ජනාධිපතිට දෝෂාභියෝගයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීවරු ක්‍රියාකරමින් සිටිති. එජාප මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි හා හේෂා විතානගේ මහත්වරුන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී ය.

ආණුඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීම හා රටේ රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමට යන බව කියති. එවැන්නක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය අත්සන් සංඛ්‍යාව 75කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *