කැනඩාවට මෛත්‍රීව එපා වෙයි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කැනඩාවේ සංචාරයක් සදහා කැමතිව ඒ සම්බන්ධව දන්වා ඇතත් කැනඩා රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති කාර්යාලය විසින් රාජතාන්ත්‍රික ආකාරයට මේ ඉල්ලීම සිදුකර ඇති අතර ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සිදුකර ඇත්තේ ද රාජතාන්ත්‍රික ආකාරයටය .

කිසියම් රටක රාජ්‍ය නායකයෙකුට තවත් රටක් සමග සම්බන්ධතා සමීප කරගැනීමට අවශ්‍යනම් ඒ බව දන්වා ඉල්ලීමක් කරන අතර ඒ අනුව අදාළ රටේ රාජ්‍ය නායකත්වය විසින් නිල සංචාරයක් සදහා ආරාධනා කරයි. එය සිදුවන්නේ විදේශ අමාත්‍යාංශය සහ තානාපති කාර්යාල හරහා වන අතර මෙහිදී සිදුව ඇත්තේ ජනාධිපතිවරයාගේ ආරාධනය කැනඩා රජය පිළිනොගෙන පෙරළා සංචාරයක් සදහා හෝ සිරිසේන ජනාධිපති වෙත ආරාධනා නොකිරීමය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් තානාපති ආරංචි මාර්ග සදහන් කර සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීමට දැක්වූ නොහික්මුණ හැසිරීම සහ විදෙස් රාජතාන්ත්‍රික කටයුතු වලදී දැක්වූ අපරිණත භාවය මීට හේතුවී ඇති බවය. එසේම යුරෝපා සංගමය තමන්ට බලපෑම් සිදුකරන බව ප්‍රකාශ කිරීම ඇතුළු තවත් හේතු ගණනාවක් මීට හේතු වී ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *