දොස්තර සාෆි වඳ සැත්කම් කර නෑ ; බොරු චෝදනාවකට පටලවලා – ඒ එෆ් පී පුවත් සේවය ලෝකයටම කියයි .

කුරුනෑගල රෝහලේ ජේෂ්ට නේවාසික වෛද්‍ය ලෙස සේවය කළ දොස්තර මොහොමඩ් සහබ්දීන් සාෆි මහතා වඳ සැත්කම් කළ බවට කිසිදු සාක්ෂියක් නැති බවත් , ඔහු බොරු චෝදනාවක් පටලවා අත් අඩංගුවට ගෙන ඇති බවත් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කොට ඇතැයි ඒ එෆ් පී පුවත් සේවය විශේෂ වාර්තාවක් සපයමින් කියයි .කුරුනෑගල මහේස්ත්‍රාත් අධිකරණයට රහස් පොලිසිය ඉදිරිපත් කළ පිටු 210ක් වන වාර්තාව මගින් දොස්තර සාෆි කිසිදු වඳ සැත්කමක් සිදුකොට නැති බව තහවුරු වන බව එම වාර්තාවෙන් කියයි . විශේෂඥ වෛද්‍යවරුන්ගේත් සෙසු කාර්ය මණ්ඩලයේත් සාක්ෂිවලින් මේ කරුණු සනාථ වී ඇති බව ඒ එෆ් පී වාර්තාවේ සදහන්ය .

කුරුනෑගල දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් දොස්තර සාෆිට බොරු චෝදනා නගා අත්අඩංගුවට ගෙන ඇති බවද තහවුරු වී ඇත .

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දොස්තර සාෆි අත් අඩංගුවට ගෙන රදවා ඇතත් රටේ ඇති සියලු ඔත්තු සේවා වාර්තා කර ඇත්තේ ඔහුට ත්‍රස්තවාදය සමග සම්බන්ධතා ඇති බවට කිසිදු වාර්තාවක් නැති බවයි . ඔහු අත් අඩංගුවට ගත් කුරුනෑගල පොලිසියේ බුද්ධි අංශයද ඒ බව තහවුරු කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *