හරියට වැඩේ කරලා බැණුම් ඇහුවට කමක් නෑ – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

නිකම් දේශපාලනය කතා කරලා එක එක්කෙනාට බැනලා මේ වැඩේ කරන්න බැරිනම් දේශපාලනය වැඩක් නෑ. බැරිනම් වහන එක කමක් නෑ. බැනුම් අහන එක කමක් නෑ හරියට වැඩේ කරලා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළේ මුතුරාජවෙල අභිනවයෙන් ඉදිකළ ලිහිසි තෙල් කර්මාන්ත ශාලාව විවෘත කිරීමට සමගාමීව පැවති ජනහමුවේදීය.

යුද්දෙ ඉවර වුණා කියලා අපි ඉදිරියට ගියේ නැහැ.  නව ආර්ථිකයකට ගියේ නෑ. පාරවල් හදන, යටිතල පහසුකම් ණය අරගෙන හදන්න තමයි අපි බලාපොරොත්තු වුණේ. හැමදාම ඒකෙන් ජීවත් වෙන්න බැහැ. රටක් ගෙනියන්න බැහැ. 2014 වෙන කොට මේ රටට ණය ගන්න ශක්තියක් තිබුණෙ නැහැ. අපිට ණය දෙන්න ශක්තියක් තිබුණෙ නැහැ. අන්න එහෙම අවස්ථාවකදි තමයි ආණ්ඩුවක් අපි භාරගත්තෙ. දැන් ආර්ථිකය හැදිලා එනවා. තවත් අපිට ණය ගන්න තියෙනවා. ඒත් අපිට ණය ගෙවන්න පුළුවන්. ගිය මාස දෙකේදී අපිට ඩොලර් මිලියන 2000ක් වුවමණා වුණා. අද ඒ ඩොලර් මිලියන 2000 ලන්ඩන්  නිව්යෝක් වලින් ඉල්ලනවා.

සමහරු කිව්වා, එහාට යන්න එපා පාස්කු බෝම්බයෙන් පස්සේ සල්ලි හම්බ වෙන්නෙ නෑ කියලා. තාම ඒ වැඩ කටයුත්ත අවසන් වෙලා නෑ. ඇමරිකාවේ වෙළඳ පොලවල් වහලා නෑ. එන ආරංචි අනුව බොහෝ දෙනෙක්  පුදුම වෙනවා කීදෙනෙක් ලංකාව කෙරෙහි විශ්වාසය තිබ්බද කියලා මේ පාස්කු ඉරිදා බෝම්බෙන් පස්සේ. අපේ තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් බලාපොරොත්තු වෙනවා. අපි ඒක දෙන්න ඕනැ.

නිකම් දේශපාලනය කරලා, එක එක්කෙනාට බැනලා මේ රජය කරන්න බැරිනම් දේශපාලයෙ ඉඳලා වැඩක් නෑ. බැනුම් අහන එක කමක් නෑ හරි දේශපාලනය කරනවා නම්.  

ඊළඟ පියවර මේ රටේ ඊළඟ අවුරුදු පහේ දි සීඝ්‍ර ආර්ථික නවීකරණයක් ඇති කරන්න. මේවයෙ තාක්ෂණය පදනම් කරගත්ත කාර්මාන්ත ගේනවා. මෙතන අවුරුදු පහක් වැඩ කළායින් පස්සේ ලොකේ ඕන තැනකට යන්න පුළුවන්. මෙහෙම හෝටල් ඇති කරන්න. තොරතුරු තාාක්ෂණයට අයිති සේවාවන් ඇති කරන්න. කොළඹ වරාය දියුණු කරලා මේ කලාපයේ ප්‍රධානම ප්‍රවාහන මධ්‍යස්ථානය කරන්න. මේක තවත් සීඝ්‍රයෙන් ගේන්න ඕනැ නිසා අපි තීරණය කළා මේකට විශාල බාදකයක් වුණ ඌණ ක්‍රියාකාරකම් පුනරුදය කරන පනත අහෝසි කරන්න. දැන් එනවා අලුත් අයෝජකයන්. අපි දැන් ලෑස්තිවෙන්න ඕනැ අවුරුදු පහක් සීඝ්‍රයෙන් යන්න. ජේ.ආර්. ජනාධිපතිතුමා කළා වගේ මෙතැන්ට ඇක්ස්ලේටර් එක පාගලා යන්න.

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *