තව මාස හතරකින් ඡන්දයක් ති‍යෙනවා :අත්හදා බැලීම් කරන ‍වෙලාවක් ‍නෙ‍මෙයි ‍මේක‍ – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

තව මාස හතරකින් ඡන්දයක් ති‍යෙනවා අත්හදා බැලීම් කරන ‍වෙලාවක් ‍නෙ‍මෙයි ‍මේක‍. විපක්ෂ නායක තුමා එ‍සේ පැවසු‍යේ, හඟුරන්‍‍කෙත මාද‍වෙල රාජමහා විහාර‍යේ රන් පත්ඉරුවකට අත්සන් තැබී‍මෙන් අනතුරුව මාධ්‍යදෙමින් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු ‍දෙමිනි.

මාධ්‍ය නැගු ප්‍රශ්න හා පිළිතුරු ‍මෙ‍සේය –

ප්‍රශ්නය – ජනාධිපතිතුමා කියනවා, 18 වන හා 19 වන ව්‍යවස්ථා සං‍‍ශෝධන හානිකරයි කියලා කියනවා?

පිළිතුර – මට ‍තේරු‍ණේ නැහැ 18 ති‍යෙන හානිය. 19 හානියක් ති‍යෙන බව ‍තෝරාගැනීම ගැන එතුමාට ස්තූතිවන්ත ‍වෙන්න ඕනැ. දැනටත් පරක්කු වැඩියි. තව මාසහතරකින් මැතිවරණයක් ති‍යෙනවා. ‍වෙලාවක් නැහැ ඒවා ‍වෙනස් කරන්න. අත්හදා බලන යුගයක් ‍නෙ‍‍මෙයි ‍මේක.

ප්‍රශ්නය – ‍වෙනස් කරනවා නම් ‍මොකක්ද ක්‍රම‍වේදය?

පිළිතුර – පාර්ලි‍මේන්තු‍‍‍‍‍වෙ තු‍නෙන් ‍දෙකක ඡන්දයක් අර‍ගෙන ව්‍යවස්ථාව ‍වෙනස් කරන්න ඕනැ. එ‍හෙම කරන්න බැහැ‍නේ. දැන් ‍නො‍කෙ‍රෙන ‍දේවල් කතා කරලා වැඩක් නැහැ.

ප්‍රශ්නය – අ‍ගෝස්තු 11 වැනිදා ‍පොදු ජන එක්සත් ‍පෙරමු‍ණේ ජනාධිපති අ‍පේක්ෂකයා නම් කරනවා කියලා උදය ගම්මන්පිල මහතා මහනුවරදි කිව්වා?

පිළිතුර – ඔව්. ‍වෙන්න පුළුවන්.

ප්‍රශ්නය – ඉඟියක් ‍දෙන්න පුළුවන්ද?

පිළිතුර – එදාට කරයි.

ම‍නෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *