SOFA ගිවිසුමක් ඇත්තෙත් නෑ, අත්සන් කරන්නෙත් නෑ – අකිල


ඇමරිකාවත් සමඟ SOFA ගිවිසුමක් ඇත්තේත් නොමැති බවත් එවැන්නක් අත්සන් තබාත් නොමැති බවත් අත්සන් තබන්නේත් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 

මෙවැන්නක් පිළිබඳව ආන්දෝලනයක් ඇතිකර ඇත්තේ විපක්ෂය විසින් බවටයි ඒ මහතා චෝදනා කළේ. 

ඒ අනුව ජනතාවට බියවීමට කරුණක් නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. 

RN

LNW


Leave a Reply

Your email address will not be published. Required fields are marked *