බදු එකතුකරන්න ඔත්තු සේවයක්

ශ්‍රී ලංකාවේ ධනවතුන් දිගින් දිගටම බදු ගෙවීම් පැහැර හැරීම අවසන් කිරීමට දේශීය අදායම් දෙපාර්තමේන්තුව යටතේ බුද්ධි අංශයක් නොහොත් ඔත්තු සේවයක් ආරම්භ කලයුතු බව භාණ්ඩාගාරයේ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතා ප්‍රකාශ කොට ඇත . ධනවතුන් බදු නොගෙවීම නිසා මේ වනවිට බදු අදායම දලදේශීය නිෂ්පාදිතයෙන් සියයට 10.8 දක්වා පහත වැටී ඇති බවද ඒ මහතා පෙන්වාදී තිබේ . අපරටේ බදු ප්‍රතිපත්ති වසර හතළිහකට වඩා පැරණි බවත් , ඒවා අදට නොගැලපෙන බවත් සමරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත .

මේඅතර මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කොට ඇත්තේ බදු අදායම සියයට 15 දක්වා ඉහළ දමා ගැනීම තම ඉලක්කය බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *