වරදට දඬුවම

නරලොව සිට නරසිංහ වාර්තා කරයි.

මරණ දඬුවමට අත්සන් තැබීමට තමා විරුද්ධ බව සාටක රජු රජතුමා කියා ඇති බව දැනගත් ජනාධිපතිතුමා වහාම සාටක රජුට කතාකර මරණ දඬුවමට අත්සන් කරන්නෙ නැත්නම් ඔයා කරන්නේ කුමක්ද කියා ඇසුවේය.

වෙන මොනවා කරන්නද අත්සන් කරන්නේ නැහැ කියා එවිට සාටක රජතුමා උත්තර දුන්නේය.

අත්සන් නොකර මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ කොහොමද? මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න බැරි වුණොත් මගේ මත්ද්‍රව්‍ය විරෝධී සටන සම්පූර්ණයෙන්ම හබක් වෙනවා කියා එවිට ජනාධිපතිතුමා කීවේය.

මත්ද්‍රව්‍ය විරෝධී සටන කරන්න මරණ දඬුවම නැතිවම බැරිද කියා එවිට සාටක රජතුමා ජනාධිපතිතුමාගෙන් ඇසුවේය.

මුන් හිරේ ඉදනුත් කුඩු බිස්නස් කරන කොට මරණ දඬුවම නොදී කොහොමද? මට බය එලොව ඉදනුත් මෙලොවට කුඩු එවන්න පටන් ගනීවිද කියා යැයි එවිට ජනාධිපතිතුමා කීවේය.

එහෙම නම් අස්සන් නොකර මරණ දඬුවම් ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් හොයාගන්න වෙනවා කියා සාටක රජතුමා කීවේය.

අත්සන් නොකර මුකුත්ම කරගන්න වෙන්නේ නැහැ. දැන් පෝරකයත් රෙඩි, අලුගෝසුවෝත් රෙඩි, එල්ලන අයත් රෙඩි ,වැලි කොට්ට එල්ලලා පෝරකේ වැඩ කරනවාද කියලා ටෙස්ට් කරලත් ඉවරයි කියා ජනාධිපතිතුමා කීවේය.

වැලි කොට්ට එල්ලුවේ අපරාදේ කියා එවිට සාටක රජතුමා කීවේය.

වැලි කොට්ට එල්ලන්නේ නැතුව මිනිස්සු එල්ලලා පෝරකේ ටෙස්ට් කරන්න කියලද කියන්නේ කියා එවිට ජනාධිපතිතුමා ඇසුවේය.

මිනිස්සු එල්ලලාත් ටෙස්ට් කරන්න පුළුවන්. ඒ නැතත් ටෙස්ට් කරන්න වෙනත් ක්‍රම තියෙනවා කියා සාටක රජතුමා කීවේය.

වෙනත් ක්‍රම මොනවාද? ලැබ් වල මීයෝ කපල බලනවා වගේ මියෝ එල්ලලා පෝරකය ටෙස්ට් කරන්නද කියා ජනාධිපතිතුමා ඇසුවේය.

මීයෝ එල්ලුවොත් ලණුව කපනවා එත් වැලි කොට්ට වෙනුවට වෙන දෙයක් යොදාගෙන ටෙස්ට් කරන්න තිබුණා කියා සාටක රජතුමා කිවේය.

වැලිකොට්ට වෙනුවට පුටු කොට්ට යොදන්නද කියා ජනාධිපතිතුමා ඇසුවේය.

පසුගිය කාලේ ඇල්ලුවා යි කියපු කුඩු තොග වල හැටියට වැලිකොට්ට වෙනුවට කුඩු කොට්ටම යොදාගෙන එල්ලුම්ගහ ටෙස් කරන්න තිබුණා නේද කියා එවිට සාටක රජතුමා ඇසුවේය.

ඔයාගේ කාලේ ඔයා මරණ දඬුවමට අත්සන් කරලා තිබුණානම් මට මේ පරිප්පුව කන්න වෙන්නේ නැහැ. මරණ දඬුවම ක්‍රියාත්මක කළානම් ප්‍රභාකරන් වුණත් එල්ලලා මරන්න තිබුණා කියා ජනාධිපතිතුමා කීවේය.

මම අතේ පයේ ගාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. මගෙන් පාඩම් ඉගෙන ගත්ත නම් ඔයාටත් අත්සන් ඕන වෙන්නේ නැහැ කියා එවිට සාටක රජතුමා උත්තර දුන්නේය.

එවිට ජනාධිපතිතුමා කිව්වේ මට තේරුනේ නැහැ කියාය.

තජුදීන්, එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග මතක් කරගත්තානම් වැඩේ තේරෙයි කියා එවිට සාටක රජතුමා කිවේය.

මධුෂ් කාරයා කුඩු වලට සම්බන්ධ දේශපාලකයන්ගේ නම් කියනවා කියලා ඔයා කිව්වා නේද කියා සාටක රජතුමා ඇසුවේය.

කියනවා කියනවා නවත්තන්න බැහැ කියා එවිට ජනාධිපතිතුමා කීවේය.

මත් ජාවාරමට සම්බන්ධයි කියලා මධූෂ් කියන දේශපාලකයන්ට ගන්න හිතාන ක්‍රියාමාර්ගය මොකක්ද කියා සාටක රජතුමා ඇසුවේය.

ඒ අය සම්බන්ධයෙන් ඔයා ඒ කාලේ ගත්ත ක්‍රියාමාර්ගය මමත් අනුගමනය කරන්නයි හිතාගෙන ඉන්නේ කියා ජනාධිපතිතුමා කිවේය.

ඒ කිව්වෙ ආයුධ පෙන්නන්න එක්ක යනවා ද? කියා සාටක රජතුමා ඇසුවේය.

පාතාලයන්ට වගේ කුඩුකාරයන්ට ආයුධ පෙන්නන්න පුලුවන්ද? කුඩු කාරයෝ ගාව තියෙන ආයුධ මොනවාද කියා එවිට ජනාධිපතිතුමා ඇසුවේය.

අර ගායකයාද නළුවාද ගාව කුඩු කිරණ තරාදි තිබුණා කියලා පොලිසියට කීවා මතක නැද්ද? කුඩු කිරන තරාදියක් පෙන්නන්න යද්දී අනතුරු වෙන්න, වෙඩි වදින්න, ගඟට වැටෙන්න පුළුවන් කියා සාටක රජතුමා කීවේය.

ඒ වගේ වැඩවලට මම කැමතිනම් මරණ දඬුවමට අස්සන් කරන්න මෙච්චර දඟලනව ද? කියා ජනාධිපතිතුමා ඇසුවේය.

එහෙම නම් මොනවද කරන්න යන්නේ කියලා සාටක රජතුමා ඇසුවේය.

ලබන ඉලෙක්ෂන් එකට නොමිනේෂන් දෙනවා කියා ජනාධිපතිතුමා කීවේය.

ඊට පස්සේ? කියා සාටක රජතුමා ඇසුවේය.

දිනලා එන්න බැරි වුණොත් ජාතික ලයිස්තුවෙන් හරි පාර්ලිමේන්තුවට ගන්නවා කියා ජනාධිපතිතුමා කීවේය.

හැබැයි ඔන්න කිව්වා. මීගමුවේ මෑන්ටයි ගම්පොල මෑන්ටයි ඒ දඬුවම දෙන්න බැහැ. ඒ දෙන්නාට ඒ දඬුවම දෙන්න මම පොරොන්දු වෙලයි ඉන්නේ කියා සාටක රජතුමා කීවේය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *