ත්‍රස්ත ප්‍රහාර‍යෙන් විනාශ වූ සි‍යෝන් ‍දේවස්ථානය නත්තලට ‍පෙර යථා තත්ත්වයට පත්කරනවා – පිළිසකර කටයුතු නිරීක්ෂණය කරමින් අගමැති කියයි ‍

පාස්කු ඉරිදා ප්‍රහාර‍යෙන් විනාශයට පත් වූ මඩකලපුව සි‍යෝන් ‍දේවස්ථාන‍යේ පිළිසකර කිරී‍මේ කටයුතු කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බවත් නත්තලට ‍පෙර එම කටයුතු අවසන් කර නත්තල් ‍දේව ‍මෙහෙය පැවැත්වීමට හැකි පරිදි එය පිළිසකර කර යථා තත්ත්වයට ‍ගෙන එන බවත් ඊයේ (29) උදෑසන පිළිසකර කිරී‍මේ කටයුතු නිරීක්ෂණ චාරිකාවක ‍යෙදුණු අග්‍රාමාත්‍ය වරයා පැවසීය.

එහි දී තවදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා, සි‍යෝන් ‍දේවස්ථාන‍යේ ප්‍රතිසංස්කරණ කටයුතු විශේෂ‍යෙන් නත්තලට ‍පෙර කරන්න පුළුවන් කියලා ශ්‍රී ලංකා යුද්ද හමුදා‍වෙන් දැනුම් දීලා ති‍යෙනව. දැනට අපි මියගිය පුද්ගලයන් ‍වෙනු‍වෙන් රුපියල් මිලියනයක් හා තුවාළ ලැබූ පුද්ගලයන් ‍වෙනු‍වෙන් රුපියල් ලක්ෂ පහක උපරිමයක වන්දි මුදල්වල පළ‍වෙනි වටය ‍ගෙවල ති‍බෙනව. ‍මේ අනුව මියගිය පුද්ගලයන් 189 ‍දෙ‍නෙක් ‍වෙනු‍වෙන් රුපියල් මිලියන එකසිය අසූපහක (185) වන්දි මුදලක් ‍‍ගෙවා ති‍බෙනවා. තුවාල ලැබූ පුද්ගලයන් 403 දෙ‍නෙක් ‍වෙනු‍වෙන් රුපියල් මිලියන 53කට අධික වන්දි මුදලක් අපි දැන් ‍ගෙවල ති‍බෙනවා. අපි දැන් ‍දෙමව්‍පියො නැතිව අනාත වුණු ළමයි 33 ‍දෙ‍නෙක් රැකබලාගැනීමට කැබිනට් මණ්ඩල‍යේ අනුමැති අරන් මිලියන සීයක් ඒකට ලබා ‍දෙනවා. යැයි ද පැවසීය.

ඉදිකිරී‍ම් වැඩ කටයුතු කඩිනමින් ‍මෙන්ම කැපවී‍මෙන් කරන යුද හමුදා නිලධාරින්ට සිය ස්තූතිය පළ කිරීමටද අගමැතිවරයා අමතක ‍නොක‍ළේය.

ම‍නෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *