අගමැතිකමත් විපක්ෂ නායකකමත් ලැබුණේ එකඟතාවන්ට අනුවයි. ජනපතිට ගහන්න එපා ! – වාසු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර ගැසීමෙන් වැළකිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි. 

මහින්ද රාජපක්ෂ මහතාට මීටපෙර අග්‍රාමාත්‍ය තනතුර ලැබුණු බවත් දැන් විපක්ෂ නායක තනතුර හිමිව ඇති බවත් සිහිපත් කළ ඒ මහතා ඒ සියල්ල සිදුවූයේ ජනාධිපතිවරයා සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුව බවත් සඳහන් කළේය. 

එහෙයින් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය සමඟ ගැටෙමින් සිටින මොහොතේ ඔහුට බාධා කරන්නේ කුමකටදැයි වාසුදේව නානායක්කාර මහතා විමසා සිටියේය. 

කළ යුතුව ඇත්තේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරමින් එජාප විරෝධී එක් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පොදු එකඟතාවයකට පැමිණීමට උත්සාහ කිරීම බව පෙන්වා දුන් ඒ මහතා ඒ සඳහා පළමුවෙන්ම ජනාධිපතිවරයාටත් ශ්‍රීලනිපයටත් පහර ගැසීමෙන් වැළකී සිටිය යුතු බව පැවසීය. 

එසේම ජනාධිපතිවරයා සහ පොහොට්ටුව අතර මතභේදයක් ඇතිකිරීම එජාපයේ උපක්‍රමයක් වීමට ද හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. 

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *