මේ මාසය අවසන් වීමට පෙර බැංකු ණය පොලී අනුපාතය සියයට දොළහේ (12%) සිට සියයට (10%) දක්වා අඩුකරනව – අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ

මේ මාසය අවසන් වීමට පෙර බැංකු ණය පොලී අනුපාතය සියයට දොළහේ (12%) සිට සියයට (10%) දක්වා අඩුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ මහතා එසේ ප්‍රකා‍ශ කළේ, ඉඩම් ඔප්පු දශ ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ, ත්‍රිකුණාමල නගර සභා ක්‍රිඩාංගනයේ අද පැවති එම දිස්ත්‍රික්කයේ 2000කට ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ,  උත්සවයකට සහභාගි වෙමිනි. ඔහු කවදුරටත් කියා සිටියේ, ත්‍රස්ත ප්‍රහාරයකින් පසුව වුව ලංකාවේ සංචාරක ආකර්ශනය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට ආණ්ඩුවට හැකිවී තිබෙන බවයි.

2019 ජනවාරි මාසේ ලෝන්ලි පැලන්ට් සඟරාවේ කිව්වා ලෝකයේ හොඳම සංචාරක ස්ථානය ලංකාව කියල. බෝම්බෙන් පස්සෙ මම හිතුවා ඒක ඉවරයි කියලා. ජූනි මාසෙ ලෝන්ලි පැලැන්ට් සඟරාව ආපහු කියනවා තාමත් හොඳම තැන ලංකාවයි කියල. දැන් තව සඟරාවකුත් කියල තියෙනව සංචාරයට හොඳම තැන ලංකාවයි කියල. ඒ බෝම්බෙන් වුණත් සංචාරක ව්‍යාපාරය අපි ඇදලා ගත්තා.

බාලි වල බෝම්බෙන් පස්සෙ, බාලි වලට එන්න අවුරුදු දෙකක් ගියා. නමුත් අපිට එච්චර යන්න බැහැ. අපේ ජනතාව ජීවත් වෙන්න ඕනෙ. කොහොම හරි මේගොල්ල ගිහින් කරඋඩ දාගෙන හරි මිනිස්සු ගෙන්න කියලා කිව්වා. දැන් කොහොමත් කර උඩ දාගෙන එන්න වැඩක් නෑ. ගුවන් යානා වලින්ම මෙහාට එනව.

මම තව එකක් කියන්න කැමතයි. මේ මාසේ අන්තිම වෙන්න ඉස්සර වෙලා, බැංකු ණය පොලිය අඩු වෙනවා, 12% ඉඳන් 10%ට. ඒක 10%කින් අපි නවත්වන්නෙ නැහැ. මම කියලා තියෙන්නෙ 9%කටවත් මේක අඩු කරන්න කියල.

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *