එල්ලා මැරුවොත් GSP+ අහෝසියි.. යුරෝපා සංගමය දන්වයි.. බිලියන 252ක වෙලදාම අනතුරේ.. ආර්ථිකය දැඩි අවදානමක…

එල්ලා මැරුවොත් GSP+ අහෝසියි.. යුරෝපා සංගමය දන්වයි.. බිලියන 252ක වෙලදාම අනතුරේ.. ආර්ථිකය දැඩි අවදානමක…

ශ්‍රී ලංකාව තුල මරණ දඬුවම ක‍්‍රියාත්මක කලහෝත් යුරෝපා සංවිධානය විසින් ලබා දී ඇති GSP+ සහනය ඉවත් කරන බවට දන්වා ඇති බවට සති අන්ත පුවත්පත් වාර්තා කර ඇත.

මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පැවසීමෙන් පසු යුරෝපා රාජඨන් ගණනාවක් ඊට විරෝදය පල කලේය.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද මේ පිලිබදව ජනාධිපතිවරයාගෙන් කරුණු විමසා තිබින.

GSP+ සහනය අහිමි වුවහොත් ශ‍්‍රී ලංකාව හා යුරෝපය අතර වාර්ෂික සිදු කරන රුපියල් බිලියන 525කට වැඩි ගනුදෙනු අඩාල වී ආර්ථිකය මත විශාල පීඩියක් ඇති වන බවට මත පලවෙයි.

GSP+ සහනය මගින් යුරෝපය විසින් මෙරටින් මාළු, ඇඟලුම්, මල්වර්ග ඇතුළු භාණ්ඩ රැසක් මිලට ගනී.

පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා සංචාරක ව්‍යාපාරයද බිද වැටී තිබියදී GSP+ සහනයද අහෝසි වුවහොත් විදේශ විනිමය විශාල හිඟයක් ඇතිවනු ඇති බවටද අනතුරු අගවා ඇත.

Lankacnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *