සමහර ඇමතිවරු වැඩකරන්නේ ජනාධිපතිට ඕනෑ විධියට – අගමැතිගෙන් දෝස්මුරයක්

එජාපෙ ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු වැඩ කරන්නේ ජනාධිපතිවරයාගේ වුවමනාව අනුව බවත් ඔවුන් පක්ෂයේ උපදෙස් නොතකා ක්‍රියා කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත . සදුදා හවස පැවති පුර්ව කැබිනට් රැස්වීමේදී අගමැතිතුමා මෙම ප්‍රකාශය කළේ අවවාදාත්මක ආකාරයෙනි .

අගමැති රනිල්ගේ කතාව අනුමත කරමින් කතා කළ ඇමති  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිවේ ඇතැම් ඇමතිවරුන්ගේ හැසිරීම පක්ෂයට හානිකර බවයි .

මෙම විවේචනය බරපතල ලෙස එල්ල වන්නේ මංගල සමරවීර ඇමතිවරයාට බව දේශපාලන ආරංචි මාර්ග කියයි . කුමන්ත්‍රණ ආණ්ඩුව පැවති අවස්ථාවේ මංගල ඇමතිතුමා කළ කතාවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීමත් සමග ජනාධිපතිතුමා ඇමතිවරයා සමග උරණ වී සිටියේය . පසුව මංගල සමරවීර ඇමතිවරයා බුලත් හුරුල්ලක් දී ජනාධිපති තුමාගෙන් සමාව ගත් බවට ආරංචි පැතිර ඇත . කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසුව ඇමති මංගල සමරවීර මහතා ජනාධිපතිතුමාගේ අවශ්‍යතා ඉටුකරමින් සිටින බවට චෝදනා එල්ලවෙමින් පවතියි . මේ වනවිට ඒ මහතා ජනාධිපතිතුමාගේත් ශිරාල් ලක්තිලක , මෛත්‍රී ගුණරත්න කණ්ඩායමේ හා සිරස මාධ්‍ය ජාලයේත් අවශ්‍යතා අනුව කටයුතු කරමින් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමේ මෙහෙයුමක නිරත වී සිටින බවටද එජාපය තුලින් චෝදනා එල්ලවෙමින් පවතියි .

එජාපය තුලින් සජිත් බලයට ගෙනැවිත් ශිරාල්, මෛත්‍රී කණ්ඩායම බලවත් කොට තම බලයද පවත්වාගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන සැලැස්මක් වී ඇති බව කියති . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *