ලක්ෂපාන,ඉහළ කොත්මලේ, කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් ක‍ළේ, ජලාශය පහළ කැලණි ගඟ දෙපස ජනතාව විමසිලිමත් වන ලෙසයි.

මේ අතර ඉහළ කොත්මලේ, කැනියොන් ජලාශවල ද වන් දොරටු විවෘත කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, කැළණි සහ කළු ගග අවට සිටින ජනතාව විමසිලිමත්ව සිටින ලෙසයි.

එමෙන්ම දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහති වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොටගල ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යට වී ඇතැයි ද සඳහන්.

ඔහු සඳහන් කළේ, හැටන් කොටගල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි.

පවතින වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයාම් අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර සඳහන් කළේ, රත්නපුර වේවැල්වත්ත මාර්ගය සඳහා ද අවදානම් නිවේදන නිකුත් කර ඇති බවයි. සබැඳි පුවත්: 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *