යුග පෙරැළියකට මග පෙන්වූ මාදුළුවාවේ හිමියෝ අපවත් වෙති .

jghjසාධාරණ සමාජයක් සදහා ව්‍යාපාරය බිහි කරමින් රටේ යුග පෙරැළියකට මග පෙන්වූ මාදුළුවාවේ සෝභිත හිමියෝ අද පාන්දර සිගප්පුරුවේ මවුන්ට් රෝයල් රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වීය . රටේ යහපත වෙනුවෙන් සැමදා කැපවී ක්‍රියාකළ උන්වහන්සේ වත්මන් දේශපාලන පෙරළියේ ප්‍රධාන මාර්ග උපෙදේශක තුමා බවට පත්ව සිටියහ . විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කීරීම ,ප්‍රධාන පක්ෂ දෙකේ සමගි ආණ්ඩුවකින් රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගීම , ආදී බොහෝ යෝජනා දේශපාලන පක්ෂවලට ඉදිරිපත් කිරීමට මුල් වුයේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයයි .

කෙසේ වෙතත් රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රමාණවත් ලෙස සිදු නොවීම සම්බන්ධයෙන් අවසන් කාලයේදී සෝභිත හිමියන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි බව වර්තා  වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *