නැවත අහන්න දෙයක් නෑ – ජනාධිපති නිල කාලය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර අවසන්

තමන්ගේ ජනාධිපති ධුරයේ නිල කාලය ගැන නව අර්ථ කථනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගැනීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා උත්සාහ දරණ බවට ආරංචි පැතිර යන නමුත් අධිකරණයට සම්බන්ධ ආරංචි මාර්ග කියන්නේ ඒ සදහා යළි අවස්ථාවක් නැති බවයි. එයට හේතුව නම් මීට පෙර ජනාධිපතිවරයා තම නිල කාලය වසර පහක් ද? හයක් ද? කියා විමසූ අවස්ථාවේ දී ඔහු දිවුරුම් දුන් 2015 ජනවාරි 9 වන දා සිට වසර පහක් පමණක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් දී තිබීමයි. එහි දී වසර පහ ආරම්භවන දිනය ලෙස 2015 ජනවාරි 09 දිනය පැහැදිලිව තීන්දුකොට සටහන් කොට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත කී තීන්දුව දී ඇත්තේ අග විනිසුරු ඇතුළු විනිශ්චකාරවරුන් පස් දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් විසිනි. එය ඒකමතික තීන්දුවක් ද විය. එම තීන්දුව යළි සලකා බැලීමට නම් හත් දෙනෙකුගෙන් හෝ ඊට වැඩි විනිශ්චය මණ්ඩලයක් මගින් තීන්දු කළ යුතුය. මෙම තීන්දුව වෙනස් කළ හැකි වන්නේ පස් දෙනෙකුට වැඩි විනිශ්චයකාරවරුන් පිරිසක් එකඟ වන විනිශ්චයකින් බව කියති. 

කෙසේ වෙතත් ජනාධිපතිගේ ධුර කාලය පිළිබඳ මෙලෙස පැහැදිලි දින සහිත තීන්දුවක් තිබිය දී යළිත් විමසීමක් කිරීමේ හැකියාවක් නැති බව නීති අංශවල මතය වී  ඇත. ජනාධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිය හැක්කේ යම් අපැහැදිලි තාවයක් ඇත්නම්ය. මෙහිදී එවැනි අපහැදිලිතාවයක් දක්නට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *