ජනතාවට සින්නක්කර ඔප්පු දෙන්න ජනතාව සමඟ පාරට බැසීමට මම සූදානම් – අගමැති රනිල් වික්‍රමසිංහ

ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම වළක්වන්න උත්සාහ කරන සංවිධාන වලට විරුද්ධව තමා ජනතාව සමඟ පාරට බැසීමට සුදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ වැඩසටහන යටතේ අම්පාර ප්‍රදේශයේ පැවති ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයක දී ය. තව දුරටත් කතා කළ අගමැතිතුමා මෙසේ කීය.

ඔබට දෙන ඔප්පුවල සින්නකර අයිතිය නැහැ. ඒ නිසා අපේ ඇමතිතුමා සමඟ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව පනතක් සකස් කරගත්තා. ඉඩම් විශේෂ විධිවිධාන පනත. මෙම කෙටුම්පතෙන් අවුරුදු 10 කට වඩා හිටිය අයට සින්නක්කර අයිතිය ලැබෙනවා. මෙම කෙටුම්පත හදලා කැබිනට් එකෙන් සම්මත කරන්න අවුරුදු දෙකක් ගියා. එක එක බලවේග ඕකට විරුද්ධ වුණා. සංවිධාන දෙකක් දැන් කියනවා ඔබට මේ රටේ සින්නක්කර අයිතිය දෙන්න එපා කියලා. කවුද මේ කට්ටිය? ජනතාවට ඉඩම් අයිතිය දෙන්න අකමැති අය, මේක නවත්වන්න නඩු කියන්න හදනව. මේ සින්නකර අයිතිය දෙන එක කාටවත් නවත්වන්න බෑ කියලා මම කියන්න කැමතියි.

සමහර අය මට කතාකරලා කිව්වා, අපි පාරට බහිනවා, අපි උද්ඝෝෂණය කරනවා. අපිට සින්කර ඔප්පු අයිතිය ඕනැ කියලා. අපි එතනින් පටන් ගම්මු. මේ සටන අතඅරින්න බෑ. ගියසැරෙත් මෙහෙම කෙටුම්පතක් ගෙනාවම එදා තිබුණ ආණ්ඩුව, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති. අපි ආණ්ඩුව. එතැනින් ගෙනාවා එක නවත්වන්න. ඒත් මේ සැරේ ඒක නවත්වන්න ඉඩ දෙන්නෙ නෑ. ජනතාව සමඟ පාරට බහින්න මම සූදානම්.

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *