ජනාධිපති තනතුරට පත්විය යුත්තේ රට හදන්න දැක්මක් ඇති නායකයෙක් – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

දිනන්න පුළුවන් අය, ජනප්‍රිය අය කියමින් එක එක නම් ජනාධිපතිවරණයට යෝජනා වුවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ හා එම තනතුරට පත් කළ යුත්තේ රට හදන්න පුළුවන් නායකයකු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. උත්සව සභාවක් අවසානයේ ජනමාධ්‍යවේදින් නගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, සාමාන්‍ය පෙළ සමත් නැති අය හැට හැත්තෑවක් පාර්ලිමේන්තුවේ සිටින බව හා එවැන්නන් පාර්ලිමේන්තුවට හෝ ඉහළ තනතුරුවලට පත් නොකිරීමට ජනතාව වග බලාගත යුතු බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂය තුළ විරෝධයක් තිබෙනවා නේ දැයි, මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා කීවේ ‘ඔය කතාව අලුත් කතාවක් නොවෙයිනේ, අවුරුදු දහයක් පහළොවක් ඉඳලා ඔය කතාව කියනවානේ යනුවෙනි.

රට හදන්න නායකත්වය දිය හැකි අපේක්ෂකයකු එජාපයෙන් ඉදිරිපත් නොකරන්නේ නම් තම සහයද නොලැබෙන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *