවා එදාට පැමිණෙන්න කියලා. විශේෂයෙන් ජාතික සමගියේ පණිවිඩය රැුගෙන, ජීවිතයේ ආරක්‍ෂාව තියෙන්නේ ජාතික සමගිය තුළයි කියන පණිවිඩය රැුගෙන 23 වැනිදා සවස 3.30ට නිදහස් චතුරස‍්‍රයට එන්න කියන එක අපි අවධාරණය කරනවා.”
මේ සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික අරුන් හේම චන්ද්‍ර, සමාජවාදී තරුණ සංගමයේ සාමාජික සකීෆ් සාම් හා සමාජවාදී තරුණ සංගමයේ නිල්මිණී ගර්ලැක් යන සහෝදර සහෝදරින් සහභාගි වූහ.


මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *