ඉන්ධන මිල පහළට

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙමින් තෙල් මිල පහත දැමීමට රජය තීරණය කර ඇත. 

ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත සඳහන් ලෙස සංශෝධනය කෙරේ.

ඉන්ධන වර්ගය           පැවැති මිල රු.   නව මිල රු.     මිල අඩුවීම රු.

ඔක්ටේන් 92 පෙට්‍රල්  138/=                   136/=               2/=

ඔක්ටේන් 95 පෙට්‍රල්  164/=                  159/=               5/=

සුපිරි ඩීසල්               136/=                    131/=              5/=

ඔටෝ ඩීසල්              104/=                     104/=           වෙනසක් නැත.


තෙල් මිල සූත්‍රය ප්‍රථම වතාවට අමාත්‍ය මණ්ඩලය විසින් 2018 මැයි මස හඳුන්වා දුන් අවස්ථාවේදී සෑම මාස දෙකකට පසුව එළඹෙන පස්වන දින මිල සංශෝධනය කිරීමට තීරණය කරන ලදී.

එහෙත්, ලෝක වෙළෙඳපොලේ ඉන්ධන නිරතුරුව මිල උච්ඡාවචනය වන භාණ්ඩයක් බැවින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් සතියකට වරක් මිල සංශෝධනය කිරීමට යෝජනා වුවද එහි ඇති ප්‍රායෝගික ගැටලු සැළකිල්ලට ගෙන ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඉන්ධන මිල පදනම් කර ගනිමින් මසකට වරක් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය විසින් තීරණය කරන ලදී.

ජාත්‍යන්තර තෙල් මිල අඩුවීම දිගින් දිගටම පැවැතිය හොත් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බවට ජූනි මාසයේ තෙල් මිල සංශෝධනය කළ අවස්ථාවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ප්‍රකාශ කර තිබුණි.

ජූනි මස මිල සංශෝධනය කළ අවස්ථාවේ ඇ.ඩො. 74ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අද වන විට ඇ.ඩො. 65 දක්වා අඩු වී ඇති බැවින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පොරොන්දු වූ පරිදි අද (10) දින සිට ක්‍රියාත්මක වන පරිදි තෙල් මිල මෙසේ අඩුකිරීමට මිල සූත්‍ර කමිටුව විසින් තීරණය කර ඇත.

මිල සූත්‍රය හඳුන්වාදීමෙන් පසු අවස්ථා කිහිපයක දී ඉන්ධන මිල ඉහළ පහළ ගිය ද තව දුරටත් දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල පවතින්නේ මෙම රජය බලයට පත් වූ අවස්ථාවේ පැවැති ඉන්ධන මිලට වඩා පහළ මට්ටමකය. 

2015 ජනවාරි මස 01 වැනි දා වන විට රුපියල් 150කට අලෙවි කෙරුණු ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක අද මිල රුපියල් 136කි. 

රුපියල් 111කට අලෙවි කෙරුණු ඔටෝ ඩීසල් ලීටරයක වත්මන් මිල වන්නේ රුපියල් 104කි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *