|

ජනවාරියේ ඇල්ලු පාවෙන අවි ගබඩාවේ ආයුධ 3000 ම ආපසු දීලා !

පසුගිය ජනවාරි මාසයේදී ගාලු වරායේ තිබියදී අවි ආයුද 3000ක් සමග අත් අඩංගුවට ගත් එම වී මහනුවර නැවේ තිබූ අවි යුද සියල්ල මේ වනවිට ඒවාට හිමිකම් කී සමාගම් වෙත මුදාහැර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි , එහි ගබඩා කොට තිබූ එම යුද විදේශ රටවල සමාගම්වලට අයිති බව තහවුරු වීම නිසා මෙලෙස ඒ සියල්ල මුදා හැරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ බව දැනගන්නට ඇත .

ඇවන්ට් ගාඩ් සමාගමට අයත් එම නැවේ මේ වනවිට අලුතින් යුද ගබඩා කිරීමද ආරම්භ කොට ඇත .සාගර ආරක්ෂාවේ යෙදෙන විදේශීය සමාගම්වලට අයිති ආයුධ මෙලෙස ගබඩා කීරීම දිගටම සිදුවෙමින් පවතියි .

එකල ඇතිකරගෙන තිබූ දේශීය හා ජාත්‍යන්තර ගිවිසුම් අනුව මෙම ගනුදෙනු දිගටම සිදුවන බව කියති . එම ගිවිසුම් උල්ලංඝනය කළහොත් විශාල ලෙස වන්දි ගෙවීමට රජයට සිදුවන බවද දැනගන්නට ඇත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *