කවුරුත් කීවට අපි මුහුණුපොත හෝ පිටු ගලවන්නේ නෑ – ෆේස්බුක් සමාගම

රජයෙන් හෝ වෙනත් කිසිදු සංවිධානයක් හෝ පුද්ගලයකු ගේ ඉල්ලීම් මත පදනම් වී ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ ජාලයේ තිබෙන අන්තර්ගතයන් හෝ ඡායාරූප ඉවත් නොකරන බව ෆේස් බුක් සමාගමේ නිලධාරිහූ පවසති. ෆේස්බුක් සමාගම හා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සෑම විටම ජාත්‍යන්තර ප්‍රමිත හා තත්ත්වය පිළිපදින බව ද එම නිලධාරිහූ කීහ.

ෆේස්බුක් සමාගමේ නැගී එන වෙළෙඳපොළවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන කණ්ඩායමක් මෙරටට පැමිණ සිටින අතර ඔවුහු මාධ්‍යහමුවක් තබමින්, රජයයන් වගේම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ කටයුතු කිරීමේ දී අපි ඉතා විනිවිදභාවයෙන් වැඩ කරනවා. ඒ වගේම අපි ලෝකයේ සෑම රජයක් සහ ආණ්ඩුවක් සමඟ කටයුතු කරන්නේ එකම විදිහකට. ඒ තත්ත්ව සහ ප්‍රමිත වෙනස් වෙන්නේ නැහැ.

රජයයන් සහ ආණ්ඩු සමඟ කටයුතු කිරීමේදී ඉහළම ජාත්‍යන්තර ප්‍රමිත හා තත්ත්වය අනුගමනය කරනවා වගේම මානව හිමිකම් සංවිධානවලට සමඟ කටයුතු කරනවා වගේම පොරොන්දු ලබා දී තිබෙනවා. ඒ නිසා රජයක් හෝ ආණ්ඩුවක් ඉල්ලීමක් කළ පමණින් අපි ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ ජාලයේ පළවන ඡායාරූප හෝ සටහන් ඉවත් කරන්නේ නැහැ. ඒවා සීමා කරන්නේ නැහැ.

රජයකට ආණ්ඩුවකට එවැනි ඉල්ලීම් කරන්න පුළුවන්. එසේ ඉල්ලීම් කළ හැක්කේ නීත්‍යානුකූල ආයතනයක් මාර්ගයෙන්. උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ නම්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මාර්ගයෙන්. පුද්ගලයෙක් දිගින් දිගටම අපේ ප්‍රතිපත්ති උල්ලංඝණය කරනවා නම්, ඒ උල්ලංඝණය කිරීම්වල බරපතළකම අපිව අපි ඔවුන්ගේ ගිණුම හෝ පිටු ඉවත් කරනවා. එසේ වුවත් අපි එහෙම ගිණුම් හෝ පිටු ඉවත් කරන්න කලින් එම පුද්ගලයා දැනුවත් කරනවා. ඔවුන් ඊට එකඟ නැති නම් ඔවුන්ට පුළුවන් අභියාචනා කරන්න. ඒ අනුව ස්වාධීන කණ්ඩායමක් දෙවැනි වරට ඒ ගැන විමසා බලනවා. ඒ කමිටුව කිව්වොත් අදාළ පුද්ගලයා ප්‍රතිපත්ති උල්ලංඝණය කරලා කියලා ඒ පිටුව නැවත ක්‍රියාත්මක වන්නේ නැහැ. එහෙත් කමිටුව තීරණය කළොත් අතපසු වීමක් වෙලා කියලා හා ඔවුන් අභියාචනය සමඟ එකඟ වුණොත් අදාළ ෆේස්බුක් ගිණුම හෝ පිටුව නැවත ක්‍රියාත්මක කරන්න අපි පියවර ගන්නවා.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *