සංචාරක ව්‍යාපාරය යළි හිස ඔසවයි

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා තරමක් පසුබැස තිබූ සංචාරක ව්‍යාපාරය මේ වනවිට වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව වාර්තාවෙයි. ප්‍රහාරයෙන් පසුව මැයි මාසයේ සංචාරක පැමිණීම දිනකට 1300දක්වා පහත වැටුණු අතර එය මේ වන විට දිනකට 3000 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව කියති. සාමාන්‍යයෙන් පසුගිය වසරේ මෙම කාලෙය් දිනකට මෙරටට පැමිණි විදේශ සංචාරකයන් ප්‍රමාණය 4500ක් 5000ක් අතර විය.

මෙරට සංචාරය කිරීම සම්බන්ධෙයන් නොයෙක් රටවල් ජනතාවට දී තිබූ අවවාද කිරීම් ඉවත් කර ගැනීම මෙන්ම මෙරට සුරක්ෂිතතාව පිළිබඳව විශ්වාසය ඉහළ යාමද මෙම තත්ත්වයට හේතු වූ බව කියති.

මේ අතර සාංචාරකයන්ගේ පැමිණීම අඩුවීම නිසා හෝටල් ගාස්තු අඩු කිරීම හා වට්ටම් ලබාදීම නිසා මැයි ජුනි මාස වලදී දේශීය සංචාරක ව්‍යාපාරයේ ඉහළ යාමක් දක්නට ලැබුණු බව ද ව්‍යාපාරික අංශ කියති.

සංචාරක ව්‍යාපාරය සඳහා රජය මේ වන විට සහන පැකේජ් ලබා දී ඇති අතර ගුවන් තොටුපළ ගාස්තු ආදිය ද අඩුකොට ඇත. එය ද සංචාරක ව්‍යාපාරයේ  ඉක්මන් පිබිදීමකට හේතු වේ  යැයි කියති.

අපේ ආරංචි මාර්ග කියන්නේ ඉදිරි මාස කිහිපයේ දී සංචාරක ව්‍යාපාරය යළි යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *