නොදන්න බව නොදන්න එකයි දේශපාලකයන්ගෙ ලොකුම වැරැද්ද – ජිප්සීස් නායක සුනිල් පෙරේරා.

Sunil Perera - photoපසුගිය වකවානුවේ (1970 – 1980 දශකවල* සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනීසිටියෙ ප‍්‍රබුද්ධ ය යි හඳුන්වාගන්නා ලද කලාකරුවන් පිරිසක්. ඔවුන් සමාජ අසාධාරණය ගැන ලියැවුණ ගීත ඇතුළත් කැසට්පට, ඞී.වී.ඞී. තැටි නිකුත් කෙරුවා. ඒක පුද්ගල හා ද්වි පුද්ගල, ත‍්‍රි පුද්ගල වශයෙන් ප‍්‍රසංග පැවැත්වූවා.  විදේශ රටවලවල පදිංචි ශ‍්‍රී ලාංකිකයන් එම ප‍්‍රශංග රටවටා ගෙනගියා. පිටරටවල් වල සිටින ශ‍්‍රී ලාංකිකයන්, ඉහළ මිළ ගණන් ගෙවා මොවුන්ව එම රටවල්වලට ගෙන්වාගෙන, මෙම සමාජ අසාධාරණයට විරුද්ධ සංගීත ප‍්‍රසංග පැවැත්වුවා.

එම වකවානුවේ ඔබලාව වර්ගීකරණ කර තිබුණේ ප‍්‍රබුද්ධ නොවන කණ්ඩායම ලෙසටයි. ඇතැම් විට ‘පීචං’ ගායකයන් වශයෙන්ද හඳුන්වනු ලැබුවා. එහෙත් ඉතිහාසයේ වැඩිම ¥ෂණය, භීෂණය රජ කරපු මහින්ද රාජපක්‍ෂ යුගයේ, එම අසාධාරණයට විරුද්ධව ඔවුන්ගේ එම භූමිකාව දකින්න ලැබුණේ නෑ. එම සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටියේ එදා ප‍්‍රබුද්ධ නොවන ගොඩට වර්ගීකරණය තිබුණ ඔබලා ඇතුළු කලාකරුවන් ඉතාම ස්වල්ප දෙනෙකුයි. එහෙම වෙන්නෙ ඇයි?

මහින්ද රාජපක්‍ෂට ගැතිව වරප‍්‍රසාද ලබමින් හිටිය එක කණ්ඩායමක් මහින්ද රාජපක්‍ෂට විරුද්ධව කිසිදෙයක් කරන්න ඉදිරිපත් වුණේ නෑ. මම හිතන්නෙ ඔවුන්ට මෙම සමාජ අසාධාරණය නොපෙනුනා නෙමෙයි. පෙනි පෙනී ජනතාවගේ පැත්ත නොගෙන නිහඬව හිටියා. එයාලාට ගොඩක් ෂෝ ලැබුණා. ඒවාට අසාමාන්‍ය විදිහට මුදල් ලැබුණා. තව වරප‍්‍රසාද ලැබුණ නිසා මහින්දත් එක්ක හිටියා. තවත් පිරිසක් ‘මේක කොයි පැත්තට පෙරළෙයිද දන්නෑ කියලා පැත්තකට වෙලා පෙරහැර යන දිහා බලාගෙන හිටියා. තවත් පිරිසක් ‘අපි නම් ඉතින් ගොඩ, මොකටද  ඕන නැති ප‍්‍රශ්නවලට අද දලා අත පුච්චගන්නෙ’ කියලා නිහඬව හිටියා. තවත් සුළු පිරිසක් අවංකවම මේ දෑවැනත සමාජ අසාධාරණය, ¥ෂණය, භීෂණය දැකලා ඒකට විරුද්ධව නැගී සිටියා. පෙළ ගැසුණා. මමත් හිටියෙ ඒ ගොඬේ. අවංකවම රට යහමගට ගන්න  ඕනැ කියන චේතනාවෙන්.

ඔබ මෙම මහින්ද විරෝධි පිළ නියෝජනය කරමින් පොදු අපේක්‍ෂකයා දිනවීමට කටයුතු කරනවා. ඔබ එසේ කිරීමට හේතු වූයේ පසුගිය පාළනයෙන් ඔබට යම් වාසියක් නොලැබුණ නිසාද? වත්මන් පාළනයෙන් යමක් බලාපොරොත්තුවෙන්ද?

මම කිසිම දවසක කිසිම රජයකින් වාසියක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. රජයේ වාසි ගත්තම රජයේ ගැත්තෙක් වෙනව. ඒකට මම කැමති නෑ. එදත් කැමති නෑ. අදත් කැමති නෑ. මම මොනම රජයකින්වත් ඇල්පෙනෙත්තක තරමක දෙයක්වත් අරගෙන නෑ. රජයේ සංදර්ශන එහෙම අපිට කොහොමත් ලැබෙන්නෙ නෑ. ඒ ගැන මගෙ කිසිම කනගාටුවක් නෑ. මම එකට කැමතියි. එහෙම ලැබුණොත් රජයට ගැති හින්ද එහෙම ලැබුණෙ කියල කාටහරි හිතෙන්න පුළුවන්. මම කැමතියි මගේ ස්වාධීනත්වය තියාගන්න. දැනටත් රජයේ දේවල්වලට සම්බන්ධ වෙන්න මම කැමති නෑ.

ඔබ පුරවැසි බලය වේදිකාව තුළ ජනප‍්‍රීය, දක්‍ෂ, ආකර්ෂණීය කථිකයෙක් විදිිහට කටයුතු කෙරුවා. ඔබලා විශාල මහන්සියක් වුණා වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙන ඒමටත්, වත්මන් එ.ජා.පෙ. ආණ්ඩුව බලයට ගෙන ඒමටත්. බලයට පත් වූ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් එම බලාපොරොත්තු ඉටු කෙරුවා කියලා, නැත්නම් ඉදිරියෙදි ඉටුකරනවා කියලා හිතලා සැහීමකට පත්වෙන්න පුළුවන්ද?

අපිට මූලික වශයෙන් වුවමනා වුනේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අඩං`ගු දේවල් ඉෂ්ඨ කරගන්න අවශ්‍ය පනත් පාස් කරගන්න. පසුගිය රජයෙන් රටට හිතකර පනත් පාස් කරගන්න අපිට ක‍්‍රමයක් තිබුණෙ නෑ. මේ රට ඉදිරියට යන්න නම් ඒ විදිහෙ පනත් පාස්කර ගත යුතුයි. දැන් ඒකට පසුබිම උදාවෙලා තියෙනව. කොමිෂන් සභා පත්කෙරෙමින් තියෙනවා.

අනපනත් පාස් වුණාට, කොමිෂන් සභා පිහිටෙවුවට මේ තරම් ¥ෂණ වංචා කරපු පසුගිය ආණ්ඩුවෙ ¥ෂිතයන්ට කටයුතු කරන ආකාරය ගැන බොහෝ දෙනෙක්ගෙ පැහැදීමක් නෑ. සමහර ¥ෂණ, වංචා, කොමිස් ගහපුවා ලේසියෙන් ඔප්පු කරන්න පුළුවන්කම තියෙද්දී ඔවුන් වරප‍්‍රසාද ලබමින් සිටිනවා. ඒ ගැන තිනේනේ දැඩි කනස්සල්ලක්. අපි බලාපොරොත්තු වුණේ නෑ මේ විදිහට වෙයි කියල. අපිත් බලාපොරොත්තු වුණේ මීට වැඩිය දෙයක් මේ රටේ යහපත වෙනුවෙන් වෙයි කියල. ඒ ගැන ඇත්තෙ කණගාටුවක්.

මේ තත්ත්වය යටතේ ඔබලාගේ ක‍්‍රියාමාර්ගය කුමක්ද?

අපිට ඉදිරියට මේ රජයට විරුද්ධව කතා කිරීමට සිදුවෙනවා. රජය හොඳ දෙයක් කරනවා නම් රජය සම`ග ඉන්නවා. කොයි රජය සම`ගවත් අපි යාළු මිත‍්‍රකම් පැවැත්වීමේ අදහසක් නෑ.

ඔබ මේ දේශපාලන ව්‍යාපාරයෙදි කැපීපෙනෙන භූමිකාවක් කෙරුවා. ඔබ එයට පෙළඹුනේ, ඔබට ඒ සඳහා උවමනාවක් දැනුනේ ඇයි.
අපිට අවශ්‍ය රටට හොඳක් වෙනවා දකින්නයි. මට රජයකට හේත්තුවෙලා මොකුත් ලබා ගන්න අවශ්‍ය නැහැ. පුරවැසි බලයත් සම`ග ඉන්න ගොඩක් දෙනෙකුටත් එහෙමයි. මටයි, මගෙ පවුල්ටයි, දරුවන්ටයි ඇතිවෙන්න තියනව කියල නිකන් ඉන්න පුළුවන් කමක් නෑ. රටක් විදිහට ඉදිරියට යා යුතුයි. මට අවශ්‍ය හැම දෙයක්ම මට ලැබිලා තියෙනව. ඒ නිසා මම කතා කරන්න  ඕනෙ නැති බැරි මිනිස්සු වෙනුවෙන්. මේ අසාධාරණයට විරුද්ධව. ඒකට මට ශක්තියකුත් තියනව. ඒක නිසයි මම මේ සටනට ආවේ.

මේ රටේ ප‍්‍රධාන පක්‍ෂ දෙකටත්, සම්ප‍්‍රදායික වමටත් වැඩිය රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන් කණ්ඩායම ලෙස අපට පෙනෙන්න තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. එසේනම් මෙම සමාජ ව්‍යාපාරයේ පෙරගමන් කරුවන් වශයෙන් ඔබලා සහයෝගය දියයුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නේද? ජනතා විමුක්ති පෙරමුණ වටා ජනතාව ගොනුවීමක් දකින්න ලැබෙන්නෙත් නෑ. ජනතාව එතනට යොමු කිරීමට බුද්ධිමතුන්ගෙ මගපෙන්වීමකුත් දකින්න නැහැ.

ඔවුන් ජාතික සමගිය වෙනුවෙන් කරන ක‍්‍රියාමාර්ගයේ දී, ජනතා විමුක්ති පෙරමුණත් සම`ග මම ඉන්නවා . මම ගොඩක් කැමතියි ජනතා විමුක්ති පෙරමුණේ ඒ වැඩ පිළිවෙලට. මම ඔවුන්ගේ වැඩ සටහන් වලට ඉතාමත් කැමැත්තෙන් සහභාගි වෙලා තියෙනව. ඔවුන් ජාතික සමගිය වෙනුවෙන් කරන වැඩ කොටස මම අගය කරනවා. එතෙන්දි මම ඔවුන් එක්ක පෙළගැහිලා ඉන්නවා. ඔවුන්ගෙ අනෙක් දේශපාලනය ගැන මට එච්චර දැනීමක් නැහැ.

ඔවුන් තමයි මුලින්ම කදිරගාමර් මහත්තයා අගමැති කරන්න කියල යෝජනා කෙරුවෙ. කදිරගාමර් මහත්තය යෝජනා කරපු වෙලාවෙත් ජාතිවාදීන් කීදෙනෙක් ඊට විරුද්ධ වුණාද? එතුමා කොච්චර හොඳ පුද්ගලයෙක්ද? අපි හැමදාම මේක සිංහල මිනිස්සුන්ට විතරයි කියලා හිතාගෙන, අපිට විතරයි අයිතිවාසිකම් තියෙන්න  ඕනෙ කියල හිතා ඉන්න දේවල් තුළින් අපිට ඉදිරියක් දකින්න ලැබෙන්නෙ නෑ. අපි හැමෝම එක හා සමානයි කියල හිතුවොත් තමයි අපිට ඉදිරියක් තියෙන්නෙ.

අවුරුදු ගණනක්, රජයන් කීපයක් මාරුවෙන් මාරුවට මේ රට පාළනය කෙරුවත්, රටේ ජාතික සමගිය ඇතිකරන්න බැරිවෙලා තියෙනව. මේක ඇතැමුන්ට දේශපාලන වාසි සඳහා පාවිච්චි කරන බවක් පෙනෙන්න තියෙනව.

ජාතීන් අතර ගැටුම් ඇතිකරල දේශපාලන වාසි ලබාගන්න එක ඉතාම නින්දිත, පහත්. අධම වැඩක්. මේ රටේ හැමෝම එක හා සමානව සලකන්න  ඕනෙ. ජාතීන් වශයෙන් සිංහලද, දමිලද, මුස්ලිම්ද, මැලේ හෝ වෙනත් කොට්ටාසයක්ද කියල වර්ගී කරණයක්වත්. විශේෂ සැලකිල්ලක්වත් අවශ්‍ය නෑ. බුද්ධාගමද, කතෝලිකද, මුස්ලිම්ද කියලා වර්ගීකරණයක් අවශ්‍යත් නැහැ. හැමෝම මේ රටේ සම අයිතිවාසිකම් තියෙන පුරවැසියො හැටියටයි සලකන්න  ඕනැ. එතකොට තමයි රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන්. බුදු දහමේ උගන්වන්නෙත් ඒකයි. සමානාත්මතාවය. සහජීවනය. එහෙම හිතුවොත් තමයි අපිට පිනක්, ශක්තියක් ලැබෙන්නෙ. එවැනි රටක් තමයි අපි ඉදිරියෙදි බලාපොරොත්තු වෙන්නෙ.

ඔබ ජාතික සමගිය වෙනුවෙන් උනන්දුවෙන් කතාකිරීම සතුටක්. ඔබේ මාධ්‍යය තුළින්, ගීතයෙන් ප‍්‍රශංග කලාව තුළින් ඒ සඳහා යම් දායකත්වයක් දෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?

ගීතයෙන්, ප‍්‍රසංග කලාවෙන් මේ ගැන කතාකරන කණ්ඩායම් දැනටමත් අපිට ඉන්නව. අපේ වැඩසටහන් තුළත් දේශපාලනය යම් යම් අයුරකින් ගැබ්වෙලා තියෙන්න පුළුවන්. අපි අතින් දේශපානය සඳහාම දේශපාලන ගීතයක් නිර්මාණය කරනව වගේ දෙයක් කෙරෙන්නෙ නෑ. අවස්ථාව අනුව යමක් කෙරුණත්, සම්පූර්ණයෙන්ම දේශපාලන කණ්ඩායමක් වශයෙන් අපේ ගීතය, ප‍්‍රසංග කලාව හඳුන්වනවාට මම කැමති නෑ.

මේ වෙනකොට අනෙක් ප‍්‍රශ්න ටිකක් යටයමින් ජිනීවා ප‍්‍රශ්නය කරළියට ඇවිත් තියෙනව. ඒ පිළිබඳව මේ වනවිට සංවාදයක් තියෙනවා. එතනදි පිරිසක් කියනවා මානව හිමිකම් උල්ලංගනය වීම පිළිබඳව සෙවීමට විදේශීය මැදිහත් වීමකින් තොර, සම්පූර්ණ දේශීය යාන්ත‍්‍රණයක් අවශ්‍යයි කියල. තවත් පිරිසක් කියනවා මෙයට විදේශ මැදිහත්වීමක් අවශ්‍යයි කියල.  මේ පිළිබඳ ඔබේ අදහස?

මේක දේශීය වශයෙන් පමණක් කෙරුවොත් එහි විශ්වසනීයත්වය පිළිබඳව ගැටළුවක් ඇති වෙන්න පුළුවන්. අපිට වාසිසහගත අයුරින් කටයුතු කෙරුවා කියල මතයක් ඇති වෙන්න පුළුවන්. අපි වරදක් කරලා නැත්නම් අපි බය වෙන්න අවශ්‍ය නැහැ. දේශීය හා විදේශීය යාන්ත‍්‍රණයකින් මේ පරීක්‍ෂණ සිදුවෙනව නම් එහි විනිවිද භාවයක් තියෙනව. කාටවත් ඇ`ගිල්ල දිගුකරන්න බෑ වැරැුද්දක් සිදුවුණා කියල.

ඉස්සර කැසට් පට, සී.ඞී. තැටි නිර්මාණය කරන කණ්ඩායම් රැුසක් හිටියා. ඒවාට හොඳ ඉල්ලූමක්, වෙළඳපොළක් තිබුණා. එය වෘත්තියක් කරගත් සැලකියයුතු පිරිසක් හිටිය. දැන් එම තත්ත්වය දකින්න නැත්තේ ඇයි? ව්‍යාජ කැසට්පට  කැසට්පට නිකුත්කරන හොර ව්‍යාපාර බිහිවීම එයට හේතුවක්ද? නැත්නම් එයට හේතුව කුමක්ද?

ඒකත් මේ රටේ පිළිවෙලක් නැති කම, සිස්ටම් එකක් නැතිකම නිසා ඇතිවුණ දෙයක්. සිස්ටම් එකත් තිබුණ නම් එහෙම ව්‍යාජ නිර්මාණ කරන්න ඉඩක් නැහැ. අපි උත්සාහ කරන්නෙ සිස්ටම් එකක් ඇති කරන්න. සිස්ටම් එකක් ඇති වුණොත් හැම දෙයක්ම පිළිවෙළකට වෙයි. දැනට සිස්ටම් එකක් නෑ.

මාර්තු 12 ව්‍යාපරය තුළිනුත්, පුරවැසිබලය වේදිකාවෙත්, රටේ බුද්ධිමතුන් හා විවිධ මාධ්‍යයන් ඔස්සේත් මහ මැතිවරණයට පෙරාතුව නිතරම කිව්වේ දේශපාලනයට සුදුස්සන් එවන්න. නුසුදුස්සන් එවන්න එපා කියන කරුණ. ඒක එහෙම වෙලා තියෙනවද?

නෑ. ජනතාව මෙවරත් ඒ වැරැුද්ද කෙරුවා. ළ`ගදි එක්තරා පළාත්සභා මන්ත‍්‍රීකෙනෙක් පොලිස් නිලධාරියෙක් තල්ලූ කරලා දානවා, රාජකාරි කරද්දි. කොච්චර කැතද එම සිදුවීම. එයට ජනතාවත් වැරදි කාරයො. ඒ වගේ පුද්ගලයන්ට දේශපාලනයට එන්න ඡුන්දය දුන්න එකට. ඔහු මීට කලින් ඡුන්දයකදි ආව කෙනෙක්. ජනතාව එතනදි වැරැුද්දක් කරල තියෙනව. මම ඉහත කීව පළාත් සභාමන්ත‍්‍රීවරයා විතරක් නෙමේ ඊටත් වැඩිය දහ ජරා වැඩකරන පිරිසක් මේ සැරේ දේශපාලනයට ඇවිත් තියනව. කවුද මේ වැරැුද්ද කෙරුවෙ. ජනතාව තමයි මේ වැරැුද්ද කෙරුවෙ. ඉදිරියෙදි හරි මේ ගැන ගැඹුරින් කල්පනා කරලා ජනතාව කටයුතු කරයි කියල මම හිතනව.

ජනතාව වැරදි පුද්ගලයන් පාර්ලිමේන්තුවට එවල රටට සුභවාදි දෙයක් බලාපොරොත්තු වෙනව. මේ අය පාර්ලිමේන්තුවට එවල රටට ඉදිරියක් බලාපොරොත්තු වෙන්න බෑ. නීතියට ගරුකරන, නීතියත් එක්ක අත්වැල් බැඳගෙන යන පිරිසක් දේශපාලනයට එවන්න  ඕනැ. එහෙම ක‍්‍රමයක් හදන්න  ඕනැ. ජනතාව විසින්ම චණ්ඩියන්, නූගතුන්, ¥ෂිතයන්, මිනී මරුවන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට පත්කරල එවනව නම්, ඒකෙ ඵලවිපාක විඳින්නෙත් ජනතාවමයි.

ඇයි ජනතාව මෙහෙම පුද්ගලයන් පාර්ලිමේන්තුවට එවන්න පෙළඹෙන්නෙ? ඇයි ජනතාව අතරට එම පණිවිඩය ගියෙ නැත්තෙ?
ඔවුන් මාධ්‍යය හරහා දෑවැන්ත චරිත බවට පත් කරනවා. ඔහුන් හොඳින් හෝ නරකින් උපයන ලද මුදල් මේ දේශපාලන ව්‍යාපාරයට ආයෝජනය කරනව.  ඔවුන්ට ටකරන් ටිකක්, ප්ලාස්ටික් පුටු ටිකක් දුන්නම, එහෙමත් නැත්නම් ළමයව ඉස්කොලෙට දාලා දුන්නම ජනතාව ඔවුන්ට ඡුන්දෙ දෙන්න පෙළඹෙනව. මම කියන්නෙ එහෙම කරන්න එපා. ඒවා නිසා තමයි මේ රටේ නීතිය අන්තිම අඩියටම වැටුණෙ. මම ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඡුන්දය දෙනකොට කල්පනා කරලා බලලා සුදුසු කෙනාට දෙන්න කියල. කවුද සුදුස්සා කියල හොයල බලල ඡුන්දය දෙන්න.

මෙවර මහ මැතිවරණය පසුගිය මැතිවරණ වලට වඩා ගොඩක් සාධාරණව පැවැත්වූ බව පෙනෙන්න තියෙනවා. එය යම් ඉදිරිගමනක පූර්වාදර්ශයක්ද? ඒ ගැන ඔබේ අදහස.

ඒ ගැන සතුටු විය යුතුයි. මෙවර ඡුන්දදායකයට නිදහසක් තිබුණා නිදහසේ ඡුන්ද පොළට යන්න. කටවුට් වලින් ලංකාව වහගත්තෙ නෑ. මාධ්‍ය වුවත් බොහෝ දුරට සාධාරණ විදිහට කටයුතු කෙරුවා. මැතිවරණ කොමසාරිස්තුමා අපක්‍ෂපාතීව කටයුතු කිරීම අගය කළ යුතුයි. එහෙම සාධාරණ කටයුතු කරපු නිසා තමයි අපිට පසුගිය රජය පරාජය කරගන්න ලැබුණෙ. මැතිවරණ කොමසාරිස් පක්‍ෂග‍්‍රාහී කෙනෙක් වුණානම් මේ සටන ලේසි නෑ. අද රටේ හයපතට ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනව. ඒක මැතිවරණ කොමසාරිස්තුමාගේ අපක්‍ෂපාතීත්වය බලපෑවා කියල කියන්න පුළුවන්.

ඔබට යම් දේශපාලන පක්‍ෂයක් ඍජුවම දේශපාලනයට සම්බන්ධ වෙන්න ආරාධනා කළොත් මොකක්ද ඔබ ගන්න තීරණය.
දේශපාලනයට එන්න  ඕනැ සුදුසුකම් තියෙන මිනිස්සු. මට නම් සුදුසුකම් නෑ. මම සිංදුවක් කිව්ව කියල මම දේශපාලනය කරන්න සුදුස්සෙක් වෙන්නෙ කොහොමද? ඒක තේරුම් ගන්නෙ නැතිඑක තමයි ලොකුම වරද්ද. දැනටත් වැඩිය ඉන්නෙ සුදුසුකම් නැති එවුන්.
පාර්ලිමේන්තුවෙ නෙමේ සංස්ථාවක හෝ ආයතනයක වැඩක් හරි බාරගන්න නම් මම ඒ ගැන දැනගෙන ඉන්න  ඕනෙ ඉස්සෙරවෙලාම. සේරටම පළමුව මොවුන් දැනගන්න අවශ්‍යයි තමන් නොදන්නා බව. අද තියෙන තමන් ලොකුම වරද තමයි නොදන්නා බව නොදැනීම. ගොඩක් දෙනෙක් දේශපාලනයට යන්නෙ ඒ ගැන දැනගෙන නෙමේ. මොකක්හරි ගසාකෑමක් සම්බන්ධ වැඩකට. එහෙම නැතුව රට හදන්නවත් වෙන මොහොකටවත් නෙමෙයි. තනිකරම හොරකම සඳහායි. ඒක මම හොඳටම දන්නවා. එහෙම ආව උදවියගෙන් රටට වෙලා තියෙන්නෙ සේවයක් නෙමෙයි හානියක්. මම ගියත් වෙන්නෙ රටට හානියක්. මොකද මමත් දන්නෙ නෑ. ඒකයි මම දේශපාලනයට යන්නෙ නැත්තෙ. මමත් ඒ ගැන දැනුමක් තිබුණනම් මමත් ගිහින් රටට සේවයක් කරනව. කූමාර සංඝක්කරලා වගේ දැන උගත් උදවිය දේශපාලනයට එන්න අවශ්‍යයි.

සමහර රටවල් තියෙනව පොලීසියට බැඳෙන්න ඩිග්රි එකක් (උපාධියක්* තියෙන්න  ඕනැ. ඒ රටවල ඒ තරම් සුදුසුකම් බලනවා, යම් තනතුරක් බාර දෙන්න. අම්මා, තාත්තා, සීයල, මුත්තල දක්වා බලනවා අපරාධවලට සම්බන්ධද කියල.  ඒව තමයි පිලිවෙලවල්. අපේ රටේ ධර්මය පෙන්නගෙන, ධර්මිෂ්ටයි කියල කියාගෙන කරන්නෙම බොරුව. හොරකම. සුදු ඇඳගෙන, මල්වට්ටි උස්සගෙන කරන්නෙම හොර වැඩ.

ජනතාවත් බලන්නෙ මොනව හරි කරල හම්බකරන්න. නීතිය තමන් අතට ගන්න. නිතිය කා අතටවත් ගන්න බෑ. රටේ නීතියක් තියනව. පොලීසියක් තියනව. රටේ ක‍්‍රියාත්මක කළයුතු ආකාරයක් තියෙනව. ඒ පිලිවෙලට ඒව කෙරෙන්න  ඕනැ. එහෙම නැතුව වැඩ කරන්න ගියහම තමයි මේ ඔක්කොම විනාශ ඇති වෙන්නෙ.

ඔබත් ක‍්‍රියාකාරිකයකුවන, පුරවැසි බලය යහපත් කරුණු කාරණා ඉදිරිපත් කරනව. රැුස්වීම් තියනව. ජනතාව දැනුම්වත් කරනව. ජනතාවගේ ප‍්‍රශ්න ජනාධිපතිතුමාට ඉදිරිපත් කරනව. අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවට ඉදිරිපත් කරනව. ඔබලාට, පුරවැසිබලයට ජනාධිපතිතුමාත්, රජයත් ඇහුම්කන් දෙනවද?

ජනාධිපතිතුමාගේ යොමුවීමක් තිබුණා. අපි බලන්නෙ ඒක දිගයටම තියාගන්න. අපි කියන්නෙ අපේ හඬට, ජනතා හඬට ඇහුම්කන් දෙන්න. එහෙම නැති වුණොත් සිද්ධ වෙන්නෙ පසුගිය රජයට සිද්ධ වුණ දේම තමයි. මෙයාලටත් ඒ වගේම බරපතල ලෙස පරාජයක් අත්විඳින්න වෙයි.

පුරවැසි බලය, ඔබලා මහින්ද රාජපක්‍ෂ රජයට විරුද්ධ වුණා. ජනතාවක් රාජපක්‍ෂ පාළනයට එරෙහිව පෙළ ගැසුණා. මේ රජයත් වැරදි කෙරුවොත් ඔබලා, මේ රජයටත් විරුද්ධව පෙළ ගැසෙනවද?

අනිවාර්යෙන්ම අපි පෙරමුණ ගන්නවා. ජනතාව පෙළ ගස්සනවා.   පසුගිය රජයට විරුද්ධව ජනතාව පෙළ ගැසුනේ ඔවුන් කරපු ¥ෂණය, කොමිස් ගැහිල්ල, මහා පරිමාණ මුදල් මංකොල්ලය නිසා. රජයේ මුදල් කොතරම් අයථාවිදිහට පරිහරණය කරල තියෙනවද? කෝටි ගණන් මුදල් හිතුමතේ කාබාසිනියා කරල තියෙනව. ඒවට වන්දි ගෙවන්න  ඕනෙ ජනතාව. මේ ගසා කාලා තියෙන්නෙ රටේ සල්ලි. මෙහෙම කෙරුවොත් කොහොමද ජනතාවට සෙත සලසන්නෙ.

දේශපාලනයට එන්න මට අධ්‍යාපනයක් නෑ. දැනුමක් නෑ. තමන් නොදන්න බව නොදන්න එකයි අද දේශපාලකයන්ගෙ තියෙන ලොකුම වැරැුද්ද.

රටේ ඉදිරි යහපත සඳහා මේ දේවල් ක‍්‍රියාත්ම කෙරුවොත් හොඳයි කියල ඔබේ යම් අදහසක්, යෝජනාවක් තියෙනවද?

අදට ගැලෙපෙන නීති සම්මත කරගත යුතුයි. සියළු කටයුතු පිළිබඳව විනිවිද භාවයක් තිබිය යුතුයි. සියලූ ජාතීන්ට සම අයිතිවාසිකම් දිය යුතුයි. විධායක ජනාධිපති සතු සියලූ බලතල ඉවත් කළ යුතුයි. ඒවා රටට හානිදායකයි. මේවා කරපු දාට අපේ රටත්, දියුණු විදේශ රටවල් වගේ දියුණුවක් ලැබෙයි. අපිට කෙළින් හිටගන්න ශක්තියක් ලැබෙයි. ඒක වෙන්න නම් ජනතාව එකා වගේ සිතිය යුතුයි. එහෙම නැතුව නම් මේක කවදාවත් ගොඩනගන්න බෑ. හැම ජාතියක්ම එකාවගේ පිළිගත යුතුයි. අපි ශක්තියක් ලබන්නෙ කොහාමද, වෙනකාටවත් ශක්තියක් නොදී.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *