තොරතුරු දැනගැනීමේ පනතින් නීතිපති පනින්න හදයි

දැන් කෙටුම්පත් කොට රජයේ ව්‍යවස්ථා සම්පාදකයින් අතර  සාකච්චාවට ලක්වෙමින් පවතින තොරතුරු දැනගැනීමේ පනත රජයේ අනෙක් සියලු ආයතන වලට වලංගු වුවද නීතිපති දෙපාර්තමේන්තුව ඉන් ඉවත් කරන්නයි නීතිපතිවරයා දැඩි බලපෑමක් සිදුකරමින් සිටින බව තතුදත් ආරංචි මාර්ග කියයි . නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු මහජන පරීක්ෂාවට ලක් නොවිය යුතුය යන මතයේ සිට නීතිපතිවරයා මෙම  බලපෑම කරමින් සිටින බව කියති .

එසේ වුවද නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් පසුගිය කාලයේ බොහෝ ප්‍රශ්න  මතුවී තිබියදී එම ආයතනයට තමන්ගේ තොරතුරු සැගවීමට විශේෂ අයිතියක් දියයුතු නැති බව මේ පිලිබදව කටයුතු කරන විද්වතුන්ගේ මතය වී තිබේ . ඕනෑම ආයතනයකට තමන් සතු තොරතුරු නොදී සිටිය හැකි සාධාරණ හේතු පිලිබදව මෙම පනතේ වෙනම දක්වා ඇත .සාධාරණ හේතු ඇත්නම් නීතිපති දෙපාර්තමේන්තුවටද එම විධිවිධාන යටතේ තොරතුරු නොදී සිටිය හැකිය .එසේ තිබියදී නීතිපති දෙපාර්තමේන්තුවට පමණක් විශේෂ වරප්‍රශාද ඉල්ලාසිටීම අසාධාරන බව විද්වත් මතය වී තිබේ .

ඉදිරි දෙසතිය තුළ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන තොරතුරු දැනගැනීමේ පනත ලබන වසරේ මුල්ම පනත ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට රජයේ ප්‍රධානීන් තීරණය කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *