ඇමරිකාව සමග සෝෆා ගිවිසුමක් අත්සන් කරලත් නෑ : කරන්නෙත් නෑ – අගමැති ශ්‍රී ලංකා නීතිඥ සංගමයට කියයි

ඇමරිකානු හමුදාවන්ට මෙරට තුළ පහසුකම් ලබාදෙන සෝෆා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය අත්සන් කොට නැති බවත්, අත්සන් කරන්නේද නැති බවත් අගමැති රනිල් වික්‍රසිංහ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසකට ප්‍රකාශ කළේය. සෝෆා ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගමැතිතුමා හමුවූ අවස්ථාවේ දී එතුමා මේ බව ප්‍රකාශ කොට ඇත.

සෝෆා යනු ඇමෙරිකානු රජයෙන් ශ්‍රී ලංකා රජය වෙත ඉදිරිපත් කොට ඇති යෝජනාවක් පමණක් බවත් එයට ශ්‍රී ලංකා රජය කිසිදු එකඟතාවක් ප්‍රකාශ කොට නැති බවත් අගමැතිතුමා එහි දී පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අහිතකර නීති සෝෆා ගිවිසුම් කෙටුම්පතෙහි ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් එහි දී පෙන්වා දී ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අදහස් අනුමත කළ බව කියති.

රටේ ස්වාධීනත්වයට අහිතකර ගිවිසුම් වලට මේ රජය අත්සන් නොකරන බව අගමැතිතුමා එහි දී ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *