“අවි නැව ඇල්ලුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ බලකිරීමටයි “ – ඇමැති මාරපනට පොලිසියෙන් දෝස්මුරයක්

imagesඇවන්ට් ගාර්ඩ් අවි නැව් අත් අඩංගුවට ගත්තේ පොලිසියට ලකුණු දා ගැනීමට බව තිලක් මාරපන ඇමතිවරයා කළ ප්‍රකාශය වගකීමෙන් තොර බවත් එය සිදුකලේ ප්‍රබල ඇමැතිවරයකුගේ බලකිරීම නිසා බවත් පොලිසියේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි . පසුගිය රජයේද ඉහළ තනතුරක් දැරූ එම ඇමැති වරයා ජනවාරියේ බල පෙරළියෙන් පසුව පොලිසියේ ඉහළම නිලධාරියකුට උපදෙස් දී ඇත්තේ ගාල්ල වාරයේ තිබූ’එම් වී මහනුවර” නමින් හදුන්වූ අවි ගබඩාව අත් අඩංගුවට ගන්නා ලෙසයි . එය ආරක්ෂක අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන්නක් බැවින් එයට එරෙහිව පියවර ගැනීමට ඉහළ පොලිස් නිලධාරියා පසුබට වනවිට ඇමතිවරයා කියා ඇත්තේ “ඔයා ඕක අල්ලන්න ඉතිරි හරිය මම බලාගන්නම් “ යනුවෙනි . එම උපදෙස් මත පොලිසිය එම අවි නැව අත් අඩංගුවට ගත්තද එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙතෙක් නොහැකිවී තිබේ .

නීතී විරෝධී අවි ගබඩාවක් ලෙස සලකා ජනවාරි මාසයේ අත් අඩංගුවට ගත් නැවේ යුද භාරව කටයුතු කළේ ශ්‍රීලංකා නාවික හමුදාව බව ඔවුන් විසින් පිළිගෙන තිබීම නිසා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ හෝ අවි යුද පනත යටතේ එයට එරෙහිව නඩු පැවරිය නාකි වී ඇත . එමෙන්ම එම නැවේ තිබී යුද 3000ක් පමණ සොයා ගත්තද ඉන් එකදු ආයුදයක් හෝ නීති විරෝදී යැයි අධිකරණයකට ඉදිරිපත් කළ නොහැකි බව කියති .එයට හේතුව නම් එම අවි යුරෝපා රටවල නීත්‍යනුකුලව ලියාපදිංචි කොට එම රටවල සමාගම් මගින් ගාලු වාරයේ පාවෙන අවි ගබඩාවේ තැන්පත් කර තිබූ ආයුධ වීමයි . එම අවි නැවත භාරදීමට රජයේ මැදිහත් වීම යටතේ ක්‍රියාකළ බවද දැනගන්නට ඇත .

මෙම තත්ත්වය නිසා අවි තබාගැනීමේ චෝදනා අතහැර දැන් පරීක්ෂණ කෙරෙන්නේ මුදල් විශුද්ධිකරණ පනත යටතේය .

පොලිසිය දැන් කියන්නේ මෙම අත් අඩංගුවට ගැනීම් සිදුකළේ තමන්ගේ වුවමනාවට නොවන බව හා එයට ප්‍රබල ඇමතිවරයකු බලපෑම් කළ බවයි . මෙම කරුණු තිලක් මාරපන ඇමැතිවරයාටද දැනුම් දුන් බවත් “ දේශපාලනඥයන් කීවාට වැරදි වැඩ කරන්න එපා” යැයි ඇමතිවරයා කොළඹ පැවති රැස්වීමකදී සෙනසුරාදා ප්‍රකාශ කළේ එම සිදුවීම ගැන වියහැකි බවත් අපගේ ආරංචි මාර්ග කියයි .

ඇවන්ට් ගාඩ් සමාගමේ මුල් නව සම්බන්ද සිදුවීම එසේ වී තිබියදී පසුගිය මාසයේ දෙවන නව අත් අඩංගුවට ගත්තේ තමන් නොවන බවත් ඉහළ නියෝග මත එය කළේ නාවික හමුදාව බවත් පොලිසිය කියයි . එහි ඇති සියලුම අවි රජයට අයත් රක්නා ලංකා සමාගමට අයත් රජයේ අවි බව අපේ ආරංචි මාර්ග කියයි . එබැවින් නීති විරෝදී අවි පිළිබද චෝදනාව එයටද එල්ල කළ නොහැකි වනු ඇතැයි කියති .

මෙබදු මහ පරිමාණ ජාවාරමක් සදහා පෞද්ගලික සමාගමක් තෝරාගත් ආකාරය හා එම ගනුදෙනු සිදුවී ඇති ආකාරය පිලිබදව බරපතළ ප්‍රශ්න ඇතත් ආණ්ඩුව වැරදි කොනකින් ප්‍රශ්නය අල්ලා ගැනීමෙන් දුෂණ විරෝදී ව්‍යාපාරය බලවත් අර්බුදයකට ලක්ව ඇතිබව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *