මේ විදිහට වැඩි කාලයක් ආණ්ඩුව ගෙනියන්න බෑ – රංගන ශිල්පිනී දීපානි සිල්වා.
පසගිය ජනාධිපතිවරණය, මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී මැතිවරණයක්. ජනතාව වැඩියෙන්ම අවදියෙන් සිටි, මාධ්‍යය නිරන්තරයෙන්ම යාවත්කාලීන කළ, මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුව ඍජුව කටයුතු කරපු මැතිවරණයක්. රටේ සිවිල් ජනතාව වගේම, විවිධ සංවිධාන, විවිධ වෘතිකයන් මෙම මැතිවරණයේදී වෙනදාට වැඩිය උනන්දුවෙන්, සක‍්‍රීයව තමන් කැමති දේශපාළන පක්‍ෂයන්ට උදව් කෙරුවා. එහෙත් මෙම මැතිවරණයේදී කලාකරුන්ගේ සහභාගිත්වය ප‍්‍රමාණාත්මකව ඉතාම අඩුයි. ලංකාවේ කලාකරුවන්ගේ ප‍්‍රමාණයට සාපේක්‍ෂව ඉතාම අඩු සහභාගීත්වයක් තමයි පසුගිය මැතිවරණ දෙකෙදීම තිබුණේ. සමහරුන් උදව් කෙරුවත්, ඔවුන්ගෙ කැපී පෙනෙන භූමිකාවක් තිබුණෙ නෑ. කලාකරුවන් ජාතික කර්තව්‍යයකදී මෙයට වඩා කැපවීමකින් කටයුතු කළ යුතුයි නේද?
ඇත්ත. ඔබේ නිරීක්‍ෂණය හරි. කලාකරුවන්ගේ සහභාගීත්වය අඩුයි මෙන්ම, සහභාගී වූ අයගේ ක‍්‍රියාකාරිත්වය ඉතාම මන්දගාමියි. කලාකරුවන් මේ වගේ ජාතික කර්ත්‍යයකදී මීට වඩා කැපවීමකින්, ජවයකින් කටයුතු කළ යුතුයි. එවන් දායකත්වයක් දීමට ඔවුන්ට ඉදිරියට එන්න බැරි කමක් තිබුණා. මීට පෙර පැවති මැතිවරණ වලදී කලාකරුවන් ජනතාව ඉදිරියට ගිහින් නොයෙක් කතා කියලා දේශපාලන චරිත නිර්මාණය කෙරුවා. කලාකරුවන්ගේ කීම පිළිඅරගත්් ජනතාව එම පුද්ගලයන් බලයට පත්කෙරුවා. එම ආණ්ඩු බලයට ගෙනාවා. ඒත් ඔවුන් කිව්ව දේවල් කෙරුවෙ නෑ. දුන්න පොරොන්දු ඉටු කෙරුවෙ නෑ. ඊට හාත්පසින් වෙනස් දේවල් තමයි ඔවුන් කෙරුවෙ. ඉතින් කලාකරුවන්ට ජනතාව අතරට ඇවිත් යළිත් කතාකරන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. ජනතාව ඔවුන්ගේ ක‍්‍රියාදාමය හැඳින්වූවේ ‘කඬේ යනවා’ කියලා. මම නම් ඒ වචනය භාවිතා කරන්න කැමති නෑ. නමුත් ජනතාව ඔවුන්ව එහෙම හැඳින්වුවා. කඬේ ගිය අය, කියපු විදිහට වැඬේ සිද්ධ වුනේ නැති නිසා ඔවුන්ට යළිත් ජනතාව අතරට එන්න, ජනතාව ආමන්ත‍්‍රණය කරන්න පුලූවන්කමක් සිදුවුනේ නෑ. ඔවුන් තමන්ගේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කෙරුවා මිසක්, රටේ පොදුවේ ජනතාවට යමක් කෙරුවෙ නෑ. සිදුවුනේ එක්තරා පන්තියක, එක්තරා කණ්ඩායමක, එක්තරා පවුලක අවශ්‍යතාවයන් අනුව කටයුතු කිරීමයි.
මේ තත්ත්වය කොටස් දෙකකට ගන්න අවශ්‍යයි. ජනවාරි 8 වෙනිදාට පෙර හා අගෝස්තු 17 වෙනිදට පෙර වශයෙන්. ජනවාරි 8 වෙනිදට පෙර හිටපු ජනාධිපතිවරයා වටේ පිරිසක් හිටියත්, පොදු අපේක්‍ෂකයා ගේ පැත්තෙ හිටගන්න කවුරුත් හිටියේ නැහැ. පොදු අපේක්‍ෂකගෙ පැත්තට උදව් කරන්න බයක් තිබුණා. ඒ වගේම මෙහෙම පෙරළියක් ඇති කරගන්න හැකිවෙයිද කියන අවිශ්වාසයත් තිබුණා. හිටපු ඒකාධිපති, දුර්දාන්ත පාලකයා පළවා හරින්න ශක්තියත් ඔහුට විරුද්ධ කණ්ඩායමට තියෙයිද කියන සැකය තිබුණ. බැරිවෙලාවත් පොදු අපේක්‍ෂකයා දිනවන්න උදව් කරල, එය කරන්න නොහැකි වුණානම් මොකද වෙන්නෙ කියලා ඔවුන් බයවුණා. එහෙම වුණානම්…… හිතාගන්නවත් බෑ. අතුරුදහන් වෙන්න පුළුවන්. රැුකියාවලින් දොට්ට දාන්න පුළුවන්. නැත්නම් වෙනත් කරදර ඇතිවෙන්න පුළුවන්. සමාජයට එන්න බැරි තත්ත්වයක් ඇති කරන්න පුලූවන්. කලා කරුවො ජීවත් වෙන්නෙ නාටය්‍යක ර`ගපාලා හරි, වෙනයම් කලාටයුත්තක නිරත වෙලා. ඔවුන්ට ඒවා කරගන්න බැරිවෙයි කියල බයක් තිබුණා. ඒ නිසා වෙනස කරන්න ඉස්සරහට එන්න අකමැති වුණා.
නමුත් වෙනසක් අවශ්‍යයි කියල තේරුම් අරගෙන නිහඬව තමන්ට හැකි ක‍්‍රියාකාරකම් කෙරුව කලාකරුවන් විශාල පිරිසක් හිටිය. ඒ වගේම තිබුණ දුර්දාන්ත පාලනයට එහෙයි කියාගෙන, එම රජයෙන් ආසාමාන්‍ය විදිහට වරප‍්‍රසාද ලබාගන්නා පිරිසකුත් හිටිය. එයාලට විශාල පිරිවැයක් හම්බවුණා. වරප‍්‍රසාද වරදාන ලැබුණ. ඒ කටයුතු කරගෙන යෑමට. කලින් හිටියෙ රජකෙනෙක්නෙ. එයාට පුළුවන් ඕන විදිහට මුදල් බෙදල දෙන්න. ඔවුන්ගෙ වැඩ වලට ඉල්ලන ප‍්‍රමාණයට වැඩිපුරත් දීල තියෙන අවස්ථා තියෙනව. ඒ නිසා හිටපු පාළකයත් එක්ක සැලකියයුතු පිරිසක් හිටිය.
අනිත් පැත්තෙන් තමාගෙ හැම දෙයක්ම කැප කරල, වෙන දෙයක් වුණාවෙ කියල හිතල, ඉදිරිපත් වෙච්ච කලාකරුවො සුළු පිරිසක් හිටියා. ඔවුන්ගෙ ක‍්‍රියාදාමය ඉතාමත් ඉහළින් අගය කළ යුතුයි. 8 වෙනිදා සිදුවූ වෙනස නැතිනම්, අපිට මෙහෙම කතාකරන්න තරම්වත් නිදහසක් ඇති වෙන්නෙ නෑ. ඒ ජනවාරි 8 වෙනිදා ලබාගත්ත ජයග‍්‍රහණය විශාල ජයග‍්‍රහණයක්. කලාකරුවන් විතරක් නෙමෙයි, උගතුන්, බුද්ධිමතුන්, සමාජ ක‍්‍රියාකාරකයන් නිර්භයව කැපවීමෙන් වැඩ කෙරුවා. ඒ වගේම සමාන්‍ය ජනතාවත් ඉතාමත් උනන්දුවෙන් කටයුතු කෙරුවා.
අගෝස්තු 17 වෙනිදා සිදුවුනේ ඊට වැඩිය වෙනස් දෙයක්. 17 වෙනිදා විශ්වාසයක් ගොඩනැ`ගුණා, ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණයෙන් පස්සේ දින 100 ආණ්ඩුවක් නිර්මාණය කෙරුවා. රජය සම`ග එකතුව වැඩ කරනකොට ශක්තියක් ඇතිවෙනව. ජයග‍්‍රහණය ගැන බලාපොරොත්තුවක් ඇති වුණා. ඒක හින්දා එක්සත් ජාතික පෙරමුණු රජය ජයග‍්‍රහණය කර ගත්තොත් මේ මේ දේවල් කරගන්න පුළුවන් කියල හිතුව. සමහරවිට පුද්ගලික දේවල් වෙන්න පුළුවන්. කොහොම වුනත් මේ රජය දිණවීමට කලාකරුවො පිරිසක් ඉදිරියට ආවා.
ඔබ මුලින්ම පොදු අපේක්‍ෂකයා දිනවීම සඳහා කැපවූ පුරවැසි බලය වේදිකාවේ දක්නට ලැබුණත්, ඉන්පසුව අපි ඔබව දකින්නේ ‘ජනතා විමුක්ති පෙරමුණ දිනවීමට සහයෝගය දෙන්න’ කියන පුවත්පත් සාකච්ඡුාවක. ලක්‍ෂමන් විජේසේකර ගායන ශීල්පියත් එම අවස්ථාවට පෙනී හිටිය. ඉන් පසුව ඔබ දිගටම ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනීසිටිනවා.
මම පොදු අපේක්‍ෂකයා දිනවීම සඳහා පුරවැසි බලය වේදිකාවට ගොඩවුණා කියනවට වැඩිය වඩාත් නිවැරදියි පැවති රාජපක්‍ෂ බල අධිකාරිය, ඒ ¥ෂිත රජය පන්නන අවශ්‍යයි කියන වේදිකාවෙ හිටිය කියල කිව්වොත්. ඒත් මගෙ හිතට එක`ගව වඩාත් නිවැරදි ස්ථාවරයක හිටියේ ජනතා විමුක්ති පෙරමුණ. මගේ ප‍්‍රතිපත්ති සම`ග වඩාත්ම ගැළපුනේ ඔවුන්ගෙ ප‍්‍රතිපත්ති. ඔවුන් පෙනී හිටියෙ වැඩපිළිවෙලක් සම`ගයි. මම ඔවුන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඍජුවම පෙනී හිටියා, ප‍්‍රකාශ නිකුත් කළා, විවිධ ක‍්‍රියාකාරකම් සම`ග එකතු වුණා. ඔවුන්ගේ වේදිකාවට පවා ගොඩවුණා. මට අවශ්‍ය වුනේ ඔවුන්ව දිනවන්න. ආණ්ඩු බලය ලබාගන්න බැරි වුණත් යම්කිසි සාධනීය තැනකට ඔවුන්ව ගෙන එන්න.
ඔබ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකවක්ද? නැත්නම් පිටින් ඉඳන් උදව් කරනවද?
මම සමාජිකාවක් නෙමේ. මම මගේ හැකියාවන් තුළින් ඔවුන්ට උදව් කරනව. මගේ ප‍්‍රතිපත්තිවලට සමීප නිසා මම පූර්ණකාලීනව මගේ සහයෝගය ලබා දෙනව. ඊට අමතරව පුරවැසි බලය ස්වාධීනව කටයුතු කරනවනම්, මම ඔවුන් සමගත් ඉන්නව.
එතකොට ඔබ පුරවැසි බලය සම`ග දිගටම පෙනී නොසිටීමට හේතුව කුමක්ද? ඔවුන්ද සිටියේ ¥ෂිත රජයටත්, මහින්ද පවුල් පාළනයට විරුද්ධවයි.
ඇත්ත. ඔවුන් එහෙම හිටියා ජනවාරි 8 වෙනිදාට පෙර. මමත් එතකොට ඔවුන් සම`ග හිටියා. එතකොට ඔවුන් හිටියේ නිදහස් මතධාරීන් විදිහට ස්වාධීනවයි. පසුව ඔවුන් රනිල් වික‍්‍රමසිංහ සම`ග අවබෝධතා ගිවිසුමකට අත්සන් කරනවා. ඊට පස්සෙ ඔවුන් කෙළින්ම එක්සත් ජාතික පෙරමුණ දිනවීමේ ව්‍යාපෘතියක් තමයි ක‍්‍රියාත්මක කරන්නෙ. මම අදටත් පුරවැසි බලයේ විවිධ ක‍්‍රියාකාරකම් සම`ග ඉන්නවා. එහෙත් දැන් නම් පුරවැසි බලය ඉන්නේ මේ රජය ආරක්‍ෂාකරන වැඩපිළිවෙලක බවයි පෙනෙන්නෙ. ¥ෂණ, වංචා, කොමිස් ගැහිලි සෙවිය යුතුයි කියල හිටිය දැඩි ස්ථාවරය ඔවුන් අමතකර කරල තියෙනව. පුරවැසි බලය කියන්නෙ නිදහස්, ස්වාධීන සංවිධානයක්. ඔවුන් එම තත්ත්වය ආරක්‍ෂා කරගත යුතුයි. ඒ නිසයි ඔවුන් වටා මධ්‍යස්ථ මතධාරීන් එකතුවුණේ. ඔවුන් එම ස්වාධීනත්වය ආරක්‍ෂා කරගත යුතුයි කියලයි මම අදහස්කරන්නෙ.
ඒ කියන්නේ පුරවැසි බලය තමන්ගේ ස්ථාවරය වෙනස්කෙරුව කියලද?
පුරවැසි බලය කියන්නෙ, ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන්, නිදහස් මත දරන පිරිසක්ගෙන් සමන්විත සංවිධානයක්. ඔවුන් එක්සත් ජාතික පෙරමුණ බලයට පත්කරන්න කැපවෙන්න ඇත්තෙ හිටපු ජනාධිපතිතුමාගේ කණ්ඩායමට විශාල බලයක් ලැබිල, යළිත් ඔවුන් ආණ්ඩු බලය ලබාගනියි කියන සැකය මත වෙවන්න පුළුවන්. ඔවුන් උදාවී තිබූ තත්ත්වය මත පොදු ජනතා අපේක්‍ෂාව අනුව කටයුතු කෙරුව. මම එහි වැරැුද්දක් දකින්නෙ නෑ. දැන් එ.ජා.පෙ. රජය බලයට ඇවිත් තියනව. දැන් යළිත් ඔවුන් ස්වාධීනව, පක්‍ෂග‍්‍රාහි නොවී පෙර මෙන් ¥ෂණයට, වංචාවලට, අසාධාරණයට විරුද්ධව පෙනී සිටිය යුතුයි.
අද කලා ක්‍ෂේත‍්‍රයට එන බහුතර කලාකරුවන්, විශේෂයෙන්ම නළු නිළියන් කලාවෙන් නමක්, ජනප‍්‍රියත්වයක්් ලබාගත් විට කරන්නේ එය උපයෝගිකරගෙන ව්‍යාපාර කරන්නයි. ඔවුන් කාලය යොදවන්නේ තම ජනප‍්‍රිය තාවය තහවුරු වෙන වැඩ සටහන්වලට පමණයි. ඔබ එහෙම නෙමේ. අගනුවර පමණක් නෙමේ, ඈත ගම්දනව් වලට පවා ගිහින් වීදිනාට්‍ය තුළින්, ඔබේ කථිකත්වය උපයෝගි කරගෙන ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහන් වලට පෙනී සිටිනවා. කිසිදු වරප‍්‍රසාදයක්, ප‍්‍රතිලාභයක් බලාපොරොත්තුනොවී වමේ දේශපාලන වේදිකාවේ පෙනී සිටිනවා. මෙයට පසුබිම මොකක්ද?
කුඩා කළ සිටම මම ජීවත්වුනේ දේශපාලන පසුබිමක. මගෙ පියා ජේ. පීටර් සිල්වා, ඔහු වාමාංශික දේශපාලනයේ ක‍්‍රියාකාරි පුද්ගලයෙක්. වෘත්තීය සමිති නායකයෙක්. ඔහු ශ‍්‍රී ලංකා ජාතික ගුරු සංගමයට සම්බන්ධවයි ක‍්‍රියාකළේ. එය එක පක්‍ෂයකට සම්බන්ධ වෘත්තීය සමිතියක් නෙමේ. සියලූම පක්‍ෂන්‍ල සාමාජිකයන් එහි සාමාජිකත්වය දැරුවා. බණ්ඩාරනායක රජය පැවති කාලයේ යම් යම් වෘත්තීය ගැටළු නිරාකරණය කරගන්න ඔහු රජය සම`ග සාකච්ඡුාකර ගරු වෘත්තිකයන්ට සාධාරණයක් ඉටු කර දුන්නා. ඔහු ඉතාම සාධාරණ හා සාර්ථක මට්ටමකින් කටයුතු කරපු පුද්ගලයෙක්. වරක් ඞී.බී. ධනපාල අපේ තාත්තා ගැන සඳහන් කරලා තිබුණේ බ්ලේඞ්තල ගොඩක් අතේ මිට මොලවගෙන, ඒ වේදනාව දරාගෙන ඉන්න පුද්ගලයෙක් කියලයි. ඔහුගේ ආභාෂය අපේ පවුලටම තියනව. තාත්තා වැඩ කෙරුවෙ සමසමාජ පක්‍ෂයට සම්බන්ධවෙලයි. තාත්ත ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට, වමේ කණ්ඩායමත් සම`ග එක්වෙලා වැඩ කෙරුව. වේදිකාවල කතා පැවැත්වුවා. ඒක නිසා ඊළ`ගට බලයට පත්වෙච්ච රජයෙන් තාත්තගෙ වැඩතහනම් කෙරුවා. පළමුවෙන්ම වැඩ තහනමට ලක්වුණු රජයේ සේවකයා මගෙ තාත්ත වෙන්න පුළුවන්. (එල්. ආරියවංශ කියල මහත්මයෙක්ගෙ වැඩත් ඒ සමගම තහනම් වුණා.* ඒ පසුබිම තුළ ලැබුණ පන්නරයෙන් තමයි මටත් දේශපාලනය ගැන කැක්කුමක් තියෙන්නෙ.
ඒකාලේ දේශපාලනයත්, අද දේශපාලනයත් අතර වෙනස ඔබ දකින්නෙ කොහොමද?
ඒ කාලේ දේශපාලඥයො එම වෘත්තීය ගෞරවණීය විදිහට කෙරුවා. රජයේ දේපොළ ආරක්‍ෂා කෙරුවා මිසක් විනාශ කෙරුවෙවත්, අද වගේ හොරකම් කෙරුවෙවත් නෑ. වේදිකාවෙ කොතරම් විවේචනය කෙරුවත්, එය පුද්ගලික මට්ටමට ගෙනාවෙ නෑ. වේදිකා වේ කතාකෙරුවෙ දේශපාලන මතවාද විතරයි. පුද්ගලික මඬගැසීම් තිබුණෙ නෑ. ඒ ගෞරවණීය දේශපාලනය අද නෑ. දවසක් අපේ සීයගෙ ඉඩමෙ ඉඳගෙන ඊරියගොල්ල මහත්තය අපේ තාත්තාට බැන්න. හවස අපේ ගෙදර ඇවිල්ලා තේ බීලත් ගියා. දේශපාලනය පුද්ගලික තරහ මරහ මට්ටමට ගෙනාවෙ නෑ. එදා බයක් නැතුව දේශපාලනය කිරීමේ හැකියාව තිබුණ. එන්න එන්නම ඒ තත්ත්ව නරක අතට හැරුණා. පසුගිය පාළන කාලය එහි උච්චම අවස්ථාව වශයෙන් කියන්න පුළුවන්.
ඔබ කලාවේ ඔබේ ප‍්‍රකාශන මාධ්‍යය වෙන්නෙ කුමන මාධ්‍යයක්ද? එහි ආරම්භය ගැන කියනව නම්….
මම මුලින්ම රංග ශිල්ප ශාලිකාවට බැඳිලා සම්බන්ධ වෙන්නෙ වීදි නාටයය වලට. මම හිතනවා ජනතාව අතරටම පණිවිඩයක් ගෙනියන්න. ජනතාව දැනුම්වත් කරන්න හැකි මාධ්‍යයක් නිසා මම විදිනාට්‍යය තෝර ගන්න ඇති කියල. ගෙදර අයත් මට ඒකට සහයෝගයක් දුන්නා.
මැතිවරණයට පෙර අපිට දකින්න ලැබුණෙ ජනතාවිමුක්ති පෙරමුණට ලොකු බලයක් තියනව කියල. නමුත් මැතිවරණ ප‍්‍රතිපල වලදි එහෙම දෙයක් දකින්න තිබුණෙ නෑ.
මටත් එක හිතා ගන්න බෑ. මම දැක්කා, අත් වින්දා ජනතා විමුක්ති පෙරමුණ වටා තිබිච්ච බලය. මම ඔවුන් සම`ග වැඩ කෙරුවා. අපි අත්පත‍්‍රිකා බෙදන්න නගරයකට, ගමේ පොළකට හරි ගියම ඔවුන් ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙලා එම පත්ත‍්‍රිකා බෙදන්න උදව් කෙරුවා. මම රැුස්වීමක කතා කරපුවහම සෙන`ග කොතරම් අගේ කෙරුවද? ඒ ප‍්‍රතිචාරය අදටත් මට තියනව. මම ඇතුළු කණ්ඩායම ජ.වි.පෙ. වෙනුවෙන් වැඩ කිරීම ගැන. ගිය හැමතැනකම තත්ත්වය ඒ විදිහටයි තිබුණෙ.
ඔවුන් හිතන්න ඇති මහින්ද කණ්ඩායම පරද්දන්න බැරිවෙයි ජ.වි.පෙ. ට ඡුන්දය දිලා කියලා. එහෙම හිතලා ජනතාව මහින්ද සම`ග සටන් වැදුණ ප‍්‍රබල කණ්ඩායම වන එක්සත් ජාතික පෙරමුණට ඡුන්දය පාවිච්චි කරන්න ඇති. ජ.වි.පෙ. දිනවන්නත්, මහින්ද පරද්දන්නත් දෙකම කරන්න බැරි හින්ද ජ.වි.පෙ. ඡුන්ද අඩුවෙන්න ඇති. මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් විග‍්‍රහයක් ඉදිරිපත් කරල තිබුණ. ලාල් කාන්ත සහෝදරය කරපු විග‍්‍රහයක් ඔබලාගේ අඅඅගහමනඑයසහ්ගකන වෙබ් අඩවියෙත් තිබුණ.
ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලන ව්‍යාපාරය තුළ කඩඉම් කීපයක් පසු කෙරුව. ඔවුන් 1971, 1989 සටන් මාර්ගයකට අවතීරණ වෙනව. දැන් ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදි ක‍්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා ඉන්නව. දැන් තියන තත්ත්වය අනුව ඉදිරියේදී ඔවුන් ලබා ගන්නා තත්ත්වය ගැන අනුමාන වශයෙන් හෝ යමක් කියන්න පුළුවන්ද? ඔවුන්ට රාජ්‍ය බලයක් ලබාගැනීම සඳහා ඉදිරියට එන්න හැකිවෙයිද?
අපේ රටේ තියන තත්ත්වය අනුව, මිනිසුන්ගෙ මතිමතාන්තර එක්ක රාජ්‍යබලයක් ලබාගැනීම දක්වා ඉදිරියට ඒමේ යම් කිසි පසුගාමි තත්ත්වයක් තියනව. එය දිනා ගත නොහැකි තත්ත්වයක් නෙමේ. අද සම්ප‍්‍රදායිකව හිතන, සම්ප‍්‍රදායික මතවලම එල්බගෙන සිටින පිරිස අඩුයි. අද තරුණ පරපුර අවදියෙන් ඉන්නවා. එක තැනක ඉඳගෙන ලෝකය දෙස බලන්න පුළුවන් තාක්‍ෂණයක් තියන සමාජයකයි අපි ජීවත් වෙන්නෙ. මේ අනුව බලනවිට තරුණ පරපුර දැනුම්වත් වීමක් තුළින් සමාජ පෙරළියක් ඇති වෙන්න ඉඩ තියනව. සීගිරි ගල වගේ නොසෙල්වෙන ස්ථාවරයක් තිබෙනවා යයි කියපු, කිසිදාක පරාජය කරන්න බැරි බව කියපු මහින්ද පරාජය කෙරුවෙත්, පෙනෙන්න දේශපාලනය කරපු පිරිසට වැඩිය, ඔහු පැරදවිය යුතුයි කියල සමාජ ජාල හරහා කතා කරපු තරුණ පිරිසයි. ඒ නිසා ජ.වි.පෙ. ට රජයක් පිහිටුවිය නොහැකියි කියල කියන්න බැහැ.
ජනතා විමුක්ති පෙරමුණ කෙරේ මිනිස්න්ගෙ ඉස්සර තිබුණ මතය දැන් වෙනස්වෙලා. ලාම්පු කුප්පියක් පත්තු කරන්න නෑ. කඬේකට ගිහින් බඩු ටිකක් ගන්න නෑ. කිසිම නිදහසක් නෑ. ආගමක් අදහන්න නෑ කියන අදහසක් ජ.වි.පෙ. කෙරේ ජනතාව තුළ තිබුණ. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. එය ජනතා විමුක්ති පෙරමුණට ඉදිරියට යන්න රුකුලක් වෙලා තියෙනව. වත්මන් නායක අනුර කුමාර දිසානායකගෙන් පස්සෙ ජ.වි.පෙ. සීග‍්‍රයෙන් සමාජ ආකර්ශනයකට ලක් වුණා. සමාජවාදය කියන වචනයට පවා මිනිසුන්ව බයකරල තිබුණ. සමාජවාදය කියන්නෙ සාධාරණ සමාජයක් කියන අදහසයි. ධනය කාටත් සාධාරණව බෙදී යායුතුයි කියන මතයයි.
පවතින පාළන ක‍්‍රමය වෙනස් කළ යුතුයි. එයට මේ ක‍්‍රමයම වෙනස් කළ යුතුයි කියන මතයෙ ඔවුන් තවමත් ඉන්නවා. ඒ පිළිබඳව ජනතාව සම`ග කටයුතු කරමින් ඉන්නව. මේ සියල්ල එකතුවීමෙන් හා ජනතාවට අවුරුදු 67 ක් තිස්සේ කරන මේ බොරුව තේරුණොත් ජනතා රජයක් බිහිවෙන එක නවත්වන්න කාටත් බැරිවෙයි.
වත්මන් තරුණ පරපුරට තියන ප‍්‍රබල චෝදනාවක් තමයි 70 – 80 දශකයේ තරුණ පරපුරට මෙන් ඔවුන්ට රසවින්දනයක් නෑ. ප‍්‍රබුද්ධ සිතුම් පැතුම් නෑ. ඔවුන් රස විඳින්නේ කඨෝර සංගීතයක්. ඔවුන් රට ගැන අවදියෙන් නෑ කියල. මේකද ඇත්ත තත්ත්වය. ඔබ ඒ පිළිබඳව දකින්නෙ කොහොමද?
වත්මන් තරුණ පරපුර අපේ කාලයටත් වැඩිය විවෘතයි. ඔවුන් අලූත් විදිහට හිතනවා. අපිට ඔවුන්ට දොස් කියන්න බැහැ. අපිට කියන්න බෑ අපි අහපු ගීතම ඔවුන් ඇසිය යුතුයි. අපි නරඹපු චිත‍්‍රපටම ඔවුන් නැරඹිය යුතුයි. අපි බලපු නැටුම් ම ඔවුන් නැරඹිය යුතුයි කියල. ඔවුන් රස විඳින්නේ අපි රසවිඳපු කලාව නෙමෙයි. අපි හිටියෙ පටු තැනක. අපේ පාරෙ ගියේ බර කරත්ත. කාරෙකක් දකින්න පාරකට යන්න ඕනෙ. අද එහෙම නෙමයි. සමාජය ගොඩක් ඉස්සරහට ගිහින්. අද හැම දෙයක්ම වේගවත් වෙලා තියෙනව. තරුණ පරපුරත් ඒ වේගයත් එක්ක ඉදිරියට යා යුතුයි. ඔවුන්ව එක තැනක නතර කරතියන්න පළුවන්කමක් නෑ. ඔවුන් නිවැරදිදේ, නිවැරදි මාර්ගය තෝරගනියි.
ඔවන් තෝරාගන්නෙ වේග රිද්ම ගීත වෙන්න පුළුවන්. ඒවයෙ තියෙන්නෙ සරල වචන වෙන්න පුළුවන්. ඒකෙන් එයාලා යම් රසයක් විඳිනවා වෙන්න පුළුවන්. අපේ නාට්‍යකලාව ගත්තත් ගොඩක් වෙනස්. දැන් නාට්‍යවල ලොකු අත්හදාබැලීම් තියෙනව. සරච්චන්ද්‍ර වෙනම මාර්ගයක ගියේ. ඊට පස්සෙ සුගතපාල ද සිල්වා. ආර්.ආර්. සමරකෝන්, පේ‍්‍රමරංජිත් තිලකරත්න වගේ අය තවත් විදිහක නාට්‍ය සාර්ථකව කෙරුව. ඊළ`ගට අශෝක හඳගම, ජයලත් මනෝරත්නල වගේ අය තවත් වෙනස් විදිහක නාට්‍ය කෙරුව. අද ඊට එහා ගිය තරුණ පිරිසක් ඉන්නව. ප‍්‍රියංකර රත්නායක, රාජිත, චාමික යන අය මේ පවතින සමාජයත් එක්ක කථිකාවතක් ආරම්භ කරමින් ඉතාම අපූරු නාට්‍ය කෙරුවා. ඒවා හොඳ අත්හදා බැලීම්. අපි බලන්නෙ ග‍්‍රීක නාට්‍යයක පරිවර්තනයක් වෙන්න පුළුවන්. ඒක අපේ සමාජයත් එක්ක හොඳට ගලපලපනව. ඔවුන් වැරදියි කියල කියන්නෙ, වෙනස් වෙන්න බැරිව ගතානුගතිකව ඉන්න සමාජ කොටස්. ‘වෙනස් වෙන්න ලොව බලා සිටින කල, ඉටු කරලමු එය මිනිසා වෙනුවෙන්.’ තරුණ පරපුර ඉන්නෙ අද යුගයේ. අපි ඉන්නේ ඊට ටිකක් පහුවූ යුගයේ. තරුණ පරපුර නිසිමගට යොමු කරනව මිසක්, ඒවට දෝෂාරෝපනය කිරීම නෙමෙයි කළ යුත්තේ.
අද පරපුරට ජාතියක් ආගමක් ගැන හැ`ගීමක් නෑ. රට ගැන කැක්කුමක් නෑ කියල දේෂාරෝපණය කෙරුවත්, ඔවුන් ඉන්නේ ඊට වැඩිය පුළුල්. තැනක. ඔවුන් අපිට වැඩිය ඒ ගැන නිවැරදිව දකිනව. ඔවුන් ජාතීන් අනුව මිනිසුන් වර්ගීකරණ කරන්න යන්නෑ. ඔවුන්ව යළි ජාතිවාදීන් ගොඩට ඇදල දාන්න බැහැ. අද පරපුර ආගම කියල ඒක ඇදහීමක් කරගන්නෙ නෑ. ඔවුන් නිතර පන්සල්, පල්ලි, කෝවිල් යන්නෙ නැති වෙන්න පුළුවන්. හැබැයි මල්වට්ටිය ඔළුවෙ තියාගෙන, නළලෙ අලූ ගාගෙන, නවගුණ වැල එල්ලගෙන, දණ ගහලා යාච්ඥාකරමින් ඉන්න පිරිසට වැඩිය ඔවුන්ට ආගම ගැන හැ`ගීමක් තියෙනව. ආගමෙන් යැපෙන්නන්ට ඔවුන් වැරදි වුණත්, ඔවුන් තුළ ඇත්තේ ඇදහීම නෙමෙයි දර්ශනය. ඒක ආගමකට ලගු කිරීමට අවශ්‍ය නැහැ. දර්ශනයයි අප ගතයුත්තේ.
අද ඉන්න පූජක පක්‍ෂය මතු කරන්නේ බුදුරජාණන්වහන්සේගෙවත්, කි‍්‍රස්තුස්වහන්සේගෙවත්, මහම්මත්තුමාගෙවත්, භගවත් ගීතාවෙවත් තියෙන ඉගැන්වීම් ජනගත කරන එක නෙමෙයි. ආගම තුළින් යැපෙන ව්‍යාපාරයි ඔවුන් කරන්නෙ. පූජකයන්ට අවශ්‍ය තානාන්තර තියාගන්න, ඔවුන්ගෙ යැපීම් මාර්ග සකස් කරගන්න ඔවුන් වැඩ කරනවා. ඔවුන් සමාජය යහපත් කරන්න, ශාස්තෘන්වරුන්ගේ ඉගැන්වීම් ජනගත කරනවා නම් අද මෙහෙම අපරාධ වෙනවද? රට අද තියෙන්න ඕනෙ මෙතනද? අද තරුණ කොටස් මේ ගැන විවෘතව කතා කරනවා. ඒක හොඳ දෙයක්.
අද දේශපාලඥයෙක් ඕනැම කුණු වැඩක් කරලා, දළදා වැඳල, මහානායක හාමුරුවො හම්බ වෙලා ආශිර්වාදය ගත්තොත් ඔහු නිවැරදියි. සම්ප‍්‍රදායික මත හිස්මුදුනෙ තියාගෙන ඉන්න එදා පරපුරට ඒවා හරි වුණාට අද පරපුරට ඒවා වලංඟු නෑ. දෙවියන්ගෙන් යමක් ඉල්ලලා බාර වෙනවා, වැඬේ හරිගියොත් මේ දේවල් දෙනව කියල. දෙයියන්ගෙ ඉඳලමයි අල්ලස පටන් ගන්නෙ. අද තරුණ පිරිස එතන නෑ. ඔවුන් ගොඩක් ඉස්සරහින් ඉන්නව. ඔවුන් පරණ හණ මිටි ඉවත දාලා අලූත් විදිහට හිතනව. අපි ඔවුන්ට බනිිනව ඔවුන්ට ජාතියක් නෑ, ආගමක් නෑ, රට ගැන හැ`ගීමක් නෑ කියල. ඒත් කවද හරි මේ රට, ජාතීන් ගැන හිතල රට ගොඩගන්නෙ එයාලා.
මහින්ද රාජපක්‍ෂව පන්නල පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනව බලයට ගේන්න පාවිච්චි කළ ප‍්‍රධාන පෙළේ සටන් පාඨ වුනේ, ¥ෂිතයන් පන්නමු, කොමිස් කාක්කන් පන්නමු, හොරුන්ට දඬුවම් දෙමු වගේ සටන් පාඨ. ඒ සටන් පාඨ ජනතාව අකර්ෂණය කරගත්තා. ඒ තුළින් ජන රැුල්ල පොදු අපේක්‍ෂකයාවෙත යොමු වෙලා පොදු අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කෙරුවා. ඉන් පස්සෙ ඒ උණුසුමේම එම සටන්පාඨම පාවිච්චි කරල, එක්සත් ජාතික පෙරමුණු රජයක් පිහිටෙව්වා. ඔවුන් පොරොන්දු වුණා එදා ¥ෂණ, භීෂණ, වංචා සිදු කළ අයට දැඩි දඬුවම් දෙනව කියල. ජනතාව බලාපොරොත්තු වුණා ඒ දේවල් රජය බලයට පැමිණ ඉටු කරයි කියල. ජනාධිපතිතුමාත් රජයත් එම පොරොන්දු ඉටුකෙරුවද? ඉටුකරනබවක් පෙනෙන්න තියනවද?
නෑ. කොහෙත්ම ඉටු වෙලා නෑ. ඊයෙ පාර්ලිමේන්තුුවෙදි අනුර කුමාරගේ කතාව ඇහුවනම් කොහෙත්ම ඉටුවෙලා නෑ කියල පැහැදිලිව තේරෙනව. 8 වෙනිද අපි ලබාගත්ත ජයග‍්‍රහණය ගැන යම්තරමකින් සන්තෝස වෙන්න පුළුවන්, යම් ප‍්‍රජාතන්ත‍්‍රවාදි තත්ත්වයක් රටතුළ ඇතිවෙලා තියනව කියල. මාධ්‍ය තුළ විවෘතව කතාකරන්න පුළුවන් වාතාවරණයක් ඇතිවෙලා තියෙනව. අපිට වුණත් බය නැතුව අදහස් දැක්වීමට හැකි ශක්තියක් තියනව. එහෙම නිදහසක් ඇවිල්ල තිබුණත් අපි ඉල්ලා සිටිය දේවල් ලැබිල නෑ. මිනිස්සු ඉල්ලූවෙ කන්න, බොන්න, අඳින්න නෙමෙයි. රටේ සුභ සිද්ධිය උදෙසා වැඩකටයුතු කරන්න කියල. රටේ දේවල් හූරා කාපු එවුන්ව හෙළි කරන්න කියල. දඬුවම් නොදුන්නත් ප‍්‍රසිද්ධව හෙළිකළ යුතුයි, මේ ගොල්ල මේ මේ දේවල් කෙරුව කියල. ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්න. මන්දන්නෙ නෑ ඒවා කොහොම ඉටු වෙයිද කියල.
දින සීයෙ හිටිය පිරිසමනි අද ඉන්නෙ. ඉතින් කිව්ව ඒවා කරන්න පුළුවන්. අද අගමැතිට පුදුම ජවයක් ඇවිල්ල තියනව. විපක්‍ෂ නායකකමේ ඉන්දි නොතිබුණ ජවයකින් දැන් කතාකරනව. ඒ කතා කරනව වගේම ජවයක් ඇතිව මේ වැඩ කරන්න බැරි ඇයි කියන ප‍්‍රශ්නය පැනගිනව.
ජනතාව කියන දුන් පොරොන්දු ඉටුවෙන්නෙ නෑ කියල. මිනිස්සු රවට්ටන්න වගේ යන්තම් මොනවහරි පොඩි දෙයක් කෙරුවට අවංක ක‍්‍රියාමාර්ග ගන්න බවක් පෙනෙන්න නෑ. එහෙම දුන්න පොරොන්දු ඉටුනොකෙරුවොත්, මොන වගේ තත්ත්වයක් ඇතිවෙයිද? ජනාධිපති පත්වෙලා මාස 9 ක් පමණ වෙනවා. ආණ්ඩුවට මාස 3 ක් පමණ වෙනවා. මේ තත්ත්වය කොතරම් දුරට ජනතාව බලාගෙන ඉඳියි කියල හිතනවද?
මම හිතන්නෙ ඉස්සර වගෙ ගොඩක් කල් මිනිස්සු බලන් ඉන්න එකක් නෑ. දැන් මිනිස්සු ඊට වැඩිය ඉස්සරහින් ඉන්නව. අද පුරවැසි සංවිධාන අවදියෙන් ඉන්නව. සිවිල් සංවිධාන තියනව, ක‍්‍රියාකාරී දේශපාලන පක්‍ෂ තියනව, තරුණ පිරිසත් එහෙමයි. ඔවුන් හරි ඉක්මනින් පෙළගැසෙයි කියල හිතන්න පුළුවන්. අද මාධ්‍ය ඉතා ප‍්‍රබලව ඉන්නව. සමාජ මාධ්‍ය ජාල තියනව. ඒ හින්ද ඔවුන්ව රවට්ටන්නවත්, ප‍්‍රශ්න නොවිසඳා ඉන්නවත් හැකියාවක් නෑ කියලයි මම හිතන්නෙ. මේ තත්ත්වය දිගටම ගියොත් තව මාස කීපයකට පස්සෙ මෙයට විරුද්ධව යම් ක‍්‍රියාමාර්ගයක් ඇතිවෙයි.
පසුගිය දවසක විශ්වවිද්‍යාල ශිෂ්‍යයො ගිය පෙළපාලියක් කඳුලූ ගෑස්ගහල, වතුර විදල, බැටන් ප‍්‍රහාර එල්ල කරල නැවැත්වුවා. මාධ්‍ය මගින් මෙය කතා කළා. සිවිල් සංවිධාන මේ ගැන කතාකෙරුව. පාර්ලිමේන්තුවටත් මේ ප‍්‍රශ්නය ආවා. ඊට පස්සෙ ඔවුන් යළිත් එම කරුණ මුල්කරගෙන, ඒ වගේම පෙළපාළියක් ගියා. එදා වතුර ටැංකි, බැටන් පොලූ, කඳුළු ගෑස් ගත්ත ආරක්‍ෂකයො හිටයෙ නෑ. ජන බලය හමුවේ රජය හිස නැමියයුතු වෙනව. ළ`ගදි අයවැය ගේනවා. අයවැයෙන් පස්සෙ මිනිස්සුන්ට එහි ප‍්‍රතිවිපාක දැනෙනව. මේ ගොල්ල මේ විදිහට ගියොත් වැඩි කාලයක් ගෙනියන්න බෑ කියන එක තමයි මගේ අදහස. හැමදාමත් රට රවටන්න බෑ.
මේ වනවිට අනික් ප‍්‍රශ්න තරමක් යට ගිහිල්ල, මානව හිමිකම් කඩවීම් ගැන, ජිනීවා යෝජනා කරළියට ඇවිත් තියනව. මෙහිදී මත දෙකක් ඉදිරියට ඇවිත් තියනව. එක කණ්ඩායමක් කියනව මේක සියයට සීයක්ම දේශීය යාන්ත‍්‍රණයකින් විභාග කළ යුතුයි කියල. තවත් පිරිසක් කියනව, විදේශ මැදිහත්වීමක් අවශ්‍යයි කියල. ඔබ සිටින්නේ මෙයින් කුමන මතයක් සමගද?
මට හිතෙන්නෙ මේක දේශීය යාන්ත‍්‍රණයකින් කළ හැකි දෙයක් කියලයි. අපේ මිනිස්සුන්ගෙ ප‍්‍රශ්න අපි අඳුරගන්නව මිසක්, පිට අය අපට අවශ්‍ය නැහැ. අපිත් එක්ක යම් කිසි ප‍්‍රශ්නයක් ඇතිවෙලා කොටසක් ඉන්නව නම්, ඒ පිරිසට අපි ගැන විශ්වාසයක් ඇතිවෙන පරිදි වැඩකටයුතු කළ යුතුයි. අපි එයාලට විශ්වාසයක් ඇතිවන පරිදි කටයුතු කෙරුවනම්, ඒ ගොල්ල අපිව විශ්වාස කරනව. අපි රටේ එකම මිනිස්සු. ඒ ගොල්ල, මේ ගොල්ල කියලවත් කතා කරන්න අවශ්‍ය නැහැ. අපි එකම රටක මිනිස්සු. අද ප‍්‍රශ්නයක් ඇති වෙලා තියනව, උතුරු කරේ ඉන්න අපේම මිනිස්සුන්ට අපේ රටේ මිනිස්සුන්ගෙන්. අපේ රටේ මිනිස්සුන්ට, අපේ රටේ මිනිස්සුන්ගෙන් ප‍්‍රශ්නයක් ඇතිවෙලා තියනව නම් කොහොමද පිටින් ඉඳල බලන මිනිස්සු මේකට උත්තරයක් සපයන්නෙ. ඒ ගොල්ල අපිට සහයෝගය දුන්නට කමක් නෑ මේක ඉක්මනින් විසඳන්න. නමුත් මැදිහත් වීමක් අවශ්‍ය නැහැ. අපේ රටේ මේ පිළිබඳ අවබෝධයක්, දැනුමක් තියන පිරිස් ඉන්නව. අවංකව වැඩ කරන පිරිස් ඉන්නව. දෙගොල්ල අතර තියන විශ්වාසයයි ඇති කළ යුත්තේ. විශ්වාසය ඇතිවෙන විදිහට වැඩ කෙරුව නම්, අපිට මේ වගේ ප‍්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ. යුද්ධය දිණුවගෙන් පස්සෙත් අපි කෙරුවෙ විශ්වාසය නැතිවෙන වැඩමයි. යුද්ධ ජය මත විශාල ප‍්‍රතිරූප ගොඩ නැඟුවා. අපි අපේම රටේ මිනිස්සු මරල, යුද්ධය දිණුව කියල ජයග‍්‍රහණය සමරනව.
මින් ඉදිරියට ජනතාව ජාතිකත්වය පිළිබඳ ප‍්‍රශ්නෙදි මොනවගේ චින්තනයක් ඇති කර ගනීද?
ජනතාවට ජාතිවාදී ප‍්‍රශ්න නැහැ. ජනතාවට ප‍්‍රශ්න ගොඩක් තියනවා. ඔවුන්ට අනෙකාගේ ජාතිකත්වය ගැන ගැටළුවක් නෑ. ජනතාවට ජාතිවාදි ප‍්‍රශ්නය දාන්නෙ දේශපාලඥයො. ඔවුන් කියන්නෙ අද ඔය ගොල්ලන්නට නිදහසේ ඉන්න පුළුවන් වුණේ යුද්ධය නැති කරපු නිසා කියල. ඔවුන් යුද්ධයකට තල්ලූ කෙරුවෙ අපි කියල, ඔවුන් කවදාවත් කියන්නෙ නෑ. ඔවුන් කියන්නෙ අපියි ජාතිය, ආගම බේරගත්ත කියල. මේ රටේ ජාතිය කියන්නෙ සිංහල ජාතියට විතරද? ආගම කියන්නෙ බුද්ධාගමට විතරද?
සොල්දාදුවන් යුද්ධ කෙරුවා. ඒක ඔවුන්ගෙ රාජකාරිය. වැඩි බලය තිබුණ පැත්ත දිණුව. මිනිස්සු මැරුව කියල කවුරුවත් විරුවෙක් වෙන්නෙ නෑ. මොන ආගමේද තියෙන්නෙ මිනීමරණ එක වීරකමක් කියල. අපේ හාමුදුරුවරුත්, ආයුධ අතින්ගත්ත මිනිස්සුන්ගෙ අතේ පිරිත් නූල් බැන්ද. ත‍්‍රිවිධ රත්නයේ පිහිටෙන් වැඩි වැඩියෙන් මරපල්ල කියල. සමහර හාමුදුරුවරු යුධ ටැංකි උඩ නැ`ගලත් හිටිය. මොවුන් මැරෙන ගාණ වැඩිවෙනකොට සන්තෝස වුණා. මේකද ආගම. මේකද බුද්ධ ධර්මය. බෞද්ධ දර්ශනය මූලික පදනම අවිහිංසාවාදයයි. මෙයාලා හැම දෙයක්ම තමන්ගෙ වාසියටයි හරව ගන්නෙ. හොරමැර කම් කරන දේශපාලඥයන්ගෙ අතේ තමයි වැඩියෙන්ම පිරිත් නූල් තියෙන්නෙ.
අද කෑගහන වමේ නායකයන් හා ඔවුන්ගේ පක්‍ෂවල හිටපු නායකයන් නිවැරදි දේශපාලන තීන්දු තීරණ ගත්තනම්, අද දිනේෂ්ලට කෑගහන්න දෙයක් නෑ. වමේ පක්‍ෂ ජාතිවාදී ප‍්‍රශ්න වලදී හිටියෙ වැරදි ස්ථාවරයක. සමාජවාදයේ ජාතිවාදය තියෙන්නෙ කොතනද? ඒකවත් ඔවුන් දැනගෙන හිටියෙ නෑ. දන්නව වුණත් ක‍්‍රියාත්මක කළේ නෑ.
ඔබ ජනතාව වෙනුවෙන් අදහස් දක්වන්න කැපවෙන කෙනෙක්. ඔබට ජනතාවට දෙන්න තියන පණිවිඩය කුමක්ද?
මේ ජරාවාස වෙච්ච ක‍්‍රමය තුළ ඉස්සරහට යන්න යන්න තව තවත් ජරාවාස වෙනව මිසක්, ගොඩඒමක් නෑ. මේ ගේන ව්‍යවස්ථාව ජනතා හිතකර ආකාරයට වෙනස් වෙන්නෙත් නෑ. ඔවුන්ගෙ නියෝජිතයන් හතර පස්දෙනෙක්ගෙ අදහස් වලින් ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ. ජනතා අදහස් අරගෙනයි එය වෙනස් කළ යුත්තේ. මේ ක‍්‍රමය තුළ ජනතාවට සාධාරණයක් ඉටු වෙන්නෙ නෑ. ඒක පහුගිය අවුරුදු 67 තුළම ඔප්පු කරපු දෙයක්. හැමදාම සිද්ධ වෙන්නෙ එක්තරා සුළු කොටසක් වරප‍්‍රසාද විඳීම. අපේ රට පාළනය වෙන්නෙ ඔවුන් අතින්. ඔවුන් තමයි අපිව නටවන්නෙ. එක්තරා පන්තියක, එක්තරා සමාගම් හිමියන්ගෙ උවමනාවන් මතය තමයි රජයන් තීන්දු තීරණ ගන්නෙ. මේ තත්ත්වය වෙනස් කරන්නනම්, මේ ක‍්‍රමයම වෙනස් කළ යුතුයි.