නිදහස් පක්ෂය පොහොට්ටුව ඉදිරියේ දණ ගැසිය යුතු නෑ-දයාසිරි

රාජපක්ෂ පවුල් පාලනය 2015 ජනවාරි 08 වනදා ජනතාව විසින් පරාජය කළ බව සිහිපත් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ දරන්නේ එම පාලනයම හෝ ඊටත් එහා එකක් ගෙන ඒමටදැයි ප්‍රශ්න කරයි. 

ජනාධිපති ධුරයත් අගමැති ධුරයත් ප්‍රධානතම අමාත්‍ය ධුර හත අටකුත් ඔවුන් වෙතම ලබා දෙමින් ඔවුන් හා සන්ධානගත වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොහැකි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. 

“නිකම්ම ශ්‍රීලනිපය ගිහිල්ලා පොහොට්ටුව ඉදිරියේ දණගහලා වැඳලා, මහින්ද මහත්තයාටත් කකුල් දෙක අල්ලලා වැඳලා මහත්තයෝ සමාවෙන්න මේ කරපු දේවල්වලට කියලා ඉන්නද ? නෑ ! එකතු වෙනකොට ශ්‍රීලනිප අනන්‍යතාවය සහිතව තමයි එකතු වෙන්න ඕනෙ කියලයි මං කියන්නෙ. එහෙම නැති වුණොත් අපි අර පොහොට්ටුව ඇතුළෙ දිය වෙලා යනවා. 

ඉතිං දැන් ආණ්ඩුව හදලා අපි ශ්‍රී ලංකා එකට වැඩ කරපුවාම අපි ද්‍රෝහියෝ වුණා, ඒගොල්ලො වීරයො වුණා. මෛත්‍රී ජනපති – මහින්ද අගමැති. අපි කියන්නෙ ඒකම කරමු කියලා දැනුත්. එදා දවස් 52කට කරන්න පුළුවන් නම් දැන් ඇයි බැරි ?

දැන් ඉන්න ජනාධිපතිතුමාව කොහෙ තියලද අපි ඊළඟ ජනාධිපතිවරණය තියලා ආණ්ඩුවක් හදන්නෙ ?

ප්‍රශ්නෙ තියෙන්නෙ මේ පොදුජන පෙරමුණේ සහෝදරවරුන්ගෙ තියෙන වෛරය. ඉතිං වෛරය පොඩ්ඩක් සංසිඳුවලා, ගෙනල්ලා, මෛත්‍රී ජනපති – මහින්ද අගමැති කළොත් අපිට කිසි ගැටළුවක් නෑ, බැහැලා ගේම දෙන්න පුළුවන්. ” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (06) දෙහිවල ශ්‍රීලනිප කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *