යෝෂිත – නිතිෂා විවාහ ගිවිස ගනිති

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (12) විවාහ ගිවිස ගත් බව හෙළිවේ. මේ බව හෙළිදරව් වනේනේ නාමල් රාජපක්ෂ විසින් සිය ෆේස් බුක් ගිනුමේ තබන ලද සටහනකිනි. එම සටහන අඩංගු පිටුවට යෝෂිත සහ විවාහ ගිවිසගත් තරුණිය නිතිෂා සමඟ මහින්ද රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂ පෙනී සිටින ඡායාරූපයක් ද එක්කර තිබිණි.

යෝෂිත විවාහ ගිවිස ගත් තරුණිය කවුරුන්ද යන වග මේ වනතුරු අනාවරණය කර නැත. ඇය ගැන වැඩි විස්තර අපි ඉදිරියේ දී ආනාවරණය කරමු.

මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු රෝහිත හා මද්දුම පුතු යෝෂිත විවාහ දිවියට පිවිස ඇති අතර දෙටු පුත් නාමල්ගේ විවාහය බලන සැප්තැම්බර් 17 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි මීට ප්‍රථම හෙළිදරව් විය.

ඒ අනුව මේ වසර අවසන් වන විට හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනාම විවාහ ගිවිසගෙන් අවසන් වන අතර පුතුන් තිදෙනාගේම විවාහයන් එකම වසරක (2019) සිදුවීම විශේෂත්වයකි.  

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *