පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට

ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
 
ජයවර්ධනපුර රෝහලට ගොස් පරීක්ෂණ පැවැත්වු රහස් පොලිස් කණ්ඩායම  මොහු අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.
 
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ පරීක්ෂණවලට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දුන් හත්දෙනාගෙන් එක් අයකු වන සමන් දිසානායක මහතා අද  උදෑසන  රෝහල්ගතවී තිබිණි.
 
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා සමන් දිසානායක මහතා අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබුණු අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ එම අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව සමන් දිසානායක මහතා සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යළිත් දන්වා තිබිණි.

ඉන්දිකා රාමනායක

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *